වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
මල්වරය හා වත් පිළිවෙත්
මැයි 3, 2019
දැරියකට උදාවෙන මංගල්‍ය අතරින් රැකගත යුතු නාවා නැකතට ගෙටගතයුතු මංගල්‍යයකි කොටහළු හෙවත් මල්වර මංගල්‍යයය.
මෙය දැරියගේ ජීවිතයේ ඉදිරිඅනාගතය සැපවත් කරන නිරෝගී කරවන මහඟු අවස්ථාවකි. එබැවින් මල්වරයේ දී ඉටු කළ යුතු වත් පිළිවෙත් ගැන දෙමව්පිය වැඩිහිටියන් මනා අවබෝධකින් කටයුතු කළයුතු අතර දැරියට යම් අවබෝධයක් ලබාදිය යුතු ය.
අපේ ජනසමාජයේ බොහෝ විට ගෙටවීමේ නැතහොත් මල්වරවීම පිළිබඳ කටයුතු එදා සිට පැවත ආ වත්පිළිවෙත් අනුගමනය කරමින් සිදු කරනු ලැබීය. මේ නිසා ඔවුන්ට නිරෝගීතාවය මෙන්ම සැපවත් ජීවිතයකට අවස්ථාව ලැබිණ. එදා මල්වරවීමට ආසන්න දැරිය ගැන දෛවඥවරයකුට ජන්ම පත පෙන්වා දිනවකවානු දැනගත්හ. ඒ අනුව දැරියට ලබා දිය යුතු උපදෙස් මෙන්ම ආරක්ෂාවද ලබාදුන්හ.
මල්වරයේ දී පළමුව සිදුවන රජස් වීම කිල්ලක් ඇතිවන බවත් එම මල්වර කිල්ල දින පහළොවක් පමණ පවතින බැවින් ඉන් පසු මාසික රජස්වීම ස්නානය කරන තෙක් පවතින බැවින් දැරිය හොඳින් රැක බලාගත්තාය. මල්වර කාලසීමාවේ දී විශේෂයෙන් දැරිය තනිනොකොට තෙල්කෑම, පුළුටුකෑම, මස් මාංශ, බිත්තර, කිළිමාළු නොදීමෙන් රැක බලාගත්තේ බෙහෙවින් දැරියට අමනුෂ්‍ය දෝෂ, යක්ෂ භූත, ප්‍රේත, පිසාදීන්ගේ ඇල්ම බැල්ම ඇතිවේ යැයි කියන හේතුවෙනි. ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සලකන මල්වරවීමේ අවස්ථාව එදා ජන සමාජය බෙහෙවින්ම ආරක්ෂා කරගත්හ. මල්වරවීම නැතහොත් කොටහළු වීමේ දී කිලි තහංචියක් ලෙස සලකා නොයෙකුත් ආහාර වර්ග නුදුන්හ. ඒ අනුව තෙලෙන් බදින ලද ආහාර පුළුස්සන ලද ආහාර, මස්, මාළු වර්ග මෙන්ම කිලියැයි සලකන සියලුම ආහාරවර්ගද ගෙදරට පවා නොගත්හ. එළවළු අතර අළුකෙසෙල්, අළු පුහුල්, ද නුදුන් අතර මෝර මාළු, තෝර මාළු, මගුරු මාළු මෙන්ම මස්, ඌරු මස් ද කිළි ආහාර ලෙස දැරියන්ට නුදුන්හ. එමෙන්ම කිරිවර්ග, බිත්තර, මිටිකිරි යෙදූ ආහාර ද නුදුන් අතර දියකිරි යොදා පිසූ පතෝල වැටකොළු ආදී එළවළු සහිත බත් කෑමට සූදානම් කළ අතර කායම් හොද්ද මිරිස් අඩුවෙන් යෙදූ මිරිස් හොදි ලබාදුනි. මෙසේ කෑම වර්ගවලින් දැරිය ආරක්ෂා කළේ යම් යම් ශාරීරික ආබාධවලින් වළක්වා ගැනීමට හා පළමු රුධිරය වහනය හේතුකොට යම් නොසලකා හැරීමක් වුවහොත් අමනුෂ්‍ය උපද්‍රවලට හේතුවක් වන නිසාත් ය.
