රටට යහපත ලෙස

සැප්තැම්බර් 6, 2019

රටට යහපත ලෙස

සිතුවොත් මහත්වරු ලෙස

අභියෝග අභි යස

ජයෙන් ජය හිමි වේවි නිසි ලෙස

 

සිය දැනුම කැප කොට

සිය වෙහෙස වැය කොට

ගත කරන දිවි යට

ලොවම ජයගත හැකිය එත කොට

 

ඇණ කොටා ගැනු මට

ගියොත් ඔබ සැම විට

වියසනය මිහි පිට

උදාවේ එය සිතනු හැම විට

 

රට ගලව ගන් නට

සිතා භේදව සිට

සිත මොනම දේ කට

යොමු කරනු වෙද වටී සිත කට

 

එකිනෙකා වෙන් වී

හිඳින විට කොන් වී

මෙරට අන්සතු වී

යාවි එය සිතනුව නොසෙල් වී

 

දේශපාලන යට

රට ඇපයකට යට

කළොත් පිට දේ සෙට

නතුවෙලා වැනසේවි මගෙ රට

 

කවුරු කවුරුත් මෙන්

එකාලෙස හිඳු මෙන්

ලොවේ පොදු දහ මෙන්

කරන කටයුතු කරනු දැනු මෙන්

 

කෙනෙක් පරදන එක

සිතා දුර නොම දැක

පෙළට ගොස් එකි නෙක

ගැටෙන එක විපතකිය නොම සැක

 

මිනිසුනේ මේ ගැන

සිතා එළඹෙන දින

එකමුතුව හිඳි මින

කළොත් කටයුතු යෙහෙකි අද දින

 

තරගයට ගිය මුත්

සීමාව වැද ගත්

එකට බැඳ යුග අත්

හිඳිමු යොමු කොට සැමගෙ යුග නෙත්

 

අජිත් ධර්මසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.