වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ශරීරයේ සලකුණු ඇති කිරීමට ඉවහල්වන
මැයි 24, 2019
ග්‍රහ බලය
පුද්ගලයකු මෙලොව උත්පත්තිය ලැබීමෙන් පසු එක් පුද්ගලයකුගෙන් තව පුද්ගලයකු වෙන් වෙන්ව හඳුනා ගැනීමට විවිධාකාර වූ රූප ස්වභාවයන් මත උත්පත්තිය සිදුවනු ලබයි.
උත්පත්තියෙන් පසු ඇතිවන යම් යම් සලකුණු කෙටිකාලයකින් පසු මැකීයන සලකුණු ඇති වුවත් ජීවිත කාලය පුරාවටම නොමැකි පවතින්නාවූ සලකුණු ඇතිවීමද ඇත. එලෙස යම් පුද්ගලයකු උත්පත්තියේ දී මෙන්ම උත්පත්තියෙන් පසුවත් විවිධ වූ හේතුමත යම් යම් සලකුණු ඇති වී නොමැකී පැවතීමටත් ඉවහල් වන්නා වූ ග්‍රහ යෙදුම් ගැන විමසා බැලීමක් කරමු.
යම් පුද්ගලයෙකු මෙලොව උත්පත්තිය ලබද්දී අඟහරු ලග්නයේ සිටියේ ද බ්‍රහස්පති සත්වැන්නෙහි තැන්පත්ව සිටියේද සිකුරු ද බ්‍රහස්පති සමඟ යෝගවීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ හිසෙහි කැළලක් ඇති වී නොමැකිව පවතිනු ඇත.
සත්වැනි භාවයෙහි බ්‍රහස්පති තැන්පත් වී රාහුද තැන්පත් වූයේ ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාත් වම් අතෙහි කැළලක් ඇති වනු ඇත. එලෙසම බ්‍රහස්පති සත්වැන්නෙහි තැන්පත්වී රාහු ලග්නගතව සිටියේ ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගෙන් වම් අතෙහි කැළලක් නොමැකී පවතිනු ඇත.
සිකුරු ග්‍රහයා ලග්න ගතව තැන්පත්වි ද රාහු අටවැන්නෙහි තැන්පත් විද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද හිසේ හෝ වම් කන ආශි‍්‍රතව නොමැකෙන කැළලක් ඇතිවී නොමැකි පවතිනු ඇත. බ්‍රහස්පති ලග්නගතව සිටියේ ද අට වැන්නේ, සිකුරු තැන්පත්විද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද වම් අතෙහි කැළලක් නොමැකී පවතිනු ඇත.
සිකුරු පස්වැන්නෙහි තැන්පත් වීද බ්‍රහස්පති හා බුධ අටවැන්නෙන් තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ බඩෙහි නොමැකෙන කැළලක් ඇති වී පවතිනු ඇත. එසේම සිකුරු නව වැන්නේ තැන්පත් වීද සෙනසුරු සතර වැන්නෙහි තැන්පත් වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද බඩෙහි නොමැකෙන කැළලක් ඇති වී නොමැකී පවතිනු ඇත.
සිකුරු නවවැන්නේ තැන්පත් වී බුධ හා බ්‍රහස්පති අටවැන්නෙහි තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද බඩෙ හි නොමැකෙන කැලලක් ඇති වී නොමැකී පවතිනු ඇත. සිකුරු පස් වැන්නේ තැන්පත්වීද සෙනසුරු ලග්න ගත වූයේද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද බඩෙහි නොමැකෙන කැලලක් ඇති වී නොමැකී පවතිනු ඇත.
සිකුරු ග්‍රහයා අඟහරු ග්‍රහයා සමඟ දොළොස්වැන්නේ තැන්පත් වීද එසේ උත්පත්තිය ලද තැනැත්තාගේ වම් ඇලයෙන් සිදුවූ දෙයකින් නොමැකෙන කැළලක් ඇතිවී නොමැකී පවතිනු ඇත. එසේම අඟහරු එකොළොස්වැන්නෙහි තැන්පත්වී ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද යම් කිසි හේතුªවක් මත සිදුවීමකින් නොමැකෙන කැළලක් ඇති වී වම් ඇල නොමැකී පවතිනු ඇත.
සෙනසුරු පස්වැන්නෙහි තැන්පත්ව සිටියදී සිකුරු දැක්කද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ලිංගය ආශි‍්‍රතව කැළලක් ඇති වී නොමැකි පවතිනු ඇත. තවද සෙනසුරු නව වැන්නෙන් තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද ලිංගය ආශි‍්‍රතව කැළලක් නොමැකී පවතිනු ඇත.
අඟහරු ග්‍රහයාත් සිකුරු හා සඳු ග්‍රහයාත් ලග්න ගතව උත්පත්තිය ලද තැනැත්තාගේ හිසෙහි කැළලක් කල්යත්ම ඇතිවී නොමැකී පවතිනු ඇත. ශරීරයෙහි යම් යම් ස්ථාන ආශි‍්‍රතව කැළැල් ඇතිවීම කෙරෙහි ග්රහයින්ගේ බලපෑම ඉවහල් වන ග්‍රහ යෙදුම් කිහිපයක් ඉහත ග්‍රහ යෙදුම් අනුව පෙන්නුම් වේ.
