වර්ෂ 2024 ක්වූ September 27 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ජනපි‍්‍රය ගායිකාවක් ලෙස සරසවි සම්මාන 12 ක් සහ ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇති විශාරද නන්දා මාලිනී මහත්මියගේ උපන් කේන්දර සටහනෙන් අපට අපගේ ඡ්...
2024-02-01 18:30:00
පක්ෂීන්ගේ හැසිරීම් අනුව ඔවුන් අපට කියන අනාවැකි පිළිබඳ බොහෝ දෙනා තුළ විශ්වාසයක් පවතී. මේ එම කරුණු පිළිබඳ ඔබේ අවධානය යොමු කරන ලිපියේ දෙවැනි කොටසයි....
2024-02-01 18:30:00
වේලාව රාත්‍රි 8.00 පසු වී විනාඩි 45 පමණ ගතව තිබිණි. තරුණ ලිපිකරුවා දුම්රිය පොළෙහි පැරැණි පඩි පෙළ බසිමින් සිටියේ ජීවිතයේ අවසාන පියවර කීපය තබන්නකුගේ...
2024-02-01 18:30:00
අංක විද්‍යාත්මකව පුද්ගලයකු පිළිබඳව කරුණු විග්‍රහයකදි පෞද්ගලික අංකය දෛව්‍ය අංකය සමව මාසයේ බලය හෙවත් පුද්ගලයා උපන් මාසයේ බලය ද ඉතාම වැදගත් වේ. මෙහිදි...
2024-02-01 18:30:00
ආහාරයක් විෂ වන්නේ ඒවා අප ශරීරයට ප්රශස්ත තත්ත්වයෙන් නොගැනීම හේතු කොට ගෙනය. ආහාර නිෂ්පාදනයේදී, ගබඩා කිරීමේදී හෝ ප්‍රවාහනයේදී යන ඕනෑම අවස්ථාවක ආහාර...
2024-01-25 18:30:00
මීට වසර සීයකටත් එහා ජීවත් වූ අප පැරැණ්මෝ සෑම දෙනකුම වාගේ ඡ්‍යොතිෂ්‍ය පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති අය විය. එයට හේතුව එකල ජීවත් වූ අපේ පැරැණියන් බොහෝ...
2024-01-25 18:30:00
මහරගම -ඉන්දීවරීමම ගැබිණි මවක් මාගේ පළමු දරුවා උපදින වේලාව නිවැරදිවම ලබා ගන්නේ කෙසේද ?ජ්‍යෝතිෂය විග්‍රහය =දරුවකු උපදින වේලාව ලබා ගැනීම...
2024-01-25 18:30:00
ඔහු සැබෑම වාසනාවන්තයෙකි. ඒ ඔහුගේ දිවියෙන් සැලකිය යුතු කාලයක් ඡ්‍යොතිෂ ශාස්ත්රයත් හස්ත රේඛා ශාස්ත්රයත් සමඟ ගත කරන්නට හැකි වීම නිසයි. තමාට උරුම...
2024-01-25 18:30:00
ගසක මල් පිපිලා සුන්දරත්වය ගෙන දෙන්නාසේ දැරියක තරුණ බවට පත්වන අවස්ථාව මල්වර වීම ලෙස සැලකේ. ඒ මල්වරය යනු ස්ත්‍රියකගේ ප්රථමාර්ථවයයි. එම අවස්ථාවේ සියලු...
2024-01-25 18:30:00
සයනය පුරා ඇතුළ මල් සුවඳ දෙයි. බිත්තියේ සවි කර ඇති විලක්කුව බොහෝ වේලාවක් පුරා ඇවිළෙමින් තිබේ. දැන් දැන් මා නිවී යතොත් හොඳයි කියන්නාක් මෙන් එහි දැල්ල...
2024-01-25 18:30:00
බුලත්වල ගුණ පනස් දෙකක් යැයි ඖෂධ ශාස්ත්‍රීය ග්‍රන්ථවල අන්තර්ගත වී ඇත්තේය. වෛද්‍ය විද්‍යාත්මක කරුණු ගැන සලකා බලනවිටදී බුලත් ක්ෂාරීය ක්‍රමවේදය මත ආමාශයේ...
2024-01-25 18:30:00
කොණ්ඩදෙණිය නායක හිමියන් සාමණේර කාලයේ වැඩ විසුවේ මහව, යාපහුව ආසන්න වෙහෙරගල පන්සලකය. එහි එවකට නායක හිමියන් වූයේ පසිල්ලේගල ගුණාංග හිමිය. එහි විසූ...
2024-01-25 18:30:00
නින්ද අප කාටත් ඉතාමත් වැදගත් දෙයක්වෙනවා. කුඩා ළමයකුගේ සිට වැඩිමහල් කෙනෙක් දක්වාම නින්ද ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ මඟින් අපේ දෛනික කාර්යයන් වඩා...
2024-01-25 18:30:00
අද අප ගත කරන්නේ අතීතයේ මුතුන් මිත්තන් ගෙවූ සැහැල්ලු ජීවිතය නොවේ. එදා කෙතේ කමතේ හේනේ වැඩ කළ ගොවියා නිරායාසයෙන් ව්‍යායාමය සිය සිරුරට ලබා දුන්නේය....
2024-01-25 18:30:00
පළමු ලෝක යුද්ධයට මුල් වූ ඝාතනය සිහිනෙන් දැක ඇත්තේ බිෂොප්වරයෙකි.එය අදට සිය වසකට ඔබ්බෙන් වූ දිනයකි.එනම් 1914 ජූනි මස 28 වෙනිදාය.බෝල්කන් ජාතික...
2024-01-25 18:30:00
විවාහක නව යොවුන් තරුණ තරුණියන්ගේ නිදි යහනට බැල්මලා රිංගන රතිකාමිණිය ඔවුන් වසඟ කරවා ඇති පමණට කාමාශ්වාදය ලබාගෙන පිටව යනතෙක්ම සිදු වූ කිසිවක්ම ඔවුන්ට...
2024-01-18 18:30:00