කුළුබඩුවල ඖෂධීය ගුණය

අප්‍රේල් 15, 2022
 
විෂබීජ නැසීමේ හා රෝග නාශක ගුණයක් ඇති තුනපහවල නැතහොත් කුළුබඩුවල බෝවන රෝග හා බෝ නොවන රෝග මර්දනය කිරීමේ ශක්තියක් ද පවතී. 
 
කුළුබඩුවල පවතින වාෂ්පශීලි තෙල්ගතිය නිසා සුවඳවත් ගතියක් පවතී. ප්‍රෝටීන්, මේද, කාබොහයිඩ්‍රේට්, කැල්සියම්, පොස්පරස්, යකඩ ඇතුළු විටමින් වර්ග රැසක්ම අන්තර්ගතව පවතී. එහෙත් එළවළු ව්‍යාංජනවලට කුළුබඩු යෙදිය යුත්තේ අධික ප්‍රමාණයෙන් නොව සුළු වශයෙනි. එමෙන්ම ලුණු ද වැඩිපුර යෙදවීමට කාන්තාවන් උනන්දු වෙනවා. 
 
මස්, මාළු, එළවළු, මැල්ලුම්, සලාද ආදී ආහාර ද්‍රව්‍යවලට ඒ රසයට අනුව කුළුබඩු කොටස්වලින් යෙදවූවත් ලුණුනම් ඒ සෑම එකකටම අවශ්‍ය පරිදි යොදවනු ලබන්නේ ඉන් පවතින රසය වැඩි කර ගැනීමේ අරමුණ ඇතිවය. සෑම ව්‍යංජනයකම ලුණු දමා ලුණු වැඩිපුර පවතින ආහාර කෑමෙන් අධික රුධිර පීඩනය ඇති වේ. හදවත් රෝග සහ ආමාශ පිළිකා හට ගැනීමේ අවදානමක් පවතී. ශරීරයේ පැවැත්මට ලුණු සුළු ප්‍රමාණයක් අවශ්‍ය වේ. එම නිසා ව්‍යංජනවලට ලුණු එක්කළ යුත්තේ සුළු වශයෙනි. ලුණු මිශ්‍ර කිරීමේදී අයඩින් සහිත ලුණු භාවිතයට හුරු විය යුතු ය. අයඩින් අඩු වීමෙන් ගලගණ්ඩය මොළයේ වර්ධනය අඩු වීම කථන හා ශ්‍රවණාබාධ හා ශරීරයේ වර්ධනය අඩු විය හැකි ය. 
අබ 
ආහාර රසගැන්වීමට යොදනු ලබන අතර අබ රෝග රැසකටම ගුණදායක වේ. හුස්ම ගැනීමේ අපහසුතාව, ක්ලාන්තය, කැරකැවිල්ල, සිහිමඳගතිය, කක්කල් කැස්ස ද ශරීරයට ඇතුළුවන විෂ වර්ග නසාලීමේ සහ ශක්තිය වඩවන බී විටමින් මෙන්ම සින්ක්, යකඩ ආදී ඛනිජ වර්ගද පවතී. විටමින් බී, බී 2 මෙන්ම කැරොටින්, කැල්සියම්, මැග්නීසියම් ද අන්තර්ගතවේ. සෙම සමනය කරයි. බඩගින්න ඇති කරයි. බොහෝ කාලයක සිට අබ යොදා ආහාර වැඩියෙන් ගැනීමෙන් වාත රක්තය හා රත්පිත් රෝගවලට හේතු වේ. 
ගම්මිරිස් 
තද උෂ්ණගුණයෙන් යුක්ත වේ.
ආහාර දිරවීමේ ශක්තියක් ඇත. වාතය සෙම නසන ගුණයක් පවතී. ශ්වසන ආබාධවලට ගුණ වේ. දත්මුල දියවීමට හා පණු ගෙඩි ආදියටද ගුණවේ. ගම්මිරිස් ගිනියම් වේ. ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇදුම ආදී බෙහෙත් සඳහා යොදා ගනී. ගම්මිරිස් ඉතා සුළු ප්‍රමාණයක් මස්, මාළු, වෑංජනවලට එක්කිරීම සුදුසු ය. 
උළුහාල් 
 
