වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
මල්වරය හා වත් පිළිවෙත්
මැයි 3, 2019
දැරියකට උදාවෙන මංගල්‍ය අතරින් රැකගත යුතු නාවා නැකතට ගෙටගතයුතු මංගල්‍යයකි කොටහළු හෙවත් මල්වර මංගල්‍යයය.
මෙය දැරියගේ ජීවිතයේ ඉදිරිඅනාගතය සැපවත් කරන නිරෝගී කරවන මහඟු අවස්ථාවකි. එබැවින් මල්වරයේ දී ඉටු කළ යුතු වත් පිළිවෙත් ගැන දෙමව්පිය වැඩිහිටියන් මනා අවබෝධකින් කටයුතු කළයුතු අතර දැරියට යම් අවබෝධයක් ලබාදිය යුතු ය.
අපේ ජනසමාජයේ බොහෝ විට ගෙටවීමේ නැතහොත් මල්වරවීම පිළිබඳ කටයුතු එදා සිට පැවත ආ වත්පිළිවෙත් අනුගමනය කරමින් සිදු කරනු ලැබීය. මේ නිසා ඔවුන්ට නිරෝගීතාවය මෙන්ම සැපවත් ජීවිතයකට අවස්ථාව ලැබිණ. එදා මල්වරවීමට ආසන්න දැරිය ගැන දෛවඥවරයකුට ජන්ම පත පෙන්වා දිනවකවානු දැනගත්හ. ඒ අනුව දැරියට ලබා දිය යුතු උපදෙස් මෙන්ම ආරක්ෂාවද ලබාදුන්හ.
මල්වරයේ දී පළමුව සිදුවන රජස් වීම කිල්ලක් ඇතිවන බවත් එම මල්වර කිල්ල දින පහළොවක් පමණ පවතින බැවින් ඉන් පසු මාසික රජස්වීම ස්නානය කරන තෙක් පවතින බැවින් දැරිය හොඳින් රැක බලාගත්තාය. මල්වර කාලසීමාවේ දී විශේෂයෙන් දැරිය තනිනොකොට තෙල්කෑම, පුළුටුකෑම, මස් මාංශ, බිත්තර, කිළිමාළු නොදීමෙන් රැක බලාගත්තේ බෙහෙවින් දැරියට අමනුෂ්‍ය දෝෂ, යක්ෂ භූත, ප්‍රේත, පිසාදීන්ගේ ඇල්ම බැල්ම ඇතිවේ යැයි කියන හේතුවෙනි. ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සලකන මල්වරවීමේ අවස්ථාව එදා ජන සමාජය බෙහෙවින්ම ආරක්ෂා කරගත්හ. මල්වරවීම නැතහොත් කොටහළු වීමේ දී කිලි තහංචියක් ලෙස සලකා නොයෙකුත් ආහාර වර්ග නුදුන්හ. ඒ අනුව තෙලෙන් බදින ලද ආහාර පුළුස්සන ලද ආහාර, මස්, මාළු වර්ග මෙන්ම කිලියැයි සලකන සියලුම ආහාරවර්ගද ගෙදරට පවා නොගත්හ. එළවළු අතර අළුකෙසෙල්, අළු පුහුල්, ද නුදුන් අතර මෝර මාළු, තෝර මාළු, මගුරු මාළු මෙන්ම මස්, ඌරු මස් ද කිළි ආහාර ලෙස දැරියන්ට නුදුන්හ. එමෙන්ම කිරිවර්ග, බිත්තර, මිටිකිරි යෙදූ ආහාර ද නුදුන් අතර දියකිරි යොදා පිසූ පතෝල වැටකොළු ආදී එළවළු සහිත බත් කෑමට සූදානම් කළ අතර කායම් හොද්ද මිරිස් අඩුවෙන් යෙදූ මිරිස් හොදි ලබාදුනි. මෙසේ කෑම වර්ගවලින් දැරිය ආරක්ෂා කළේ යම් යම් ශාරීරික ආබාධවලින් වළක්වා ගැනීමට හා පළමු රුධිරය වහනය හේතුකොට යම් නොසලකා හැරීමක් වුවහොත් අමනුෂ්‍ය උපද්‍රවලට හේතුවක් වන නිසාත් ය.
