මාර්තු 05 සිට මාර්තු 11 දක්වා

මාර්තු 5, 2021

මේෂ

ණය ගනුදෙනුවක් පියවා ගැනේ

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියකි. වැඩිහිටියකුගේ කටයුතු වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවන බවක් පෙනේ. එමෙන්ම ණය ගනුදෙනුවක් පියවා ගැනීමට හැකිවන සතියකි. නිතර හමුවන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගී තත්ත්වයක් නැවත මතුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සැලසෙන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

සිංහ

ගුප්ත කටයුතුවලින් පිහිට

පවුලේ වගකීම් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර ඇවිදිලි ඇති කරන සතියක් වන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙන්නුම් කරයි. ඉඩම් ආරවුලක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවෙයි. තමා ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවිය හැකියි.

මවට හෝ මව්පස ඥාතියකුට අපල සහගත කාලයකි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. සතිය මැද කාලයේ දී දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. අසල්වැසියෙකු සමඟ ආරවුලක් ඇතිවිය හැකි කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

ධනු

විශේෂ ගමනක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර සතුට සමාදානය ඇතිකරන සතියකි. එමෙන්ම නිතර ආගම දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. ඇසුරු කරන්නන් අතර පි‍්‍රයතාවයට පත්වන සතියකි. පරම්පරාගත දේපලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ අය සමඟ විශේෂ ගමනකට කටයුතු සූදානම් වන බවක් පෙනේ. සෙම් රෝග බහුල කාලයක් බැවින් ජලයෙන් මෙන්ම දූවිල්ලෙන් පරිස්සම් වීම වැදගත් වේ. සති අන්තයේ දී පවුලේ ළඟම ඥාතියකු සමඟ සිදුකරන මුදල් ගනුදෙනුවක් හේතුවෙන් කල්පනාකාරී වන්න.

අය 08 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ

ලැබීම් අතින් යහපත් සතියකි

මව්පස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි.

හදිස්සි වී තීරණ ගැනීමෙන් තමාට අපහසුතා කීපයකට මුහුණපෑමට සිදුවේ. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදාකරයි.

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් සතියකි. දරුවකුගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. එහෙත් ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව අඩු වී යන බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා

හදිසි ගනුදෙනුවක්

අවිවේකී සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 3, 4, 5, 6 යන භාවස්ථානවල සිදුවනු ලබයි. ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන කාලයක් වන අතර, ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. පවුලේ සතුට සමාදානය වෙනුවෙන් ගන්නා තීරණ කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. හදිස්සි ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන සතියක් වන අතර නොසිතූ පාඩු කීපයක් ද සිදුකරයි. දරුවෙකුගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා අවධානයක් යොමු කරන්න. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසේ. සති අන්තයේ දී පවුලේ කෙනෙකුගේ විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

මකර

දානමය පින්කමක්

වගකීම් බහුල කරමින් උදාවන මේ සතියේ සඳුගේ ගමන 11, 12, 1, 2 යන භාවස්ථානවල සිදු කරයි. එදිනෙදා ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. දේපල ආරවුලක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. දරුවෙකුගේ අධ්‍යාපනික කටයුත්තක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර දුර ගමන් බහුල කාලයකි. නිවසේ දානමය පින්කමකට කටයුතු සැලසෙන අතර නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. සතිය මැද කාලයේ දී විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සති අන්තයේ දී මවගේ අසනීපයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරී වන්න.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මිථුන

විශේෂ තරග විභාගයක්

නීති ගැටලුවකට මැදිවෙමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති කටයුතු කීපයක් නැවත ආරම්භ කර ගැනීමට මඟ සැලසෙන සතියකි. ළඟම හිතවතකු පිළිබඳ සිත්තැවුලක් අසන්නට ලැබේ. සතිය මැද කාලයේ දී පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. විශේෂ තරග විභාගයකට කටයුතු සැලසුම් වන කාලයකි. සතිය මැද කාලයේ දී ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සති අන්තයේ දී වැඩිහිටි විරෝධය ගෙනදුන් පෙම් සබඳතාවයකට පවුලේ ආශිර්වාදය හිමිකරයි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බදාදා

 

තුලා

හදිසි දේපල ලැබීමක්

වෙනදාට වඩා අතමිට සරුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි දේපල ලැබීමකට හිමිකම් ඇති කාලයකි. මව්පිය උරුමයක් පිළිබඳ පැවැති බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙනේ. දරුවකුගේ දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවෙයි.

රැකියාවේ කටයුතු පිළිබඳ සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන කාලයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට දවසේ වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. සති අන්තයේ දී තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන සතියකි.

අය 08 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

ගේ දොර අලුත්වැඩියාවක්

අවිවේකී ලෙස උදාකරන මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. දරුවකු පිළිබඳ විවාහ යෝජනාවක් ඇති කරන සතියකි. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවක් පිළිබඳ කල්පනාකාරී වන්න. පවුලේ දානමය කටයුත්තකට සැලසුමක් ඇති කර ගනී. එමෙන්ම මවට හෝ මව්පස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් හේතු ඇති කරයි. රාත්‍රී ගමන් බහුල කරන කාලයකි. සතිය මැද කාලයේ දී මුත්‍රා ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. අසල්වාසීන් සමඟ පැවැති සුහදතාවය බිඳී යන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත. සති අන්තයේ දී ගේ දොර අලුත්වැඩියාවක් හෝ අලුතින් කොටසක් එකතු කිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි.

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

කටක

උරහිසේ ආබාධයක්

විශේෂ සැලසුමකට අත ගසමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන්න. ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ වැඩි නැඹුරුතාවයක් දක්වන සතියකි. එමෙන්ම ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී අඹු සැමි බහින් බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. වරින් වර ඇතිවන උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිස්සි වී තීරණ ගැනීමෙන් පවුලේ අය අතර ගැටලුකාරී බවක් ඇති කරයි. වෙහෙස ඇති ගමනක් යෙදෙන සතියකි.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික

උදරාබාධයක්

විශේෂ සැලසුමකට අත ගැසීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. වරින් වර හට ගන්නා උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. එමෙන්ම දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන බවක් පෙනේ. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට හැකිවන සතියකි. එහෙත් සතිය මැද කාලයේ දී ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පවුලේ අය සමඟ දුරගමනකට කටයුතු සැලසුම් වන සතියකි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවීම වැදගත් වේ. සති අන්තයේ දී විදෙස් ගත ඥාතියකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මීන

දරුලාබ හිමිකම්

අවිවේකී සතියක් වන අතර මේ සතියේ මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසෙන කාලයකි. අඹුසැමි මත භේදයක් මඟහැරී යන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පෙම් සබඳතාවයකට මව්පිය ආශිර්වාදය හිමිකරයි. මූත්‍ර ආබාධයක් හේතුවෙන් පීඩා විඳින සතියකි.

අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට මඟ සැලසෙන බවක් පෙන්වයි. සතිය මැද කාලයේ දී නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. දරු ලාබ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. සති අන්තයේ දී සහෝදර සිත් නොහඳකමකට කටයුතු සැලසෙන කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

හදිසි දේපල ලැබීමක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.