දියවැඩියා රෝගය පාලනය කෙරේ. වාත දෝෂ සමනය කෙරේ. ස්නායුවලට හිතකර වේ. ආහාර රසවත් කරගැනීමට විශේෂයෙන් යොදනු ලැබේ. වේදනා නාශකයකි. උණ, අජීර්ණය, අරුචිය, වමනය, අර්ශස්, උදර ශුල, බඩ පිපුම, අතීසාරය ආදී රෝග රැසකටම ගුණදායකය. 
කහ 
විෂබීජ නාශක ගුණයක් ඇත. සමේ වර්ණය වර්ධනය කරයි. කහවල රෝග නිවාරණ බලයක් ද පවතී. ප්‍රතිශක්සිකාරක ගුණය ඉහළින්ම ඇත. තරුණ බව රැකීමේ හා වාතය හේතුවෙන් වැලඳෙන රෝග මැඬලීමේ ගතියක් පවතී. ව්‍යංජන වර්ණවත් කිරීම සඳහා බෙහෙවින් යොදා ගන්නා කහ ක්ෂුද්‍ර නාශක ගුණයෙන් යුක්තය. ආමාශගත රෝග රැසකටම ගුණවත් වේ. අනෙකුත් කුළුබඩුවලට වඩා කහ විශේෂත්වයක් වන්නේ චීස්, බටර්, මාගරින්, අච්චාරු, මත් පැන්, පලතුරු, කේක්, ජෙලි, සෝස් වර්ග මෙන්ම රූවලාවණ්‍ය ඖෂධ වර්ග හා ආහාර වර්ගද වර්ණ ගැන්වීමට යොදා ගන්නා බැවිනි. 
කුරුඳු
සෙම් හා පිත් නැසීමේ ඉහළ ගුණයක් කුරුඳුවල ඇත. විෂබීජ නාශක ගුණයෙන් ඉහළ ස්නායුපද්ධති රෝගවලට මෙන්ම ආහාර ජීර්ණවලට බඩගින්න අඩු බවට බඩේ කැක්කුමට ආහාර අරුචියට හා ග්‍රහණි රෝගවලට ද ගුණදායක ය. දියවැඩියාව පාලනය කිරීමටත් කොලෙස්ටරෝල් අවම කිරීමටත් විෂබීජ නැති කිරීමටත් කුරුඳු සමත් වේ. මූත්‍ර ආසාදනවලට විටමින් සී, විටමින් ඊ, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ හා ඛනිජ පදාර්ථ ද අන්තර්ගතව ඇත. සමේ ඇතිවන ආසාදන හා කුෂ්ඨ රෝගවලට ද ගුණාත්මක ඖෂධයකි. ආහාර ඉක්මනින් දිරවීමද පහසු කරයි. 
කොත්තමල්ලි 
කෝප වූ තිදොස් සමනය කිරීමේ ගුණයක් පවතී. මොළයේ ක්‍රියාකාරීත්වය පහසු කරයි. උෂ්ණ ගුණයෙන් යුක්ත වේ. ආහාර රුචිය වඩවයි. අම්ලපිත්ත රෝගයට බඩගින්න අඩුකමට ප්‍රතිශ්‍යාවට මුඛයේ දුර්ගන්ධයට ශරීරයේ පළුමතු වීමට, දියවැඩියාවට සුදුසුයි.
සූදුරු
 
