අම්ලපිත්තයට මල බද්ධයට හා මුත්‍රා දැවිල්ලට ගුණදායක හුළංකීරිය

ඔක්තෝබර් 28, 2022

අල බතල වගේ ජනපි‍්‍රය නොවූවත් හුළංකීරිය අලවල ඇත්තේ පුදුමාකාර ඖෂධීය ගුණයක්. වෙළෙඳපොළේ නිතර දෙවේලේ දකින්නට නොලැබෙන නිසාදෝ ගෘහිණියන් ඒ ගැන වැඩි සැලැකිල්ලක් නොදක්වන බව පෙනේ. අල,බතල වගේම හුළංකීරිය තම්බා පොල් සමඟ උදේට ආහාරයට ගැනීමට එදා වැඩිහිටියන් පුරුදුව සිටියේ මල බද්ධයට අර්ශස් රෝගයට එය කදිම ඖෂධයක් වූ බැවිනි.

 

අම්ලපිත්ත රෝගය කියන්නේ ආම රෝගයේ එක් අවස්ථාවක්. මේ අවස්ථාව නැසීමට අම්ලපිත්තය තුරන් කිරීමට හුළංකීරියවලට පුදුම බලයක් තිබෙනවා. එපමණක් නොවෙයි බඩවැල ආශි‍්‍රතව හටගන්නා වූ තුවාල සුවකිරීමේ බලයකුත් හුළංකීරිය අලවල තියෙනවා. අර්ශස් රෝගයට ගුණදායි හුළංකීරිය අල ලේ පිටවන අර්ශස් රෝගයටත් නිතර නිතර මලපහ කෙරෙන රෝගීන්ටත් ගුණදායකයි. එමෙන්ම හුළංකීරිය අල වාතය හා පිත සමනය කිරීමේ ගුණයකින් ද යුක්තයි.

හුළංකීරියවලට නම් රැසක්ම භාවිත කෙරේ. සිංහල භාෂාවෙන් හුළංකීරිය කියා කියන අතර සංස්කෘත බසින් තුග පුෂ්ප, පලාශගන්ධා, තුෂාක්ෂිරි, ක්වාක්ෂීරා, ධවලා ශුහා යන නම් යෙදෙන අතර දෙමළෙන් අරුරට්ට්‍රක්කිලාන්ගු කියා ද ඉංගී‍්‍රසි බසින් ඒඅඅර්‍ණඑ අර්‍ණර්‍ණච් ර්‍ථඹ්ඒව්ඊ කියා යෙදේ. හුළංකීරිය කිසිදු පොහොරක් නොදමා වගා කළ හැකි ආහාරමය ඖෂධයකි. තද කොළ පැහැති කොළවලින් යුත් හුළංකීරිය ශාකය අඩි එකක් හෝ දෙකක් පමණ උසට වැඩේ. හොඳින් වැඩෙන ගසේ මවු අලයෙන් ඉතා සියුම්ව හටගැනෙන අල වැඩීමේදී අග කෙළවර ක්‍රමාණකූලව විශාල වී වැඩේ. හුළංකීරිය අල ත්‍රිකෝණ හැඩයකින් යුත් පොතුවලින් වැසී පවතී. අලයක් සාමාන්‍යයෙන් අඟල් හතරේ සිට දොළහ දක්වා වූ දිගට වැඩේ. අලයේ අග කොටස මොළොක් ගතියකින් පවතී. මෙම අල සැපීමේදී කිරි මෙන් මිහිරි රසයක් දැනේ. අලවල ළපටි කොටස් තම්බා පොල් සමඟ ආහාරයට ගැනීමට බොහෝ දෙනෙක් පි‍්‍රය කරති.

