2021 වසර තුළ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද

ජනවාරි 29, 2021

මේෂ ලග්නය

මේෂ ලග්න හිමියන් ජනවාරි මස මැද භාගය සහ ජූනි මස පළමු සති දෙක තුළ මෙන්ම සැප්තැමිබර් මස පළමු සති 3 තුළ රෝගාබාධ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුව ඇත. විශේෂයෙන් වරින්වරශිර්ෂාබාධ, මිග්‍රේන් මෙන්ම හන්දිපත් රුජාව සහ කශේරුව ආශ්‍රිත ආබාධ පිට කොන්දේ වේදනා,ආතතිය සහ රුධිරගත ආබාධ ඇතිවීමට ඉඩ ඇති බැවින් කල් තියා ප්‍රවේසම් විය යුතුව ඇත. එසේම වසරේ මුල් කාර්තුව තුළ මාර්ගස්ථ අනතුරු ඇතිවීමට ඉඩ ඇති බැවින් වාහන පැදවීමේදී මෙන්ම මාර්ග හරහා යාමේදී සැලකිලිමත් විය යුතුවේ.

 

වෘෂභ ලග්නය

2021 වසරේ මුල් භාගය තුළ ඇතිවිය හැකි විවිධ ගැටලු සම්බන්ධයෙන් ඔබට වරින්වර මානසික අසහනකාරි බව මෙන්ම කලබලකාරි බව සහ ආතතිය ඇතිවීමට ඉඩ ඇති අතර අජීර්ණ ආබාධ ඇතුළු උදරාබාධ ඉස්මතු වීමටත් ඉඩ ඇති බැවින් ආහාර ගැන සැලකිලිමත් විය යුතු අතර පවුලේ අය මෙන්ම මිතුරු මිතුරියන් සමඟ සතුටු සාමිචියේ යෙදීමෙන් සහ විමෝද වීමෙන් මානසික සෞඛ්‍යතත්ත්වය යහපත් කර ගත හැකිය. මීට අමතරව අක්ෂි ආබාධ මෙන්ම කොන්දේ වේදනා සහ කාන්තාවන්ට මාස්ශුද්ධිය ආශිත ආබාධ ඇතිවිය හැකි බව පෙනේ.

 

මිථුන ලග්නය

මෙම වසර තුළ ඔබට බොහෝවිට දණහිස් ආබාධ මෙන්ම සමහර චර්ම රෝග ඇතිවීමට ඉඩ ඇති අතර වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් යන කාලවලදි අජීර්ණාබාධ සහ ගැස්ට්‍රික් ආබාධ ඇතිවීමට ඉඩ ඇත. ඊට අමතරව සුලු කැපුම් සහ පිලිස්සීම්වලට ඉඩ ඇති අතර ප්‍රතිශක්ති දුර්වලතා, අක්ෂි ආබාධ සහ ආතරයිටිස් වැනි ආබාධවලටත් ඉඩ ඇති බව පෙනේ. එමෙන්ම වරින් වර රුධිර පිඩනය ද වෙනස්වන අතර සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමට ඉඩ ඇතත් මෙම ආබාධ කෙටි කලකින් සුව වන අතර වසර පුරාම පාහේ සමබර සෞඛ්‍ය තත්ත්වයක් පවතී. මේදය සහිත ආහාර සහ සකස් කල මාළු සහ මස් ආහාරවලින් වැළකීම උචිතය

කටක ලග්නය

2021 වසර තුළ පෞද්ගලික සෞඛ්‍ය පිළිබඳව ඔබ සැලකිලිමත්විය යුතු අතර සමහර නිදන්ගත රෝගාබාධ වරින්වර මතුවීමට ඉඩ ඇති බව පෙනේ. විශේෂයෙන් දණහිස්, පාද ආශ්‍රිත ආබාධ මෙන්ම උණ රෝගය ද ඉස්මතු වීමට ඉඩ ඇති අතර මාර්ගස්ථ රිය අනතුරු ඇතිවීමට ඉඩ ඇති බැවින් සැලකිලිමත්වන්න. කෙටි ආහාර වර්ග මෙන්ම ෙමිදය සහිත ආහාරවලින් වැළකී සිටීම යහපත්වේ.

විශේෂයෙන් වසරේ ජූනි සහ ජූලි කාලය තුළ රෝගාබාධ සමිබන්ධයෙන් සැලකිලිමත් වියයුතු වේ. එසේම බිරිඳගේ රෝගි තත්ත්වයද තරමක් උත්සන්න වීමේ අවධානමක් පවතින බව පෙනේ.

