වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ශරීරයේ සලකුණු ඇති කිරීමට ඉවහල්වන
මැයි 24, 2019
ග්‍රහ බලය
පුද්ගලයකු මෙලොව උත්පත්තිය ලැබීමෙන් පසු එක් පුද්ගලයකුගෙන් තව පුද්ගලයකු වෙන් වෙන්ව හඳුනා ගැනීමට විවිධාකාර වූ රූප ස්වභාවයන් මත උත්පත්තිය සිදුවනු ලබයි.
උත්පත්තියෙන් පසු ඇතිවන යම් යම් සලකුණු කෙටිකාලයකින් පසු මැකීයන සලකුණු ඇති වුවත් ජීවිත කාලය පුරාවටම නොමැකි පවතින්නාවූ සලකුණු ඇතිවීමද ඇත. එලෙස යම් පුද්ගලයකු උත්පත්තියේ දී මෙන්ම උත්පත්තියෙන් පසුවත් විවිධ වූ හේතුමත යම් යම් සලකුණු ඇති වී නොමැකී පැවතීමටත් ඉවහල් වන්නා වූ ග්‍රහ යෙදුම් ගැන විමසා බැලීමක් කරමු.
යම් පුද්ගලයෙකු මෙලොව උත්පත්තිය ලබද්දී අඟහරු ලග්නයේ සිටියේ ද බ්‍රහස්පති සත්වැන්නෙහි තැන්පත්ව සිටියේද සිකුරු ද බ්‍රහස්පති සමඟ යෝගවීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ හිසෙහි කැළලක් ඇති වී නොමැකිව පවතිනු ඇත.
සත්වැනි භාවයෙහි බ්‍රහස්පති තැන්පත් වී රාහුද තැන්පත් වූයේ ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාත් වම් අතෙහි කැළලක් ඇති වනු ඇත. එලෙසම බ්‍රහස්පති සත්වැන්නෙහි තැන්පත්වී රාහු ලග්නගතව සිටියේ ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගෙන් වම් අතෙහි කැළලක් නොමැකී පවතිනු ඇත.
සිකුරු ග්‍රහයා ලග්න ගතව තැන්පත්වි ද රාහු අටවැන්නෙහි තැන්පත් විද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද හිසේ හෝ වම් කන ආශි‍්‍රතව නොමැකෙන කැළලක් ඇතිවී නොමැකි පවතිනු ඇත. බ්‍රහස්පති ලග්නගතව සිටියේ ද අට වැන්නේ, සිකුරු තැන්පත්විද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද වම් අතෙහි කැළලක් නොමැකී පවතිනු ඇත.
සිකුරු පස්වැන්නෙහි තැන්පත් වීද බ්‍රහස්පති හා බුධ අටවැන්නෙන් තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ බඩෙහි නොමැකෙන කැළලක් ඇති වී පවතිනු ඇත. එසේම සිකුරු නව වැන්නේ තැන්පත් වීද සෙනසුරු සතර වැන්නෙහි තැන්පත් වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද බඩෙහි නොමැකෙන කැළලක් ඇති වී නොමැකී පවතිනු ඇත.
සිකුරු නවවැන්නේ තැන්පත් වී බුධ හා බ්‍රහස්පති අටවැන්නෙහි තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද බඩෙ හි නොමැකෙන කැලලක් ඇති වී නොමැකී පවතිනු ඇත. සිකුරු පස් වැන්නේ තැන්පත්වීද සෙනසුරු ලග්න ගත වූයේද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද බඩෙහි නොමැකෙන කැලලක් ඇති වී නොමැකී පවතිනු ඇත.
සිකුරු ග්‍රහයා අඟහරු ග්‍රහයා සමඟ දොළොස්වැන්නේ තැන්පත් වීද එසේ උත්පත්තිය ලද තැනැත්තාගේ වම් ඇලයෙන් සිදුවූ දෙයකින් නොමැකෙන කැළලක් ඇතිවී නොමැකී පවතිනු ඇත. එසේම අඟහරු එකොළොස්වැන්නෙහි තැන්පත්වී ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද යම් කිසි හේතුªවක් මත සිදුවීමකින් නොමැකෙන කැළලක් ඇති වී වම් ඇල නොමැකී පවතිනු ඇත.
සෙනසුරු පස්වැන්නෙහි තැන්පත්ව සිටියදී සිකුරු දැක්කද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ලිංගය ආශි‍්‍රතව කැළලක් ඇති වී නොමැකි පවතිනු ඇත. තවද සෙනසුරු නව වැන්නෙන් තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද ලිංගය ආශි‍්‍රතව කැළලක් නොමැකී පවතිනු ඇත.
අඟහරු ග්‍රහයාත් සිකුරු හා සඳු ග්‍රහයාත් ලග්න ගතව උත්පත්තිය ලද තැනැත්තාගේ හිසෙහි කැළලක් කල්යත්ම ඇතිවී නොමැකී පවතිනු ඇත. ශරීරයෙහි යම් යම් ස්ථාන ආශි‍්‍රතව කැළැල් ඇතිවීම කෙරෙහි ග්රහයින්ගේ බලපෑම ඉවහල් වන ග්‍රහ යෙදුම් කිහිපයක් ඉහත ග්‍රහ යෙදුම් අනුව පෙන්නුම් වේ.