ප්‍රවේසම් වියයුතු ප්‍රවේසම් කළයුතු මල්වර දැරිය යම් හෙයකින් ඒ දිනයන්හිදී තෙල්කෑම තෙල් බැදුම් කෑම මෙන්ම කිළියැයි සඳහන් කෑම තහංචියකින් තොරව කෑමෙන් යම් අමනුෂ්‍ය දෝෂ කළුකුමාර දිෂ්ටිය හේතුවෙන් ඔසප් කාලයේ දී අධික උදර වේදනාව, යටි බඩේ වේදනාව, ක්ලාන්ත ගතිය, වරින්වර ඇතිවන හිසකැක්කුම මෙන්ම කෑම අපි්රයතාවයද ඇතිවිය හැකිය. මල්වරයේ දී සිදුවන යම් දෝෂ හේතුවෙන් මතුකාලයේ දී ශරීරය වැහැරී රූප ශෝභාවද අඩුවේ. තෙල් බැදුම් කෑමට නිතර නිතර පි‍්‍රය වේ. අවේලාවන්හිදී සක්මන් කිරීමටත් වැඩිහිටි අවවාද නුුරස්සන ගතියකුත් පිළිබිඹු වේ. එවැනි අසාමාන්‍ය තත්ත්වයන් ඇතිවිට සිහිනෙන් බියවීම්, සුළු දෙයකට පවා තැති ගැනීම් ආදියද දැකගත හැකිය. මෙවැනි දැරියන්ට ඇඹුල් පහ මතුරාදීම සුළු ශාන්තිකර්මයක් කිරීම ආරක්ෂා කිරීම් තුළින්ද දෝෂ මග හරවා ගත හැකි ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පාරම්පරික ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ
ඡ්‍යොතිර් විද්‍යාවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි මොරටුවේ
තිස්ස මහානාම
සටහන
එස්.එස්. ප්‍රනාන්දු
෴ සබැඳි ලිපි ෴
මෙතෙක් කතාවසයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් පූජකයකු මෙන්ම සුව කරන්නෙකු ලෙසද පෙනී සිටිමින් අනුගාමිකයන් පිරිසක් ඇති කර ගනියි...
2024-11-21 18:30:00
කේ.ඩී. මනෝරී - පැල්මඬුල්ලප්රශ්නයවෛද්යතුමනි, මම පනස් අට වියේ පසුවන ගෙන් ගෙට යමින් මාළු විකුණන කාන්තාවක්මි. දැනට වසර දහයක පහළොවක විතර කාලයක පමණ...
2024-11-14 18:30:00
තමන් හට වින කෙටූ සතුරන් කෙරෙහි අසීමිත වෛරයෙන් පෙළෙමින් සිටි යකැදුරෙකි. හෙතෙම කල්යල් බලා තම මෙහෙයුමට අවශ්‍ය සැලසුම ක්‍රියාත්මක කළේ ය. එහි පළමුවැනි...
2024-11-14 18:30:00
මෙරට පමණක් නොව විදෙස් රටවල ද පිහිටි බෞද්ධ සිද්ධස්ථානවල සිදුකෙරෙන මහත් ආනිසංස ලැබෙන පූජාවක් වන කඨින චීවර මහා පූජාව ඔක්තෝබර් පොහොය දිනයේ සිට නොවැම්බර්...
2024-11-14 18:30:00
නොවැම්බර් 15පෞද්ගලික අංකය: 6මේ දිනයෙන් උපත ලද ඔබ වශීකරණ ගුණයෙන් අනූණ අයෙක්. ජීවිතය කාලය පුරා මිල මුදල් යහමින් ගලා විත් අත-මිට සරු කරන ස්වභාවයක් දක්නට...
