සිරිලක පවතින තුරු අමතක නොවන වාරියපොළ ශ්‍රී සුමංගල මහා යතිවරයාණෝ

පෙබරවාරි 1, 2019

මෙරට ඉතිහාසය තුළ පුද හරසර ලබන මහා යතිවරුන් ප්‍රමාණය මෙතෙකැයි කියා ගණන් බැලීම අසීරු කාරණයකි. එය හරියට අහසේ තරු ගණිනවාට සමානය. එවන් මහා තෙරවරුන් වහන්සේලා අතරට එක්වන සුවිශේෂි බුදුපුතණුවෙකි අතිපූජණීය වාරියපොළ ශ්‍රී සුමංගල මහා යතිවරයාණෝ.

අප රටේ “ශ්‍රී සුමංගල” නමින් හැඳින්වූ අතීතයේ විසූ මහ තෙරවරුන් කිහිප නමකි. උන්වහන්සේලා අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල, වැලිගම ශ්‍රී සුමංගල, කොස්ගොඩ ශ්‍රී සුමංගල , ඉඳුරුවේ ශ්‍රී සුමංගල යන ස්වාමීන් වහන්සේලා මෙරට සසුන්කෙත ශෝභමානවත් කළ උතුමන් වහන්සේලා ය.

වාරියපොළ ශ්‍රී සුමංගල මා හිමියන් සිය ජීවිතය දෙවෙනි, තුන්වෙනි තැනට අතහැර දේශයත්, ජාතියත්, ශාසනයත් ආරක්ෂා කිරීමට කුපිත වු කොටියන් අතරට පැනගත් මහා සිංහ රාජයකු බඳු අභීත යුගපුරුෂයෙක් විය. රජකම් කරන්නටවත්, සඟරාජ පදවිය දරන්නටවත් ගත් උත්සාහයක් නොවන උන්වහන්සේගේ කැප කිරීම පුදුම සහගත විය. ඉංගී‍්‍රසි අධිරාජ්‍යය වෙවුළුවන්නට තරම් නා හිමියෝ එඩිතර විය.

ඒ මීට වසර දෙසිය දෙකකට පෙර එකළ රට පාලනය කළ මිනීමරු, කුරිරු වඩුග රජුගෙන් සිංහල දේශයත්, ජාතියත් බේරා ගෙන යළි සිංහල දේශය සිංහලයන් සතුකර හෙළ රජ පෙළපතක් ගොඩ නගන්නට අති විශාල කැපවීමක් කළ ඇහැළේපොළ මහ අධිකාරම එයට වන්දි වශයෙන් සිය පවුලම ඝාතනයට ලක්කර ගත්තේ බේබදුකමට ඇබ්බැහි වූ රජෙකුගේ වෛරය, ක්‍රෝධය හා සිංහල නායකයන්ගේ කුමන්ත්‍රණ හමුවේ පරාජය වෙමිනි. මේ නිසා ඇහැළේපොළ මහ අධිකාරම් තැන කොළඹ විසූ බළපිටියේ මහ කප්පිණ බමුණු පෙළපතේ මහා මුදලිවරයෙකු වූ ඒඩ්‍රියන් රාජපක්ෂයන්ගේ මාර්ගයෙන් ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයා හමුවී සාකච්ඡා කළේ සිංහල ජාතිය හෝ රට පාවා දෙන්නට නොව, ජාතියත්, දේශයත්, ආගමත් ආරක්ෂා කර ගන්නට ඔවුන්ගෙන් සහය ලබා ගන්නටය. නමුත් කූට ඉංගී‍්‍රසි පාලකයෝ උඩරට ගිවිසුම මගින් සිංහල දේශය අල්ලාගෙන පසුව සිංහල රට ලංකාවක් බවට පත්කර, එතැනින් නොනැවතී රට පළාත් නවයකට කඩා අද පවතින අවුල් වියවුල් හා දෙමළ, මුස්ලිම්, බර්ගර් හා අනෙකුත් කුඩා ජනවර්ග සිංහලේ වැසියන් ලෙස හැදින්වීම වෙනස් කර, එය වර්ගවාදයක් ලෙසට පත්කර, වසර 200 ක් පමණ වන අලුත් ලංකාවක් නැමැති රටක ලාංකිකයන් බවට පත්කරමින් නිදහස ලබාදුන්නේ වසර 2500 ක අඛණ්ඩ ඉතිහාසයක අවිච්ඡින්න පාලනයක්, පැවැත්මක් ලඝු කරන තත්වයකට ඇද දමමිනි. එම මූසල ආරම්භයේ මුල් දිනය වූයේ වර්ෂ 1815 මාර්තු මස 02 වන දාය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

අහුන්ගල්ලේ දේ.සු.ද සොයිසා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.