වර්ෂ 2024 ක්වූ September 27 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
අද දිනයේ දී බලාපොරොත්තු වන්නේ මෙරට නිදහසින් පසු බිහි වූ ඉතා පින්වන්ත රාජ්‍ය නායකයකු පිළිබඳව කතාබහ කරන්නටය. ඒ අන් කිසිවෙකුත් නොව 1993 වසරෙහි මැයි 7...
2024-05-02 18:30:00
පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ජනතාව අතර ජනප්‍රිය මානව හිතවාදී මන්ත්‍රීවරයකු වූ...
2024-05-02 22:30:00
තරුණ සිවිල් ඉංජිනේරුවා තම කතාව පටන් ගත්තේ භාෂාවකට අයත් වචනවලින් පැහැදිලි කිරීමට අපහසු යම් යම් කාරණා ජීවිතයේ දී ඉඳහිට හෝ අපට අත්විඳීන්නට සිදුවන බව...
2024-05-02 18:30:00
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානමින් සිටින දැයේ දුවා දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජයග්‍රහණය පතා පහත සඳහන් සුබ ක්‍රම ඉදිරිපත් කෙරේ. මේ ගාථා...
2024-05-02 18:30:00
ලෝකයේ නොයෙක් රටවල නොයෙක් සැණකෙළි උත්සව සිරිත් ඇත්තේය. කවර රටක කවර ජාතියක වුවද ඒ තමනට ආවේණික සියලු සංස්කෘතික ලක්ෂණ ඒ රට, ඒ ජාතිය විසින් ඉතා...
2024-04-25 18:30:00
අවුරුදු කාලයේ පැණිරස කෑම බීම බහුල නිසා බත් අනුභවය තරමක් අඩුයි. එනිසා මේ දිනවල පිසින ලද බත් බොහෝ ගෙවල්වල ඉතිරි වෙනවා. අද අපි ඉදිරිපත් කරන්නේ මෙලෙස...
2024-04-25 18:30:00
මම කොළඹ සරසවියේ ශාස්ත්‍ර අධ්‍යයනය කරන කාලයේ මාගේ ඉදිරි ජීවිතය හා සැබඳුණු ආදරණීය පි‍්‍රයාවිය, අනාගත සහකාරිය තෝරා ගැනීමට සමත්වීමි. මෙලොව මට සිටින...
2024-04-25 18:30:00
මාර්තු මස 12 වෙනි දින ව්ලැදිමීර් පුටින් පස්වෙනි වතාවටත් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත් වූයේය. 2008 - 2012 දක්වා රුසියාවේ අගමැති වූ පුටින් 2012...
2024-04-25 18:30:00
මෙරට මලල ක්‍රීඩාවේ ප්‍රතිරූපය නවමු අගයක් කරා ගෙන ගිය ඉතා සුවිශේෂී දිනයක් ලෙස 2000 වසරේ සැප්තැම්බර් 28 වන දිනය ලක්දිව ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින්...
2024-04-25 18:30:00
සුපුරුදු පිළිවෙත් හිමිදිරියේම ඉටු කළ කොණ්ඩදෙණියේ නායක සීලරතන හිමියන් දේව මන්දිරය දොර විවරකොට පහන් දැල්වූවා පමණි.ඒත් සමඟම නවීන පන්නයේ කිරි සුදු බෙන්ස්...
2024-04-25 18:30:00
පරිත්‍රාණය හෙවත් පිරිත දුක පිහිට කොට ඇති සියලු සත්ත්ව ලෝකයාට මෙලොව පරලොව දෙකෙහිම සැප එළවන්නේ වේ. ලෝවැස්සන්ට ඇති වන උවදුරු රැසෙකි. ඒ වනාහි...
2024-04-25 18:30:00
ඒ කපා වෙන් කරන ලද තමාගේම හිස අතින් එල්ලා ගත් රැජිනකි. ඇය අටවැනි හෙන්රි රජුගේ දෙවැනි බිසව වන ඈන් බොලෙයින්ය.1915 පෙබරවාරියේ මැද භාගය වන තෙක් මහා බ්...
2024-04-25 18:30:00
අප්‍රේල් 19 වැනිදාඅප්රේල් මාසයේ 19,වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ...
2024-04-25 18:30:00
ඇස්වහ කටවහ දුරලන කෙම් මන්ත්රයක්ජීව මන්ත්‍රය - ඕං කීකරු නොකීකරු, දුටුකරු, නොදුටු කරු, ඇස්වහ කටවහ අදහිටන්.... නම.... ට..... නෑ.ළිං ජල බඳුනකට...
2024-04-18 18:30:00
කිරි අම්මාවරුන්ගේ දානය දීම සඳහා බොහෝ සෙයින් යොදා ගනු ලබන්නේ කෙම්මුර දිනයකි. එනම් දේව පූජා ආදිය පවත්වනු ලබන සෙනසුරාදා, බදාදා, යන අවස්ථා සමහර විට...
2024-04-18 18:30:00
වර්තමානයේ යුවතියන් තම මුහුණ සහ සමෙහි තරුණ බව රැක ගන්න නොයෙක් සත්කාර සිදු කරනු ලබනවා. ඒ අතරින් මේ වන විට ආයුර්වේදයේ සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරමින්...
2024-04-18 18:30:00