 

සිංහ ලග්නය

මෙම වසර තුළ සිංහ ලග්න හිමියන් ද සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ. විශේෂයෙන් අක්මාව ආශ්‍රිතව මෙන්ම නහරගතව ද ආබාධ ඇතිවීමට ඉඩ ඇති බව පෙනේ.එහෙත් ග්‍රහ පිහිටීම්වලට අනුව ඉක්මන් සුවය ලැබිය හැකිය. මීට අමතරව මුහුණ සහ කම්මුල් ආශ්‍රිතව මෙන්ම මුත්‍රාශය ආශ්‍රිත ආබාධවලටත් අජීර්ණ සහ කොලෙස්ටරෝල් ආශ්‍රිත ආබාධවලටත් ඉඩ ඇති බැවින් මේදය අධික ආහාර ගැනීමෙන් මෙන්ම මත්පැන් සහ දුම්පානයෙන් වැළකීම යහපත්ය.

 

කන්‍යා ලග්නය

2021 වසර පුරාම පාහේ කන්‍යා ලග්න හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව පෙනේ .එහෙත් අප්‍රේල් සහ සැප්තැම්බර් දක්වා කාලය තුළ අජීර්ණාබාධ සහ ගැස්ට්‍රික් ආබාධ වරින්වර ඉස්මතු වුවත් ඒව කෙටි කලකින් සුව වන බව පෙනේ කෙසේ වෙතත් සන්ධි ගත ආබාධ මූත්‍රාශය ආශ්‍රිත ආබාධ දියවැඩියාව මෙන්ම ප්‍රජනන ඉන්ද්‍රියන් ආශ්‍රිත ආබාධ ඇති වීමට ද ඉඩ ඇති බව පෙනේ. එසේම පියාගේ අසනීප තත්වය පිළිබඳවද සැලකිල්ලට ගතයුතුවේ. මේදය සහිත ආහාර සහ සකස් කළ මාළු සහ මස් ආහාරවලින් වැළකීම උචිතය. එසේම මෙම වසර තුළ මාර්ගස්ථ අනතුරු ඇතිවීමට ඉඩ ඇති බැවින් වාහන පැදවීමේදී මෙන්ම මාර්ග හරහා යාමේදී සැලකිලිමත් විය යුතුවේ.

තුලා ලග්නය

තුලා ලග්න හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය වසර ආරම්භයේදී සාමාන්‍ය තත්ත්වයක පැවතුනත් කේතු 2 වැන්නේ සිටීමත් රාහු 8 වැන්නේ සිටීමත් නිසා සෞඛ්‍යට අදාළ සමහර ගැටලු ඇතිවීමට ඉඩ ඇති අතර විශේෂයෙන් මානසික අසහනකාරි බව මත කලබලකාරි බව මෙන්ම ආතතිය ප්‍රධාන තැනක් ගනී. මීට අමතරව ඔබගේ අසමබර ජීවන චර්යාවන් මෙන්ම අක්‍රමවත් නුසුදුසු ආහාර පලපුරුදුකම් නිසා ද සමහර ආබාධ ඇතිවිය හැකි බව පෙනේ. මේ සම්බන්ධයෙන් වසරේ මාර්තු සහ අප්‍රේල් යන මාසවලදි මෙන්ම අගෝස්තු මාසයේ ද සැලකිලිමත් විය යුතුව ඇත. සාමාන්‍යයෙන් වසර පුරාම පාහේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී. මත්පැන් සහ දුම්පානයෙන් වැළකීම යහපත්ය

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමියන් මෙම වසර තුළ සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුව ඇත. උර හිස ඇතුළු හන්දිපත් ආශ්‍රිත ආබාධ වරින්වර මතුවිය හැකිය. විශේෂයෙන් මූත්‍රා සහ රුධිර සීනි මට්ටම වැඩි අය ප්‍රවේසම් විය යුතව ඇත. ශීර්ෂ සහ දණහිස් ආශ්‍රිත ආබාධ ද වරින්වර ඇතිවිය හැකිය. එහෙත් ඒවා කෙටි කලකින් සුව වන බව පෙනේ වසරේ මුල් මාස 2ක තුළ රුධිර පීඩන තත්ත්වය පිළිබඳව සැලකිලිමත්විය යුතුවේ. පිරිසිදු ජලය පානය කිරීම මෙන්ම වැඩියෙන් එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමත් සුදුසු ව්‍යායාම්වල යෙදීමත් තුළින් නිරෝගි බව වර්ධනය කරගත හැකිය. එසේම වසරේ මුල් කාර්තුව තුළ මාර්ගස්ථ අනතුරු ඇතිවීමට ඉඩ ඇති බැවින් වාහන පැදවීමේදී මෙන්ම මාර්ග හරහා යාමෙිදි සැලකිලිමත් විය යුතුවේ.

