වර්ෂ 2024 ක්වූ September 27 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් හෝ වෙනත් ආගම් අදහන සෑම භක්තිමතෙකු තුළම බුද්ධිය හා දැනුමට පමණක් සීමා නොවූ භක්තියකුත් ඇත. උග්‍ර භෞතිකවාදීන් මනුෂ්‍ය...
2024-05-16 18:30:00
වියළි කාලගුණික තත්ත්වය තව තවත් තීව්ර කරමින් කොණ්ඩදෙණිය, යාබද යාපහුව, මහව ප්‍රදේශයට ඉඩෝරය කර්කෂව දැනෙන්නට විය. සිඳී ගිය වැව්තාවුල්ල නියඟයේ උග්...
2024-05-16 18:30:00
මනුෂ්‍යයත්, ස්වභාවධර්මයාත් අතර පවතින්නේ ඉතාම කිට්ටු සමීප සම්බන්ධතාවක්. කොටින්ම කිව්වොත් ජීවියාට ස්වභාවධර්මයා නැතිවම බැරිතරම්. ඒ බව බොහෝ දෙනා දැන...
2024-05-16 18:30:00
ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය ‘කන්‍යා’ වන අතර චන්ද්‍රයා 7 වැනි භාවය...
2024-05-16 18:30:00
මෙතෙක් කතාව :-තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම...
2024-05-16 18:30:00
මෙතෙක් කතාව:-තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම...
2024-05-09 18:30:00
මිනිස් ජීවිත පහළ වූදා පටන් මිනිසුන් එකිනෙකා හා බද්ධ වෙමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත විය. ඔවුහු තම ජීවිතයේදී විවිධ විශ්වාසයන් ඇදහිලි හා...
2024-05-09 18:30:00
සතවෙත මහත්වූ දයානුකම්පාව දැක්වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකි. ආයුර්වේද වෛද්‍ය ක්රමයේ කෙළ පැමිණියෙකුද...
2024-05-09 18:30:00
මේෂය රාශි චක්‍රයේ ප්‍රධාන රාශිය වන අතර චර රාශියකි. තේජෝ බලය අඩංගු වේ. පි‍්‍රයමනාප රැවුල බෙල්ල ඇති බැවින්ද යුක්ත වන අතර ඉතා කඩිසර ගති ඇතිවේ....
2024-05-09 18:30:00
සුබසෙත පාඨක බොහෝ පින්වතුන් ඉතා ප්‍රියකරන උතුම් ජලනන්දන පිරිත පිළිබඳ වැදගත් කරුණු කීපයක් අද ඉදිරිපත් කරමු. පිරිත් පොතේ සහ නිතර - නිතර ඔබ විසින්...
2024-05-09 18:30:00
බුදුන් වහන්සේ ජීවමානව දැක බණ අසා සෝවාන් මඟට පැමිණි මහා සුමන සමන් දෙවියෝ සබරගමුව කලාපයට අධිපතිය. රාමාගේ සොහොයුරු ලක්ෂ්මන් හා “සිද්ධි කුමරියගේ”...
2024-05-09 18:30:00
ජන්ම පත්‍රයක් බැලීමේදී අපට ග්‍රහ යෝග බොහෝ ගණනක් දක්නට ලැබුණත් එම ග්‍රහ යෝගවලින් වඩාත්ම සුබ ප්‍රතිඵල ලැබිය හැක්කේ පංච මහා පුරුෂ යෝගවලිනි.පංච මහා පුරුෂ...
2024-05-02 18:30:00
අවශ්‍ය ද්‍රව්‍ය-රාජ අල ග්රූම් 250ක් පමණ (කැට කපා කෝප්ප 2ක් පමණ) අල අරගෙන සුද්ද කර තම්බන්න. එය ගෑරුප්පුවකින් පොඩි කරන්න.සීත කරන ලද විපින් ක්‍රීම්...
2024-05-02 18:30:00
එදා හිමිදිරි පාන්දර කොන්ඩදෙණියේ සීලරතන නායක හිමියන් සුපුරුදු පරිදි පන්සල් භූමිය අතු පතු ගා බෝමළුව ඇමද, උදෑසන වත් පිළිවෙත් සිදු කර අවසන් වූවා...
2024-05-02 18:30:00
මහා සම්මත රජ බිසව ගර්භණී වූ අවස්ථාවේදී ඇයට හටගත් දොළදුක වූයේ උසුළු විසුළු කම් කරමින් කරන නැටුම් බැලීමය. එසේ ඇති වූ තම ආශාව පිළිබඳව රජුට දන්වා සිටියාය...
2024-05-02 18:30:00
පිටකොටුවේ බස්නැවතුම් පොළෙහි 1987 සිදුවූ බෝම්බ පිපිරීමත් 2019 සිදුවූ පාස්කු ප්‍රහාරයත්, මේ වසරේ දියතලාවේ මෝටර් රථ ධාවන තරගය පවතින අවස්ථාවේ දී...
2024-05-02 18:30:00