ප්‍රවේසම් වියයුතු ප්‍රවේසම් කළයුතු මල්වර දැරිය යම් හෙයකින් ඒ දිනයන්හිදී තෙල්කෑම තෙල් බැදුම් කෑම මෙන්ම කිළියැයි සඳහන් කෑම තහංචියකින් තොරව කෑමෙන් යම් අමනුෂ්‍ය දෝෂ කළුකුමාර දිෂ්ටිය හේතුවෙන් ඔසප් කාලයේ දී අධික උදර වේදනාව, යටි බඩේ වේදනාව, ක්ලාන්ත ගතිය, වරින්වර ඇතිවන හිසකැක්කුම මෙන්ම කෑම අපි්රයතාවයද ඇතිවිය හැකිය. මල්වරයේ දී සිදුවන යම් දෝෂ හේතුවෙන් මතුකාලයේ දී ශරීරය වැහැරී රූප ශෝභාවද අඩුවේ. තෙල් බැදුම් කෑමට නිතර නිතර පි‍්‍රය වේ. අවේලාවන්හිදී සක්මන් කිරීමටත් වැඩිහිටි අවවාද නුුරස්සන ගතියකුත් පිළිබිඹු වේ. එවැනි අසාමාන්‍ය තත්ත්වයන් ඇතිවිට සිහිනෙන් බියවීම්, සුළු දෙයකට පවා තැති ගැනීම් ආදියද දැකගත හැකිය. මෙවැනි දැරියන්ට ඇඹුල් පහ මතුරාදීම සුළු ශාන්තිකර්මයක් කිරීම ආරක්ෂා කිරීම් තුළින්ද දෝෂ මග හරවා ගත හැකි ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පාරම්පරික ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ
ඡ්‍යොතිර් විද්‍යාවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි මොරටුවේ
තිස්ස මහානාම
සටහන
එස්.එස්. ප්‍රනාන්දු
෴ සබැඳි ලිපි ෴
මෙය 1554 ප්‍රංශයේ මාරේසෙල්ස් නගරයෙහි එක්තරා වීදියකි. පාළුවට යමින් තිබූ වීදිය ඔස්සේ අසීරුවෙන් ඇවිද ආ මිනිසකු තම සිරුරේ මුළු ශක්තියම මුදා හරින අයුරින්...
2024-07-04 18:30:00
ශිවගේ සියලුම විලාශ අතර ඔහුගේ නෘත්‍යමය විලාසය දකුණු ඉන්දියාවේ අතිශයින් ප්‍රචලිතය. ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති රාශියක් නටරාජ ප්‍රතිමා අනුව එම ආකාරය...
2024-06-27 18:30:00
ඉදුණු කෙසෙල්වල ආයුර්වේද ඖෂධීය ප්‍රයෝජන සහ ප්රතිලාභඅමු කෙසෙල් යනු ඛනිජ ලවණ, විටමින් සහ කාබෝහයිඩ්රේට ගබඩාවකි. එහි පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්,...
2024-06-27 18:30:00
මාගේ ජංගම දුරකතනය අක්‍රිය කර ඇති විටක සුබසෙත පුවත්පතින් ඇමතුමක් ලැබී ඇති බව ජංගම දුරකතනය සක්‍රිය කළ විට ආ ඉර්ඉ පණිවිඩයක් මඟින් මා දැනුවත් කළ හෙයින්...
2024-06-27 18:30:00
සියලු වත්පිළිවෙත් අවසන් කළ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් තම රියදුරු සමඟ මාතර දෙවුන්දර අයකු ගේ ශාන්ති කර්මයක් සිදු කිරීමට තම දායකකාරකාදීන් පරිත්‍යාග කළ...
