විශ්ව ප්‍රජාවගේ සමාජ පරිවර්තනයකට සෙන්පති තුලාවට ප්‍රවේශවේ

ඔක්තෝබර් 8, 2021

ශනි කුජ- ශනි චන්ද්‍ර දෘෂ්ටිය -රවි චන්ද්‍ර සප්තම දෘෂ්ටිය ගුරු ශනි - පාශ -වෙශී වොශී උභයචාරී යෝග රාශී දොළහකටම සුබාසුබ ගෙන දෙන අතර පංච මහා පුරුෂ යෝග උදා‌වෙන් මිථුන, කන්‍ය, ධනු, මීන රාශී හතරට භද්‍රා යෝග නමින්ද වෘෂභ. සිංහ, වාශ්චික, කුම්භ රාශී හතරට මාලවී යෝග නමින් ද රවි කුජ ට සුබ කර්තරී යෝග බලය රාශි දොළසටමද අසිරිමත් ලෙස විශ්ව තාරකා මන්දාකිණිය ප්‍රධානය කෙරේ

දක්ෂිණායන සරත් සෘතුවෙහි තුලා රවි 5 භාග වප් මහේ අව දියවක තිථිය තුලා රාශිය තුළ නවාංශකය සිත 3 පාදය ඔක්තොම්බර් 22 වැනි කිවි දින අලුයම 02.03 සෙන්පති අඟහරු ග්‍රහයා තුලා රාශියට සංක්‍රමණය සිද්ධ වන්නේය.

නැගෙනහිර ක්ෂිතිජ‌යෙහි සිකුරු හිමි වෘෂභ රාශිය උදාවෙහි කන්‍යා කාරක බුධ ග්‍රහයා උච්ච මූල ත්‍රිකෝණව නිවෘතව 5 වැන්නේදී රාජ්‍ය කාරක රවි නීච ක්ෂේත්‍රව සෙන්පති අඟහරු සමඟ රෝග සතුරු ස්ථානය වූ 06 වැන්නේදී උච්ච කේතු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකොණ සිකුරු අප්සරාවිය 07 වැන්නේදී නීච ක්ෂේත්‍ර නිවෘති සුරගුරු වූ බ්‍රහස්පති ස්වක්ෂේත්‍ර නිවෘති සෙනසුරු නිවෘතව සතුරුවද ප්ලූටෝ සතුරුව භාග්‍යස්තානය වූ 09 වැන්නේදී වක්‍ර නැප්චූන් සමව 10 වැන්න වූ කර්මස්ථාන ගතව ද යුරේනස් සමව චන්ද්‍රයා සමව 12 වැන්න වූ වැය ස්ථාන ගතව ද 22 වන දෙර්කාණාධිපති අඟහරු ද බාධක ග්‍රහයා සෙනසුරුද යෙදී අසිරිමත් විශ්ව තාරකා මන්දාකිණිය විරාජමාන වන්නේය.

ශ්‍රී ලංකා සිංහ ජනරජ රාශී සටහන සහ විශ්ව මේෂ රාශී සටහන සම තුලිත ගණනයකින් පසු විශ්ව ප්‍රජා තොමෝ අතර විපරීත සුවිශේෂී සමාජ පෙරළි රැසක් 2021 තිරසාරව නිර්මාණය වීමකි. 2021-22-2023 ආදී වර්ෂයන් ආශ්‍රිතව පොදු මහත් විශ්ව ප්‍රජාවගේ දැවෙන තැවෙන අවරෝහණ සත්ව කොටසකට සමාන වී යාම සමාජ තලය පෙරළිකාර නව දර්ශනයන් හඹා යාමේ සමාරම්භය මෙම අඟහරු ග්‍රහ මාරුව බොහෝ දුර‌ට බලපාන්නෙකි. සාමාන්‍ය සිවිල් ජනතාව අතරට ඊර්ෂියාව, වෛරය, ක්‍රෝධය වැනි තිරශ්චීන චින්තනයට පාත්‍ර කරවමින් ගුණාත්මක පැති කඩ සුන්බත් කරළීම වර්තමාන සමාජ දැක්මකි. සෑම දෙනාම සංවේදීව ජීවිතය දෙස බැලිය යුතු කාලපරාසයකි.

 

කොත්මලේ

විජිත ඩී ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.