ධනු ලග්නය

වසර පුරාම පාහේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක් ඇතිකරන ග්‍රහ චාරයක් ධනු ලග්නය සතුව පවතින අතර 2 වැන්නේ ශනි සිටීමෙන් ආහාර ආශි‍්‍රත විවිධ ආබාධ ඇතිවීමට ඉඩ ඇති අතර 12 වැන්නේ කේතු සිටීමෙන් මානසික අසහනකාරි තත්ත්වයක් සහ ආතතිය ඇතිවිය හැකි අතර එය නින්දට බාධාකාරි වන අතර පාද ආශ්‍රිත ආබාධවලට ද හේතුවේ. එසේම අනෙකුත් ග්‍රහ පිහිටීම් සලකා බලන විට පෙණහලු ආශි‍්‍රත සෙම් ආබාධවලට මෙන්ම ප්‍රතිෂ්‍යාව සහ උණ වැනි ආබාධ වරින්වර ඇතිවිය හැකි අතර තුවාල ඇතිවීම් කුරුලෑ යනාදිය ද ඇතිවීමට ඉඩ ඇත. සුදුසු ආහාර ගැනීම මෙන්ම ව්‍යායාම්වල යෙදීම තුළින් සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කර ගත හැකිය. එසේම මෙම වසර තුළ මාර්ගස්ථ අනතුරු ඇතිවීමට ඉඩ ඇති බැවින් වාහන පැදවීමේදී මෙන්ම මාර්ග හරහා යාමේදි සැලකිලිමත් විය යුතුවේ.

 

මකර ලග්නය

මෙම වසර ඔබට නිරෝගි බව සම්බන්ධයෙන් සතුටුදායක වසරක් වන අතර වර්න් වර සුලු අසනීප තත්ත්වයන් පෙන්නුම් කරයි. එහෙත් පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තරමක් සැලකිලිමත්විය යුතුව ඇත. ශීර්ෂාබාධ සහ දණහිස් ආශ්‍රිත ආබාධ වරින්වර ඇතිවිය හැකි අතර ඒවා කෙටි කලකින් සුව වන බව පෙනේ. එසේම කලින් පැවති නිදන්ගත අසනීප මෙම වර්ෂය තුළදී සුව අතට පත් වන බව පෙනේ. ආතතිය සහ කාංසා ලක්ෂණ වරින්වර මානසික අසහනකාරි තත්ත්වයන් තුළින් ඇතිවුවත් ඒවා සමනය කර ගැනීමට තරම් ශක්තියක් ඔබ සතුව ඇත. එසේම වසරේ මුල් කාර්තුව තුළ මාර්ගස්ථ අනතුරු ඇතිවීමට ඉඩ ඇති බැවින් වාහන පැදවීමේදී මෙන්ම මාර්ග හරහා යාමේදි සැලකිලිමත් වියයුතුවේ. මත්පැන් සහ දුම්පානයෙන් වැලකීම යහපත්ය.

කුම්භ ලග්නය

මෙම වසර තුළ පසුගිය වසරට වඩා යහපත් ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවතින අතර පසුගිය වසරේ මෙන් සිත් තැවුල් ඇති නොවන බව පෙනේ. එසේම පසුගිය වසරේ ඇතිවූ රෝගාබාධද මෙම වසරේදි සුව වනු ඇත. කෙසේ වෙතත් පාද ආශ්‍රිත ආබාධ මෙන්ම සන්ධිගත ආබාධ ආතරයිටිස් වැනි ආබාධ ඇතිවීමට ඉඩ ඇති අතර උදරාබාධවලටද ඉඩ ඇති බැවින් ආහාර තෝරා ගැනීම සහ අනුභව කිරීමේදී සැලකිලිමත් විය යුතුවේ. මත්පැන් සහ දුම්පානයෙන් වැළකීම යහපත්ය.

මීන ලග්නය

මෙම වසර තුළ ඔබට වරින්වර රෝගාබාධ ඇතිවීමට ඉඩ ඇති අතර විශේෂයෙන් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුවේ. සිතේ කලබලකාරි ගතිය මෙන්ම ආතතිය අඩුකර ගැනීමට විවේකීව සිටීම යෝග්‍ය වන අතර ව්‍යායාම්වල නිරතවීමත් ක්‍රීඩා කිරීමත් බෙහෙවින් උචිත වේ. එසේම උදරාබාධ ඇතිවීමට ද ඉඩ ඇති බැවින් වඩාත් හිතකර ආහාර පමණක් තෝරා ගැනීම උචිතය. එසේම ඔබගේ ස්ථුල බව වැඩි වීමට හැකියාවක් ඇති බැවින් සමබල ආහාර වේලකට හුරුපුරුදු වීම ඔබට සෞඛ්‍ය අතින් සුදුසුවේ. කෙසේ වෙතත් සන්ධි ගත ආබාධ සහ තුනටියේ මෙන්ම පිට කොන්දේ ආබාධ වරින්වර ඉස්මතුවීමට ඉඩ ඇති බැවින් සැලකිලිමත් විය යුතුවේ. මත්පැන් සහ දුම්පානයෙන් වැළකීමයහපත්ය.

 

ටී. එම්. කුලරත්න

මනෝවිද්‍යා උපදේශක සහ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කර්තෘ - වෛද්‍ය ඡ්‍යොතිෂ ග්‍රන්ථය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.