2024-06-27 18:30:00
තඹ පත්‍රයක් රත්රන් වතුරේ දමා සකස්කර පළල, දිග 1ට 5 හෝ 2ට10 හෝ ප්‍රමාණයට ඉරි නොකැපෙන සේ යන්ත්‍රය ඇඳගන්න.යන්ත්‍ර සටහනේ ලියා තිබෙන අංක 7 සඳහන් කර...
2024-06-27 18:30:00
ඇමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ දුප්පත් පවුලක 1877 මාර්තු 18 උපන් එක්තරා පිරිමි ළමයෙක් අසීමිත ලෙස බයිබලය කියවීමට යොමු වී සිටියේය. සම වයසේ පිරිමි ළමයින්...
2024-06-27 18:30:00
ජූනි 29 වැනිදා මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 2වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූනි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා කටක...
2024-06-27 18:30:00
යම් පුද්ගලයකුගේ නායකත්ව ගුණාංග, ආත්මාභිමානය, අධිෂ්ඨානය ඉවසීම, ජීවිත අභිලාශයන් සහ ඒ පිළිබඳව ඇති උනන්දුවේ තත්ත්වය සමාජීය දේශපාලන සහ ආගමික කටයුතු...
2024-06-20 18:30:00
ග්‍රහ අපල රෝග පීඩා, අසමගිතාවය දුරුකොට සෙත ශාන්තිය හා නීරෝගිතාවය උදා කෙරෙන බෝධිපූජාවන් පැවැත්විය යුත්තේ කැපවීමෙන් හා මනා විශ්වාසයකින් යුතුව ය. තමන්...
2024-06-20 18:30:00
ගුවනෙහි පොසොන් සඳපායන අයුරු පෙනේ පන්සල වෙහෙර බෝමලුවෙහි සිසිල දෙතේ බැලු බැලු හැමතැනම බුදුගුණ මිහිර දැනේ පැතිරෙයි දසත අනුබුදු නා සමිඳු ගුණේ තුරුලිය...
2024-06-20 18:30:00
විවාහය සඳහා සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීමේදී දෙදෙනාට සමගියෙන් සාමයෙන් කටයුතු කළ හැකි වේද? දෙදෙනාගේ අදහස් ගතිපැවතුම් කෙසේ වේද? තම අදහස් අනුවම කටයුතු...
2024-06-20 18:30:00
සිංහල අපේ දරුවෙක් මෙලොව එළිය දුටු විගසම උපන් වේලාවත් සමඟ හැකි ඉක්මනින් ඡ්‍යොතිෂ මාමා ළඟට යනවා. එයාගේ උපන් කේන්දරය හදාගන්න. එය ලැබුණු විස මූලික...
2024-06-20 18:30:00
ඕං ප්‍රාණ විරාක්ෂණ අම්මේ වා වා කවිරාජ දේවී අම්මේ වා වා අං ගං මෝහනී වීර භද්‍රකාලි අම්මේ වා වා ඕං සර්ව පිල්ලි නාරායන ස්වාමි දෙව දිෂ්ටි ශ්‍රීයා...
2024-06-20 18:30:00
සිරිලක් අඹරෙ පුර පෝ දින සමරනවා පොසොන් මසට බැති ගී හඬ රැව් දෙනවා මිහිඳු සමිඳු වැඩිය දිනේ සිහිවෙනවා පොසොන් උදාවට අපි දැන් සැරසෙනවා මිහින්තලා ගල් සෙවණේ...
2024-06-20 18:30:00
එය 1977 වසරේ පෙබරවාරි මස 21 වෙනිදාය. එදින පෙරවරුවේ අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝහි ගිනි නිවීමේ ඒකකයට ලැබුණු හදිසි දුරකථන ඇමතුමකින් කියවුණේ “...
2024-06-20 18:30:00