වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ශරීරයේ සලකුණු ඇති කිරීමට ඉවහල්වන
මැයි 24, 2019
ග්‍රහ බලය
පුද්ගලයකු මෙලොව උත්පත්තිය ලැබීමෙන් පසු එක් පුද්ගලයකුගෙන් තව පුද්ගලයකු වෙන් වෙන්ව හඳුනා ගැනීමට විවිධාකාර වූ රූප ස්වභාවයන් මත උත්පත්තිය සිදුවනු ලබයි.
උත්පත්තියෙන් පසු ඇතිවන යම් යම් සලකුණු කෙටිකාලයකින් පසු මැකීයන සලකුණු ඇති වුවත් ජීවිත කාලය පුරාවටම නොමැකි පවතින්නාවූ සලකුණු ඇතිවීමද ඇත. එලෙස යම් පුද්ගලයකු උත්පත්තියේ දී මෙන්ම උත්පත්තියෙන් පසුවත් විවිධ වූ හේතුමත යම් යම් සලකුණු ඇති වී නොමැකී පැවතීමටත් ඉවහල් වන්නා වූ ග්‍රහ යෙදුම් ගැන විමසා බැලීමක් කරමු.
යම් පුද්ගලයෙකු මෙලොව උත්පත්තිය ලබද්දී අඟහරු ලග්නයේ සිටියේ ද බ්‍රහස්පති සත්වැන්නෙහි තැන්පත්ව සිටියේද සිකුරු ද බ්‍රහස්පති සමඟ යෝගවීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ හිසෙහි කැළලක් ඇති වී නොමැකිව පවතිනු ඇත.
සත්වැනි භාවයෙහි බ්‍රහස්පති තැන්පත් වී රාහුද තැන්පත් වූයේ ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාත් වම් අතෙහි කැළලක් ඇති වනු ඇත. එලෙසම බ්‍රහස්පති සත්වැන්නෙහි තැන්පත්වී රාහු ලග්නගතව සිටියේ ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගෙන් වම් අතෙහි කැළලක් නොමැකී පවතිනු ඇත.
සිකුරු ග්‍රහයා ලග්න ගතව තැන්පත්වි ද රාහු අටවැන්නෙහි තැන්පත් විද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද හිසේ හෝ වම් කන ආශි‍්‍රතව නොමැකෙන කැළලක් ඇතිවී නොමැකි පවතිනු ඇත. බ්‍රහස්පති ලග්නගතව සිටියේ ද අට වැන්නේ, සිකුරු තැන්පත්විද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද වම් අතෙහි කැළලක් නොමැකී පවතිනු ඇත.
සිකුරු පස්වැන්නෙහි තැන්පත් වීද බ්‍රහස්පති හා බුධ අටවැන්නෙන් තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ බඩෙහි නොමැකෙන කැළලක් ඇති වී පවතිනු ඇත. එසේම සිකුරු නව වැන්නේ තැන්පත් වීද සෙනසුරු සතර වැන්නෙහි තැන්පත් වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද බඩෙහි නොමැකෙන කැළලක් ඇති වී නොමැකී පවතිනු ඇත.
සිකුරු නවවැන්නේ තැන්පත් වී බුධ හා බ්‍රහස්පති අටවැන්නෙහි තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද බඩෙ හි නොමැකෙන කැලලක් ඇති වී නොමැකී පවතිනු ඇත. සිකුරු පස් වැන්නේ තැන්පත්වීද සෙනසුරු ලග්න ගත වූයේද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද බඩෙහි නොමැකෙන කැලලක් ඇති වී නොමැකී පවතිනු ඇත.
සිකුරු ග්‍රහයා අඟහරු ග්‍රහයා සමඟ දොළොස්වැන්නේ තැන්පත් වීද එසේ උත්පත්තිය ලද තැනැත්තාගේ වම් ඇලයෙන් සිදුවූ දෙයකින් නොමැකෙන කැළලක් ඇතිවී නොමැකී පවතිනු ඇත. එසේම අඟහරු එකොළොස්වැන්නෙහි තැන්පත්වී ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද යම් කිසි හේතුªවක් මත සිදුවීමකින් නොමැකෙන කැළලක් ඇති වී වම් ඇල නොමැකී පවතිනු ඇත.
සෙනසුරු පස්වැන්නෙහි තැන්පත්ව සිටියදී සිකුරු දැක්කද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ලිංගය ආශි‍්‍රතව කැළලක් ඇති වී නොමැකි පවතිනු ඇත. තවද සෙනසුරු නව වැන්නෙන් තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද ලිංගය ආශි‍්‍රතව කැළලක් නොමැකී පවතිනු ඇත.
අඟහරු ග්‍රහයාත් සිකුරු හා සඳු ග්‍රහයාත් ලග්න ගතව උත්පත්තිය ලද තැනැත්තාගේ හිසෙහි කැළලක් කල්යත්ම ඇතිවී නොමැකී පවතිනු ඇත. ශරීරයෙහි යම් යම් ස්ථාන ආශි‍්‍රතව කැළැල් ඇතිවීම කෙරෙහි ග්රහයින්ගේ බලපෑම ඉවහල් වන ග්‍රහ යෙදුම් කිහිපයක් ඉහත ග්‍රහ යෙදුම් අනුව පෙන්නුම් වේ.
