හඟුරන්කෙත සංජීව පිළිතුර

කන්‍යා ලග්න මිථුන නවාංශක සිත නැකත දැනට දසාව රාහු, දැනට පමාවීමක් නැතත් ඔබ සිතන ආකාරයට ඉක්මන් විවාහයකට යා නොහැක. එසේ වුවහොත් එහි අනිසි විපාක ඉදිරියේදී විඳින්නට සිදුවේවි. කෙසේවෙතත් මෙම දසා කාලය තුළම ඔබට ඔබේ සහකාරි හමුවේවි. ඔබ පදිංචි ප්‍රදේශයට බොහෝ ඈතින් ඊසාන දෙසින් සහකාරිය හමුවන්නට පිළිවන.

 විවාහ ස්ථාන අධිපති දුෂ්ඨ ස්ථානයක් වූ 12 වැන්නේ උපතේදී පිහිටීම සුභදායක නැත. විවාහය පමාවීමට මෙයද හේතුවක් විය හැකිය. දායාද ගැන බලාපොරොත්තු තබා නොගන්නේ නම් මැනවි. යුගදිවිය යහපත්ව පවත්වාගෙන යාමට මහත් වෙහෙසක් ගන්නට සිදුවේවි. පවුලේ සාමයට බාධා ගෙන දෙන සිදුවීම් වලින් ප්‍රවේසම්ව කටයුතු කළ හොත් අනාගතය සුභදායක වේවි. 5 වැන්න වූ පුත්‍ර ස්ථාන අධිපති ශනි දුර්වල වීමත් පුත්‍රකාරක ගුරු සතුරු වීමත් පුත්‍ර ස්ථානය නොදැකීමෙන් දරුපල වලට අසුභවාදීව බලපාන්නට පිළිවන. කෙසේ වෙතත් ලැබෙන බිරිඳගේ එම තත්ත්වයන් බලවත් වුවහොත් එම අඩුපාඩුවද මඟහරවා ගන්නට පිළිවන.

Posted Date: 
Friday, මැයි 17, 2019 - 00:00
Category: 
ඔබේ හඳහන අනුව