විවාහය සිදුවන්නේ කෙසේදැයි කල්තියා දැන ගනිමු

ජූලි 22, 2022

දැනටමත් ඔබ විවාහපේක්ෂකයකු නම් ඔබේ ලග්නය කුමක් වූවත් ලග්නය 1 ලෙසින් සලකා වමට ගනින්න. හත අධිපතියා කුජ නොවී සිකුරු සමඟ 1, 4, 7, 12 යන තැනක සිටියහොත් ඔබේ විවාහ සහකරු රූමත් කාරුණික අයෙකු වේ. සාර්ථක යුග දිවියක් ගෙවිය හැක. වෘෂභ, තුලා හිමියන්ට අදාළ නොවේ. හත අධිපති සඳු නොවී ගුරු සමඟ නම් බුද්ධිමත් දියුණු අයකු විවාහයට ලැබේ. මකරයට මෙය බලපෑම් නැත. හත අධිපතියා බුධ සමඟ නම් විවාහයෙන් පසු දියුණු වේ. හත අධිපතියා සමඟ ලග්නාධිපතියා එක්වී නම් තම අදහස්වලට ගැළපෙන අයෙක් ලැබේ.

හත අධිපතියා සමඟ හතර අධිපතියා එක්වී නම් පෙම්කර විවාහවේ. හත අධිපතියා නවය අධිපතියා සමඟ නම් සිතැඟි පරිදි විවාහ වේ. හත අධිපතියා පහ අධිපතියා සමඟ කලක් ආදරයකර විවාහ වේ. හත අධිපතියා එකොළහ අධිපති සමඟ නම් හිතුමතේට විවාහ වේ. හත, අට රාශිවල ශුභයින් නම් රූමත් අයෙක් ලැබේ. වාසනාවන්ත යුග දිවියකි. කේන්ද්‍රයේ ශනි, ශුක්‍ර හෝ සඳු - ශනි එක් වී නම් විවාහය ප්‍රමාද වේ. පිරිමියෙක් නම් 32 ද ගැහැනියක් නම් 25 පසුවේ. කුජ ශුක්‍ර 1 නම් රූමත් ය. කාමුකයි. චරිතය හානි වේ. ගුරු සඳු නම් බලවත් විවාහයකි. පසුව භේද පවතී. එහෙත් ගුරු, සඳු, කිවි බාධක රහිතයි. සිකුරු කේතු නම් පළමු ආදරය කැඩේ. සිත් තැවුල් ය. හදිසි විවාහයකි. පසුව විවාහයේ ප්‍රශ්න ඇතිකරගනී. කුජ, කේතු ලිංගික දුබලතා ඇතිවේ. 7 වැන්නේ කුජ, ශුක්‍ර, රාහු රවි නම් අනියම් සබඳතා ඇතිකර ගනී. ගුප්ත දිවියක් ගෙවයි. රහසින් පව් කරයි. විකෘති පැතිකඩක් ඇසුරු කරයි.

ඡ්‍යොතිෂවේදී,

ටී. හෙන්රිබෙම්මුල්ල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.