2024-11-14 18:30:00
ගම්බාර දේවතා සූනියම් යක්ෂයා හා ඔඩ්ඩිස කුමරු ඇඳත්ත ඔඩ්ඩිස යන නාමවලින් සූනියම් දෙවියන් හඳුන්වනු ලැබේ. අර්ධ මිනිස් හා දේව යක්ෂ අවතාරවලින් පිරිපුන්ය. මහා...
2024-11-14 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 30 භාග ඉල්පුර පසළොස්වක තිථිය ලත් කිවිදින සිට වෘශ්චික රවි 06 භාග ඉල් අව සැටවක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-11-14 18:30:00
ප සමඟ අදෘශ්‍යමානව පෘථිවි බද්ධව සැරිසරන ජීවාත්ම දසදහස් ගණනකට පණ උපද්දන්නට, ඔවුන් යන මඟට යොමුකරන බලශක්තීන් විශේෂයක් කොණ්ඩදෙණියේ සීලරතන හිමියන්ට...
2024-11-14 18:30:00
ලොව බලවත්ම රාජ්‍යය වන ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා දීමට හිපපොටේමස් පැටවකු සමත් වීම පිළිබඳ පසුගිය සතියේ ලෝකයාගේ අවධානය මහත් සේ යොමු...
2024-11-14 18:30:00
මෙතෙක් කතාවසයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් ගැටවර වියේ සිටම සොරකම්වල සහ වෙනත් දඩබ්බරකම්වල යෙදුණුමුත්, අවුරුදු 28 දී හිටිවනම...
2024-11-14 18:30:00
ජන්ම අංක 5 බුධ ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. මොවුන් නවීන අදහස් ඇති ක්‍රියාශීලී මනසක් ඇති ප්‍රායෝගික පුද්ගලයන් වෙයි. ඕනෑම දෙයක් පිළිබඳව ගැඹුරින්...
2024-11-14 18:30:00
කේ.ඩී. ශි්රයාකාන්ති නාත්තන්ඩියප්රශ්නය -වෛද්‍යතුමනි, මම තිස් අට හැවිරිදි වැඩිහිටි නිවාසයක පාලිකාවක්මි. එදිනෙදා ආහාර සූදානම් කරන විට...
2024-11-07 18:30:00
මනුෂ්‍ය ශරීරය ආශි‍්‍රත රෝගකාරක වේග දහතුනක් ආයුර්වේද ශාස්ත්‍රය දක්වයි.දඹදෙණි රාජධානි සමයේ පඤ්චම පරිවේණාධිපති මංගල සංඝරාජ හිමියන් විසින් ලියන ලද භේසජ්ජ...
2024-11-07 18:30:00
පහනෙහි ඇතාගේ ශරීරය තුළ ඇති තෙල් පහනට වැටෙන්නේ ඇතාගේ ලිඟුව හරහාය. ඇතා හොඬවැලෙන් දරා සිටින උක් දණ්ඩෙන් ඇතාගේ හොඬවැල ඉදිරිපස දෙපාවලට බද්ධ කර ඇත.අපේ...
2024-11-07 18:30:00
සිරියාදේවී, සිරිකත, පියුම්බා, ශ්‍රී ලක්ෂ්මී වැනි නාමවලින් හඳුන්වන්නේ ශ්‍රී ලක්ෂ්මී දෙවඟනයි. නෙළුම් මලක් මත අසුන්ගෙන සිටින්නීය. ශෝභමානය. අතිශයින්...
2024-11-07 18:30:00
පුරාණයේ සිටම කෘෂිකාර්මික රටක් වූ මෙරට ගැමි ජනතාව තමන්ගේ ජීවනෝපායන මාර්ගය කරගෙන සිටියේ ගොවිතැනයි. කෘෂි කර්මාන්තයෙන් ඉහළ අස්වැන්නක් ගත් ගොවියා...
2024-11-07 18:30:00