ඡ්‍යොතිෂ
ශාස්ත්රශූරී,
මෙලාන් වික්‍රමසිංහ
෴ සබැඳි ලිපි ෴
මිණිකැට කෙරෙහි මිනිසා ආකර්ෂණයට පත්වීම ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවතෙන්නකි. නොයෙක් ඉපැරැණි සංස්කෘතීන් තුළ ආශ්චර්යවත් ලක්ෂණික හා ගුණයන් බොහෝ මැණික්...
2023-08-24 18:30:00
ගුරු වූ කල්හි ජන්මියාට මෙලොව මෙන් පරලොව දියුණුව සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව හෙවත් සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ඥාන ශක්තිය ලබා දෙන ග්‍රහයෙකි.ඒ අනුව ගුරු...
2023-08-24 18:30:00
“මට ටිකට් එකක් ඇදෙයිද” යයි යම් අයකු විමසීමක් කළහොත් ඉන් බලාපොරොත්තු වන්නේ ලොතරැයියක් මඟින් හෙවත් ආයාසයකින් තොරව විශාල මුදලක් ලබා ගැනීමේ අපේක්ෂාවකි....
2023-08-24 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ සිංහ රවි 09 භාග නිකිණි පුර නවවක ලත් කිවිදින සිට එම රවි 15 භාග නිකිණි අව පෑලවිය ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශි...
2023-08-24 18:30:00
ඡ්‍යොතිෂයේ සුබ ග්‍රහයෝ, පාපී ග්‍රහයෝ කියල දෙආකාරයට ග්‍රහයින් නාමිකව හඳුන්වනවා. ඒ කිව්වේ රවි, කුජ, ශනි, රාහු – කේතු හා අවපාර්ශ්වයේ සඳු යන ග්‍රහයන්...
2023-08-17 18:30:00
කෙනකු උපදින අවස්ථාවේ පිහිටි ග්‍රහයන්ගේ තත්ත්වයත්, එම ග්‍රහයන් තැන්පත්ව පිහිටි ස්ථානයත් ඔවුන්ගේ බල දුබලතා ග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ සංයෝගයත් අනුව තමන්ට...
2023-08-17 18:30:00
මිනිසාට නොයෙකුත් රෝග පිඩා ඇතිවේ, කේන්ද්‍රයේ ලග්න භාවයේ සෙමින් ගමන් කරන ග්‍රහයෙක් සිටී නම් ඔහුට අසනීපයක් ඇතිවීනම් එය සුව වීමට කල් පසුවේ,මෙය බලවත් ග්...
2023-08-17 18:30:00
ජන්ම පත්‍රයක 8 වැනි භාවය මගින් කියවෙන්නේ ආයාසයෙන් තොරව ලැබෙන දේවල්ය. ඒ නිසා හදිසි ධන ලාභ ලැබෙන්න වාසනාව තියෙනවාද යන බව බලා ගන්නට හැකියාව ලැබෙන්නේ මෙම...
2023-08-17 18:30:00
ශකවර්ෂ 1945ක් වූ සිංහ රවි 02 භාග නිකිණි පුර දියවක තිථිය ලත් කිවි දින සිට එම රවි 08 භාග නිකිණි පුර අටවක ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ...
2023-08-17 18:30:00
පසුගිය සතියේ සෑම වර්ෂයකම අප්‍රේල් මාසයේ උපන් අයගේ ජිවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි මැයි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු.අප්‍රේල්...
2023-08-17 18:30:00
“කවද විතර බඳීන්න පුළුවන් වෙයිද කියා ප්‍රශ්නයක් මතු කළහොත් අප බලාපොරොත්තු වන්නේ ජන්ම පත්‍රය බලා එයට පිළිතුරක් දීමටයි. “කේන්දරය ගෙනාවෙ නැහැ හෝ “...
2023-08-10 18:30:00
විවාහ ජීවිතය අසුන්දර කටු පඳුරක් කරන්නටත්, නැතිනම් සුන්දර මල් උයනක් කරන්නටත් විවාහ දිවියට පත්වුණ තම බිරිය සමත් වන්නීය.ගුණ නුවණින් හා යහපත් චරිතයකින්...
2023-08-10 18:30:00
බුධ ග්‍රහයා වූ කල්හි මිනිසාට ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඥානය ලබා දෙන ග්‍රහයෙකි. මින් අදහස් කරන්නේ බුධ ග්‍රහයා විසින් මිනිසාට යමක්...
2023-08-10 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ කටක රවි 19 භාග ඇසළ අව තියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 25 භාග ඇසළ අව දසවක ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශි රවි -...
2023-08-03 18:30:00
කීයක් හරි සාධාරණව හරි හම්බ කරල පුංචි ගෙයක් හදාගෙන ජීවත්වූ කාලෙදි අපේ ගෙදරට නව ආලෝකයක් ආවා. ඒ අපේ ලොකු පුතා. ලොකු පුතා ඉපදිලා වසර 3කින් තමයි දුවක්...
2023-08-03 18:30:00
බොහෝ පෙරදිග වෛද්‍යවරු රෝග නිගමනය සඳහා තත්කාල කේන්ද්‍රය භාවිත කරති. ඔවුහු රෝගියා පරීක්ෂා කරන අවස්ථාවේ තත්කාල කේන්ද්‍රය බලා ඉතා පහසුවෙන් රෝගය...
2023-07-27 18:30:00