ඡ්‍යොතිෂ
ශාස්ත්රශූරී,
මෙලාන් වික්‍රමසිංහ
෴ සබැඳි ලිපි ෴
කුජ නොහොත් අඟහරු ග්‍රහයා මිනිසාට ආත්ම විශ්වාසය, ඉවසීම, හදිසි ආවේගය, වීර ක්‍රියාවලට ඉදිරිපත් වීමට ඇති කැමැත්ත, ධෛර්ය, යමක් සංවිධානය කිරීමේ දක්ෂතාවය...
2023-07-27 18:30:00
උපන්දා සිට මරණය දක්වාම අප සංඛ්‍යාත්මක ලෝකයක් තුළ ජීවත් වන්නෙමු. ඒ පිළිබඳ අපර දිගුවන්ගේ සටහන්, ඉගැන්වීම් බොහෝ ය. අප කතා කරනුයේ හිරණ්‍ය කඩිප්ර...
2023-07-27 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ කටක රවි 12 භාග ඇසළ පුර දසවක තිථිය ලත් කිවිදින සිට එම රවි 18 භාග ඇසළ අව දියවක තිථිය ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ...
2023-07-27 18:30:00
කිසියම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව වනුයේ විවාහයයි. එය අපේ පැරැණි සම්ප්‍රදායානුකූල විය යුතු බව අපේ විශ්වාසයයි. ලෝකයේ අනෙක් රටවල...
2023-07-27 18:30:00
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක ජනවාරි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි පෙබරවාරි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු.ජනවාරි...
2023-07-27 18:30:00
මේෂ-වෘෂභ-සිංහ-තුලා-වෘශ්චික-ධනු රාශි හිමියන්ට සත්කලත්‍ර යෝග බලයවෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ රාශි හිමියන්ගේ ආයුෂ, ධනය, පිරිස් බලය වැඩේමිථුන-කටක-කන්‍යා-මකර-...
2023-07-27 18:30:00
යුවලක් යුගදිවියට පා තබන්නේ අතිශයින්ම දුෂ්කර කටයුත්කයෙදී අග්‍රඵලයක් නෙළා ගනිමින් ය. අනාගත අපේක්ෂාවන්ගේ මල්ඵල හට ගැනීමක් වන තුරු දෑස් නොපියාගෙන බලා...
2023-07-20 18:30:00
මම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියකු වන ප්‍රවාහන අධිකාරි තනතුර හොබවන කාලයේ ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි (Southern Indian...
2023-07-20 18:30:00
කවුද මේ අපේ කේන්දරේ ඉන්න බාධක ග්‍රහයා කියන්නේ ?බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන...
2023-07-20 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ කටක රවි 05 භාග ඇසළ පුර ජලවක තිථිය ලත් කිවි දින සිට එම රවි 11 භාග ඇසළ පුර දසවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි – කටකකුජ –...
2023-07-20 18:30:00
සඳු වූ කල්හි ලෞකික ජීවිතය සුඛිත මුදිත කරන ග්‍රහයෙකි. ඒ අනුව ලග්න කේන්දරයක අනෙක් ග්‍රහයන් කොතරම් ප්‍රබල වුවත් සඳු ග්‍රහයා දුර්වල නම් එකී බලවත් ග්...
2023-07-20 18:30:00
අගෝස්තු 07 වැනිදා සඳුදා පෙරවරු 10. 54 සිට ඔක්තෝබර් 02දා දක්වා දින 56ක් පුරා සිකුරු කටක රාශයේ සතුරුව ගමන් කරයි. මෙය මිනිස් සිතෙහි අසාමාන්‍ය සිතිවිලි...
2023-07-20 18:30:00
ජන්ම පත්‍රයේ 5 වැනි භාවය මගින් දරුපල පෙන්වයි. මෙම භාවයට දාරක ස්ථානයයි කියන්නේ මෙය දරුවන් ගැන කියන ප්‍රධාන ස්ථානය නිසාය. එහෙත් 5 වැනි භාවය මඟින්...
2023-07-13 18:30:00
ශකවර්ෂ 1945ක් වූ මිථුන රවි 30 භාග අධි ඇසළ අව දොළොස්වක තිථිය ලත් කිවි දින සිට කටක රවි 04 භාග ඇසළ පුර තියවක තිථිය ලත් ගුරු දින දක්වායි. ග්...
2023-07-13 18:30:00
ලොව ජනිත වන සියලුම සත්ත්වයන්ට ආදරය හෙවත් පේ‍්‍රමය හදවත තුළ ජනිත වීම ස්වභාවිකය. සමහරු ආදරය කර විවාහවන අතර, සමහරු යෝජිත විවාහයකට මුල්තැනක්දී විවාහයෙන්...
2023-07-13 18:30:00
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 8 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදි. අද අපි පෞද්ගලික අංක 9 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා...
2023-07-13 18:30:00