වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ඔසු ගුණයෙන් පිරිපුන් පුවක්
අප ජීවත් වන පරිසරය තුළ බෙහෙවින් දක්නට ලැබෙන ශාකයක් ලෙස පුවක් ශාකය හැඳීන්විය හැකිය. තාල වර්ගයට අයත් එනම් අතු නොබෙදෙන ශාකයක් වන පුවක් ශාකය නොහඳුනන අය ඇත්තේ ඉතා අල්පවයි. සෑම ප්‍රදේශයකම පාහේ දක්නට ලැබෙන ශාකයක් වන පුවක් ශාකය ග්‍රාමීය නිවෙස් වල එකක් හෝ කිහිපයක් දක්නට ලැබෙන අතර එසේ නොමැති නිවෙස් දැකිය හැක්කේ කලාතුරකිනි. ග්‍රාමීය මෙන්ම නාගරික බොහෝදෙනෙකුට නැතිවම බැරි දෙයක් බවට බුලත්විටෙන් එක් අංගයක් වන්නේ පුවක් ය. ශ්‍රී ලංකාවේ ජනතාව ඉතා හොඳීන් හඳුනන ඔවුන්ගේ සංස්කෘතියටම බැඳුණු බුලත්විට රස කිරීමට පුවක් නැතුවම බැරිය. පුවක් ගසේ සියලුම අංග මිනිසාට ඉතා ප්‍රයෝජනවත් වන අතර ඉන් ප්‍රධාන වන්නේ පුවක් ගෙඩිය ය. ඊට අමතරව මුළුතැන්ගෙයි කටයුතු සඳහා වට්ටියකින් ලැබෙන ප්‍රයෝජන හා සමාන ප්‍රයෝජන පුවක් අත්තේ මුල ඇති කොටසින් (කොලපත) ඉටුවෙයි. මෙම කොලපත ගොවීන් හේනට හෝ කුඹුරට ගෙන යන බත්පත බැ¼දීමටද කිතුල්පැණි, පොල්පැණි, ආදිය බහාලීමටද (පැණි මුල්) යොදාගනියි. එසේම රුහුණේ දොදොල් ඇසිරීමටද මෙය යොදාගනියි. එසේම ඉඩම්වල වැටවල් බැ¼දීමට ද බලි තොවිල්, යාගහෝම, ගම්මඩු, දෙවොල්මඩු ආදියේ විවිධ ආකෘති නිර්මාණය කිරීමට සැකිලි සාදා ගැනීමටද පුවක් කඳෙ න් සකස් කර ගන්නා ලී පටි යොදාගනියි.
පුවක් වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන් පිළිපීනය ඇතුළු රටවල් කිහිපයක් නිජබිම් ලෙස දක්වා ඇතත් ඒ පිළිබඳ ස්ථීරතාවයක් නැත. මයිසූර්, මැලබාර් දකුණු ඉන්දියාව ආදි ප්‍රදේශවලද මලයාසියාව ඇතුළු ආසියාතිකරයේ රටවල වගාකෙරේ.
දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ සෑම තැනක පාහේ දැකිය හැකිය. නිවර්තන කලාපීය රටවල මුහුදුබඩ දේශගුණික ප්‍රදේශවලද වසරකට මි.මී 1,500 - 5,000 දක්වා වූ වර්ෂාපතනයක් ඇති පෙදෙස්වලද පුවක් හොඳීන් වැවේ. වියළි කාලගුණික පරිසරවලද හොඳීන් වැවෙන අතර මධ්‍යම පළාතේ ද පහතරට ප්‍රදේශවලද වගාකර ඇත.
පුවක් වල ස්වරූපය
මීටර් 10 - 25 ක් පමණ උසට වැවෙන ශඛාවන් නොබෙදුන සෘජු ශාකයකි. කඳ සිනිදු වන අතර සිලින්ඩරාකාරය. කඳේ විෂ්කම්භය සෙ.මී. 15 - 35 පමණ වේ. ලපටි කාලයේදී කඳ කොල පැහැතිය. පසුව අලු පැහැයට හැරෙයි. කඳේ මුල කොටසින් ආගන්තුක මුල් රාශියක් පැන නගියි. කඳ පුරා පත්‍ර සලකුණු දැකිය හැකිය. හොඳීන් වැඩුණු ශාකයක පත්‍ර පිහිටන්නේ කඳේ අග ප්‍රදේශයේය. පුවක් පත්‍රයක් මීටර් 1 - 1.5 ක් පමණ දිග වන අතර පත්‍රයේ මැද අක්ෂය දිගේ එකිනෙකට ඉතා ආසන්නව පිහිටි පත්‍රිකා රාශියකි. පත්‍ර අමු අවස්ථාවල කොළ පැහැවන අතර පසුව කහ පැහැගනී. මෙහි මල් හට ගැනීම වසර පුරාම සිදු වේ. මල් හටගනු ලබන්නේ අවුරුදු 3 - 4 ක් පමණ වූ පසුවය. මෙම ගසේ හටගනු ලබන ගෙඩි කොළ පැහැවන අතර ඉදුණු විට කහ පැහැයේ සිට තැඹිලි පැහැයට හැරෙයි. පුවක් පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නම් :
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන