ස්ත්‍රීන්ට පමණක් විණ කරන ඡ්‍යොතිෂ මාරයා

ජනවාරි 18, 2019

අප මහා බෝසතාණන් වහන්සේටත් ජීවය දුන්නෙ ස්ත්‍රියක් වන මහාමායා දේවිය තමයි. ඇගේ මරණින් පසු හදාවඩා ගත්තේද එවැනිම උතුම් ස්ත්‍රියක් වන මහා ප්‍රජාපති ගෝතමියයි.

ඒ විදියට බලනකොට ස්ත්‍රිය ඉතා වටිනා වස්තුවක්. පිරිමියාට වඩා හැඩරුවිනුත් ගැහැනිය ලස්සනයි. වැඩිපුරම බැලුවොත්. ඒක ස්ත්‍රියට පමණක් මහා බ්‍රහ්මයා දුන් විශේෂ වරප්‍රසාදයක්. ඒ ස්ත්‍රියගේ බල මහිමය නිසා. රටක් රාජ්‍යයක් ඇති කරන්නත් නැති කරන්නත් ස්ත්‍රියට පුළුවන් බව දන්නවනේ. කොටියගේ, මුගටියගේ ඇස්වල තිබෙන්නෙ සතෙක් දපනෙ දමන ආකර්ෂණ ගතියක්. ඒ උන්ට ආවේණික ශක්තියක් ගොදුරු හොයාගන්න. ඒ වගේම තමයි ගැහැනියකගේ සිනාවකත් ඒ ආකර්ෂණ ශක්තිය තිබෙනවා. ඕනෑම පිරිමියෙක් දපනෙ වැටෙන ගතියක් ඒ හිනාවේ තිබෙනවා. එච්චර බල පරාක්‍රමයක් ඇති ඇය වරෙක අහිසංකයි. එපමණ අහිංසක ගැහැනියකට විණ කටින මාරකයන් සිටින්නට පුළුවන්ද? ඒ ආදරය කිව්වොත් ඔබ මා සමඟ එකඟ වනවාද? ඒක ඔබට දැනට නොවැටහුනාට උගත් ඡ්‍යොතිර්වේදියට වැටහෙනවා. ඒකනේ ඔහුට ඡ්‍යොතිෂ්-වේදියා නොහොත් ඡ්‍යොතිෂ්්වේදියා කිව්වේ. ඇස් තුනක් තිබෙන පුද්ගලයා ඒ කිව්වේ ඊශ්වරයා වගේ විනාශ කරන්න නොවේ. ඥාන තුනක් ඇති පුද්ගලයා රාවණාට දසහිස් කිව්වේ ඔලු දහයක් තිබු නිසා නොවේ. ඥාන දහසක්. එහෙනම් කතරගම දෙවියන්ටත් ඥාන 6 යි. දිශා 6 ක් පෙනෙනවා කියල දේව කතාවල සඳහන් වනවා. මුහුණු 6 යි අත්දොළහයි කියල පොත්වල සඳහන් වනව තමයි. ගැහැනියකට විණ කටින්නෙ ආදරය කිව්වට ඒ ඡ්‍යොතිෂය පැත්තෙන් මිස ඔබ මට මම තුළ ඇති ආදරය නොවේ. ආදරය කියන්නෙ ගැහැණු පිරිමි දෙපක්ෂයකට පොදු එකක් නේ. අනික තමයි ඒ ආදරය අනාදරය බවට පෙරලුනාම එතැන පලිගැනීමක් සිදුවනවා. සමහර විට ඒ පලිගැනීම භවයෙන් භවයටත් එතැනින් එහාටත් යනවා. දැන් ඔබගේ හිත දුවයාවි රන්තැලියේ වෙළෙන්දා දක්වා. ඔබ හරි. කිසිම පාර්ශ්වයක් පරාජය පිළිගන්නෙ නැහැ. වෛරය තුළින් පලි ගැනීම කරනවා. ඒ සාමාන්‍ය සමාජයේ ආදරයේ හැටි. මේ කියන්නෙ ඡ්‍යොතිෂයේ මාරයා ගැන. ඡ්‍යොතිෂයේ මාරයා ආදරයෙන් පැරදුනාම කිසිම වෛරයක් පලි ගැනීමක් නැහැ. ඇයව තනිකරල නැත්නම් ඇයව අතහැර යනවා පමණයි. මේක හඳුන්වන්නේ ඡ්‍යොතිෂ මාරකයක් ලෙසටයි. ඡ්‍යොතිෂයේ වැඩිපුරම මාරක ඇති කරන්නෙ ලේවලට අධිපති අඟහරුවා කිව්වට හැම ග්‍රහයෙක්ම නපුරට හිටියොත් මාරක තමයි. සෞර ග්‍රහ මණ්ඩලයේ රවි මාරක දෙන්නෙ ශරීරයෙන් ලේ සොලවල නොවේ. ශරීරයේ මොළේ සිහින් නහරයක අමාරුවක් හදල. ඔය රවි නරක් උනාම මොළයට ලේ ගෙනයන හීන් නහරයක ලේ කැටියක් හිර කරල අංශභාගය හදනවා. ඒ ලේ කැටිය ඉක්මනින් දිය කරගත්තොත් දිනුම්. නැත්නම් දීර්ඝකාලීන ලෙඩෙක් රෝගියෙක්. ඔය අය ගුණාගුණ බලනකොට මේවාත් බලවා ගන්න. ඡ්‍යොතිර්වේදියා හරියට නිවැරදිව පහදා දේවි .ඒ උගත් ඡ්‍යොතිර්වේදියාගේ ගති ලක්ෂණයයි.

පාරම්පරික ගුප්ත විද්‍යාධර – ඡ්‍යොතිෂ විද්‍යා සහතික

භාරත භාෂ්කර ශිරෝමණි සම්මානලාභී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

මොරටුව

0722174553/0779870007

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.