වර්ෂ 2024 ක්වූ September 27 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
නෙළුම් මල් පූජා වස්තුවක් මෙන්ම ඖෂධ ගුණයක් ඇති වටිනා ශාක පුෂ්පයකි. බෝධි පූජා, චෛත්‍ය පූජා, ග්‍රහ පූජා, දේව පූජා සඳහා නෙළුම් මල් පිදීමේ සිරිත අනාදිමත්...
2024-02-15 18:30:00
දාම ඝාතකයකු වන ඩේවිඩ් බාර්කොවිඩ්ස් නැමැත්තා තමා “සෑම්ගේ පුත්‍රයා“ බවට හඳුන්වා ගනු ලැබුවේද පුවත්පත් කලාවේදීන් වෙත යැවූ ලිපි මඟිනි. 1976 ජූලි 29 වැනිදා...
2024-02-15 18:30:00
මලවැන්නේ කවිධජ හිමියන් විසින් ඡ්‍යොතිෂය පිළිබඳ වර්ණනා කරමින් රචිත පද්‍ය කෘතිය ඡ්යොතිර්වර්ණනාව ලෙස හඳුන්වා දෙමි. මේ ග්‍රන්ථය පද්‍ය කාව්‍ය...
2024-02-15 18:30:00
ඔබට අපට සෙත සදන තවත් මාහැඟි ගාථා රත්නයක් ඔබ හමුවේ තබන්නට අදහස් කළෙමි. එක් පුරාණ පිටපතක මෙය සිරිපා ඉමේ තවුසකු විසින් දෙන ලදැයි සඳහන් වේ. ඒ පිළිබඳ...
2024-02-08 18:30:00
සද එළියේ දීප්තියෙන් ස්නානය කර, අපගේ අභ්‍යන්තරයට ප්‍රවේශ වෙන්න හැකියි. මේ වග පුරාණ යෝගීවරුන් සඳහන් කර තිබෙනවා.සඳෙහි ශක්තිය, සියුම්, නිහඬ ධාරාවක්,...
2024-02-08 18:30:00
රටේ සශ්‍රීකත්වය ඇතිවීමටත් දෙවියන්ගේ නැතහොත් අම්මාවරුන්ගේ රෝග ලෙස සලකන සරම්ප, පැපොල, කම්මුල්ගාය වැනි බෝවන රෝග නිවාරණයටත් සාමය, සමගිය ඇතිවීමටත්...
2024-02-08 18:30:00
ජන්ම පත්‍රයක්, නැකැත් පත්‍රයක් අතට ගත් කල ඔහුට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි. ඒ තමා දැන උගත් ඡ්‍යොතිෂ ශාස්ත්‍ර දැනුමෙන් සමාජයට සැලකිය යුතු සේවයක්...
2024-02-08 18:30:00
මනු ලොව පහළ වන්නට පෙර තිලොව ගුරු සිව් වේදයේ දැනුමෙන් ලොව පුදුම කෙරු ලොව ගැන උගත් රුසිවරු දෝසතෙහි සුරු දැක්වූ නිමිති පෙර මඟ සුබ අසුබ යුරු අප හට...
2024-02-08 18:30:00
මලවැන්නේ කවිධජ ස්වාමීන් වහන්සේ දක්ෂ කවියෙකු බව අපට මනාව හඳුනා ගත හැකිය. ක්‍රි.ව. 1933 විරචිත ‘වෙද කවි පබාව කෘතිය ඔස්සේ ස්වකීය කවීත්වය මලවැන්නේ...
2024-02-08 18:30:00
‘අර භූතයාට නම් පිස්සු’“කාටද?”“කවුද ඉතින් අර කාමරේ ඉන්නේ”“ඒ අපේ ලොක්කනේ යකෝ”“මේ මිනිහට මොන භූතයෙක් වැහිලද මන්දා? “මොන බහුභූතයක් කියවනව ද මන්දා.”සාමාන්...
2024-02-08 18:30:00
මේ වන විට සුප්‍රකට ඇම්බැක්කේ දෙවොල පිහිටා ඇති බිමෙහි කලකට ඉහත පැවතුණේ සෙන් බණ්ඩා නැමැති කුමරියකට අයත් අලංකාර මල් වත්තකි. මේ මල් වත්ත බලා කියා...
2024-02-08 18:30:00
ජනවාරි මාසයේ 28 සහ පෙබරවාරි මාසයේ 01, 10, 19 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර මොවුන් රවි යුරේනස් සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ...
2024-02-08 18:30:00
කටිනව කියන්නේ නිම කරනවා, සම්පූර්ණ කරනවා කියන එක. එදා විජය රජ්ජුරුවො ලංකාවට ගොඩ බසින විට තම්මැන්නාවේ කුවේනිය කපු කටිමින් හිටියේ. ඇයගේ ගෝත්‍රය යක්ෂ...
2024-02-01 18:30:00
“පිරිත” ගැන බොහෝ දේ ප්රකටය. “අභිචාරි” ක්‍රමයක් වශයෙන් ගැනෙන බව නූතන මනෝවිද්යාඥයෝද පිළිගනිති. මේ පිරිත හා බැඳි බොහෝ සංකල්ප මනෝවිද්‍යාත්මක...
2024-02-01 18:30:00
හෙන්රි බේම්මුල්ල යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ළෙන්ගතුය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් චිත්රශිල්පියකු එමතුනොව ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු, මාධ්...
2024-02-01 18:30:00
ශ්‍රී ලංකාවේ ජාතික සංකේත අතර ජාතික පුෂ්පය වූ නිල් මානෙල් මලටත් ජාතික වෘක්ෂය වූ නාගසටත් ලැබෙන්නේ විශේෂත්වයකි.නිල් මානෙල් මල හා නාගස පූජනීයත්වයට පත්...
2024-02-01 18:30:00