ආමාශගතව පවතින විෂ දුරුකිරීමටත් පෙණහලුගත රෝගවලට මෙන්ම බඩගින්න ද ඇති කරවයි. ආහාර දිරවීම පහසු කරවන අතර මතකය අඩු වීමට හා වයසට යෑම පමා කරවීමේ ශක්තියක්ද පවතී. සිරුර ප්‍රාණවත් කිරීමේ හා උදරයේ ඇතිවන රෝග සමනය කිරීමේ බලයක් ද පවතී. රූපලාවණ්‍ය කටයුතුවලට ද යොදා ගන්නා සූදුරු ප්‍රතිඔක්සිකාරක ගුණයක් ද පවතී. 
ඉඟුරු
කොලෙස්ටරෝල් පාලනයට හිතකර ඉඟුරු මධුමේහය රෝගීන්ටත් අධික තරබාරුවෙන් යුත් අයටත් ඉඟුරු සුවදායකත්වයක් ගෙන දේ. වමනයට සෙම්ප්‍රතිශ්‍යාවට වේදනා නාශ ගුණයෙන් හෙබි රූපලාවණ්‍ය කටයුතු සඳහා ද යොදා ගනියි.වේදනා නාශක ගුණයෙන් ඉහළ ඉඟුරු අර්ශස් රෝගීන්ටද ගුණදායක ය. ස්නායු උත්තේජනය කර වාතය ද සමනය කරයි. 
දුරු
උණුසුම් වෙයි. විහිදුවන සුවඳක් පවතී. සෙම නසන හා කෘමි උවදුරු ඉවත් කරන ඖෂධයක් ද වේ. 
ගොරකා
බඩේ අජීර්ණය දුරලයි. විෂ නසයි. පිළිකා මර්දනය කරයි. හිසරදය, කැරකැවිල්ල, මුඛය වියළීම, ගුණාත්මක වේ. මළපහ කිරීම පහසු කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. පිළිකා ඇති වීමත් අවම කරයි. 
කරපිංචා
කොලෙස්ටරෝල් පාලනය කරයි. කෑම අපි‍්‍රයභාවය බඩගින්න නැතිකමට බඩ පුරවා දැමීම ශරීරගත විෂට පණු රෝග, වමනයට කැරකැවිල්ලට අගනාම ඖෂධයකි. ආහාර රසවත් කරන කරපිංචාවල පෝෂණ ගුණ ගණනාවක් ම පවති. 
සියඹලා
කෑම රුචිය ඇති කරයි. හෘද රෝගින්ට ගුණදායක වේ. කැස්සට ඇදුමට ගුණදායක වේ. මළබද්ධයට කැඩුම් බිඳුම්වලට මුඛ රෝගවලට ඇතුළු රෝග රැසකටම ගුණදායක ය.
කරාබු 
කෑම අරුචිය, අජීර්ණය නසාලයි. හෘද දුබලතාවලට මෙන්ම සෙම් රෝග ශ්වාසය, හික්කා නසාලනු ලැබේ. සෙම දුගඳ බව නසාලන ගුණයෙන් ද යුක්ත වේ. 
විවිධ රෝගාබාධ රැසකටම ගුණගෙන දෙන කරාබු නැටි, වාත කැක්කුමට විශේෂ වේ. සුදුලූනු, ආමාශගත රෝග සඳහාත් රුධිරගත රෝග සඳහාත් ඉතාම ගුණවේ. අධික වේදනාවට දියවැඩියාවට පණු රෝගවලට ස්නායු රෝගවලට මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරේ. 
සුදුලූනු
 
විෂබීජ නාශකයක්ද වෙයි. මිරිස් - සෙම්, වා සමනය කරයි. පිත් වඩයි. ගිනි වඩයි. ආහාර දිරවීම පහසු කරයි. වැඩියෙන් ගැනීම අහිතකර වේ. උදර රෝගවලට ගුණදායක වේ. 
 
මොනරාගල සිරිගල 
ආයුර්වේද වෛද්‍ය 
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි 
 
සටහන 
එස්.එස්. එස්. ප්‍රනාන්දු 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.