හුළංකීරිය අල සුදු පැහැති නිසා පායක්ෂිර ධවලා ශුහා තුගපුෂ්පා යන නාමයන් යෙදී ඇත. හුළංකීරියවල ප්‍රභේද දෙකක් දැක්වේ. ඒ බටහිර ඉන්දියානු අරලුත් (ර්ඒඅඒව්ඊඒ ඒඅඋව්ර්‍ථධ්ව්ඒඛ්ඡ්අ (ර්.ඒ) හා නැඟෙනහිර ඉන්දියානු අරලුප් (ඛ්.ඒ) හුළංකීරිය ඉතා රසවත් ගුණදායක ආහාරයකි. හුළංකීරිය පිටි ද පොල්කිරි යොදා සකස්කරගත් කැඳ ශරීරයට ඉතාම ගුණදායකය.

බොහෝ ගම්බද ප්‍රදේශවල හුළංකීරිය පිටි හාල්පිටි සමඟ මිශ්‍රකර පොල් ද එක්කර සාදා ගන්නා රොටි කෑමට ගැනීමට ද පි‍්‍රයමනාපයක් දක්වයි. හුළංකීරිය පෙතිකපා අල නමින් සාදාගන්නා ව්‍යාංජනය ද ඉතාම රසවත් මෙන්ම ගුණදායක වෙයි. අරලුප් පිටි නමින් ද හඳුන්වන හුළංකීරිය අල හොඳින් කීප විටක්ම සෝදා අල සිහින් පෙතිවලට කපා කුඩා කෑලි සිටිනසේ කපා ඒවා කොටා පොල් එක්කිරීමෙන් ජලයේ එක්කොට මිරිකා එම ජලය මිශ්‍ර පිටි රැයක් භාජනයක ලා තබා පසුදා මතුපිට ජලය පෙරා ඉවත්කොට ඉතිරිවන හුළංකීරිය පිටි තෙත මිශ්‍ර පිටි අවුවේ හොඳින් වියළා ගත්විට අරලුප් පිටි සකස්කර ගත හැකිය. පසුව මෙම පිටි උණුවතුර සමඟ එක්කර බීමෙන් සිරුරට ගුණ රැසක් ඇතිවේ.

හුළංකීරිය පිටි පොල්කිරෙන් දියකර සීනි සහ ලුණු ස්වල්පයක් මිශ්‍රකර තලප මෙන් සාදා ආහාරයට ගත හැකිය. කුඩා දරුවන්ට මෙය කිරිවරණ කාලයේදී ආහාරයක් ලෙස දීමට පිළියෙල කරගත හැකිය. එසේම ගෙදරදී සකස්කොට වියළා ගත් පිටි හා සම ප්‍රමාණයක් සීනි ගෙන ලිප තබා පැණි පදමට උණුකර එයට හුළංකීරිය අරලුප් පිටි දමා එනසාල් , කරාබු නැටි, සාදික්කා, කුරුඳු පොතු ටික ටික ගෙන කුඩුකර තලප මෙන් සාදාගත් හුළංකීරිය බඳුනට මිශ්‍රකර හොඳින් කලවම් කර ලෑල්ලක තුනීකර කෑලිවලට කපා ගැනීමෙන් හුළංකීරිය අලුවා සාදාගත හැකිය. එය නිවැසියන්ට මෙන්ම අමුත්තන්ට සංග්‍රහ කිරීමට ගත හැකි රසවත් රස කැවිල්ලකිය.

හුළංකීරිය තම ගෙවත්තේ පහසුවෙන් වගා කළ හැකි ඖෂධ පැළෑටියකි. කොළ පැහැයෙන් යුත් දිගැටි පත්‍ර සහිත එය අඩි එකේ සිට අඩි දෙක දක්වා උසට වැඩෙන පැළෑටියකි. තෙත් පස සාරවත්වීමට හේතු වේ. හුළංකීරිය අල ඕනෑම රළු පසකට ඔරොත්තු දෙයි. පැළයට පොහොර අවශ්‍ය නොවේ. සිටුවා වසරක කාලයේදී හොඳ අස්වනු නෙළාගත හැකිය. හුළංකීරිය අලය අඟල් හතරේ සිට අඟල් දොළහ දක්වාවූ දිගට වැඩේ. ගෙවත්තේ ඉඩ ඇති පරිදි හොඳ වගාවක් ලෙස ද වගා කළ හැකිය.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.