ඡ්‍යොතිෂ
ශාස්ත්රශූරී,
මෙලාන් වික්‍රමසිංහ
෴ සබැඳි ලිපි ෴
“කෝ මේ දාහතේ ඇඳේ ලෙඩා? කවුද සිරියාවතී නේද?”මිසී එයා ලැට් එකට ගියා. ආ මේ එන්නේ”“මොකද මේ බත් කාල නැත්තේ. උදේ නේද දරුවා හම්බ වුණේ. කොයි තවම නෑවෙත්...
2024-02-01 18:30:00
සැමදා හිමිදිරි පාන්දර අවදිව කොණ්ඩදෙණිය පන්සලේ බෝමළුව ඇමදීම් කොට පවිත්‍ර කිරීම කොණ්ඩදෙණිය හිමියන්ගේ පුරුද්දකි. ආවතේවකම් කිරීමට සහායකයන් කෙතරම් සිටියත්...
2024-02-06 18:30:00
මේ මෑත දිනෙක එක්තරා අලුත විවාහ වූ යුවළක් ඇවිත් ඒ අය අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයකට හොඳ නැකතක් ඉල්ලා සිටියා. ඒ සමඟම කියා සිටියා ගිය වර වෙනත් කෙනෙකුගෙන්...
2024-01-25 18:30:00
ජනවාරි මාසයේ 6, 15, 24 දිනයන්හි උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර ඔබ සිකුරු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. සිකුරු ග්...
2024-01-25 18:30:00
එළැඹෙන පෙබරවාරි 01 ගුරුදින පස්වරු 02.23ට දැනුමට අධිපති බුධ ග්‍රහයා මකර රාශි ගත වී පෙබරවාරි 20 අලුයම දක්වා පවතී. මේ කාලය තුළ ස්ත්‍රී පුරුෂ...
2024-01-25 18:30:00
හස්ත රේඛා පරික්ෂාවකදි ඉතාම වැදගත් වු ප්‍රධාන රේඛා පසුගිය සතියේ ලිපියෙන් අප හඳුනාගත් අතර අද අප අප්‍රධාන රේඛා සහ තවත් වැදගත් වු ලක්ෂණ කිහිපයක්...
2024-01-18 18:30:00
ඉපැරැණි ඍෂිභාෂිතයෙන් ගොඩනැඟුණ ඡ්‍යොතිෂය පෝෂණය කළ විග්රහ කළ ඍෂිවරු අතර පරාශර වාශිෂ්ඨ ජෛයමිණි විශ්වමිත්ර අත්‍රි අග්රස්ත්ය ආදි ඍෂිවරුන් ගැන කියවේ....
2024-01-18 18:30:00
මෙලොව වෙසෙන සෑම ජීවියෙකුටම කුමන හෝ ලෙඩක් සෑදෙයි. අඩුම තරමේ හිසේ කැක්කුමක් හෝ සෑදෙයි. කායික ලෙඩ හා මානසික ලෙඩ ලෙස රෝග දෙආකාරයි. “සබ්බේ සත්තා...
2024-01-18 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ මකර රවි 05 භාග දුරුතු පුර නවවක ලත් කිවිදින සිට එම රවි 11 භාග දුරුතු පුර පසළොස්වක ලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - මකරකුජ...
2024-01-18 18:30:00
ඒරාෂ්ටකය ගැන ඔබ නොදන්නා සැඟවුණ කරුණු ටිකක් කියන්නට තමයි අද සටහනට තේමාව කර ගත්තේ. මේ සටහන ලියන්න පාදක වූ කේන්ද්‍ර කීපයක් ගැනත් විස්තර ලියනවා....
2024-01-18 18:30:00
පසුගිය මාස කිහිපය තුළ ලංකාවේ ලිංගික අපචාර (sex abuse) නැතහොත් ලිංගික අපරාධ (sex crimes) පිළිබඳ වාර්තාවලට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල මූලික තැනක්...
2024-01-18 18:30:00
පසුගිය සතියේ පෞද්ගලික අංකය සොයාගන්නා ආකාරය සහ ජනවාරි මාසයේ උපන් පුද්ගලයන්ගේ ජිවන තොරතුරු සාකච්ජා කරන ලද අතර අද ජනවාරි මාසයේ උපන් පෞද්ගලික අංක 1, 2, 3...
2024-01-18 18:30:00
එළැඹුණු 2024 වසරේ තත්කාල සටහනට අනුව ලග්නාධිපති ගුරු පස්වැන්නේ සිටින අතර, පස්වැන්නාධිපති ලග්නයේ යෙදී පස්වැන්න හා ලග්නය අතර මහා පරිවර්තන යෝගයක් තනයි....
2024-01-11 18:30:00
සරල ලෙස ඡ්‍යොතිෂය හදාරමින් සුළු ඡ්‍යොතිෂ දැනුමක් පවතින කෙනෙකුට පවා පුද්ගලයාට මෙන්ම ලෝකයටම වුවත් අනාවැකි කිව හැකි පුදුමාකාර විස්මිත ශක්තියක් අඩංගු ක්...
2024-01-11 18:30:00
ආරියරත්න කහවිටයන්ගේ බලවත් ඉල්ලීම පිට සිංහල සිනමාවට එක් වූ රොබින් ප්‍රනාන්දු චිත්‍රපටි 200කට පමණ රංගනයෙන් දායක වූ බව කියා තිබේ. පසු කාලය තුළදී...
2024-01-11 18:30:00
අංක විද්‍යාත්මකව කරුණු විග්‍රහයේදි අපිට වැදගත් වු අංක කිහිපයක් තිබේ. ඒ අපගේ පෞද්ගලික අංකය, දෛව්‍ය අංකය, සහ මාසයේ බලයයි. යම් පුද්ගලයකුගේ...
2024-01-11 18:30:00