පොත් පත්

ජනවාරි 1, 2021

සර්ප විෂ වෙද සංග්‍රහය

කර්තෘ – ආයුර්වේද ආචාර්ය ප්‍රභාත් සී.ඒ.ගමගේ

2.වාස්තු විද්‍යාව – සිරිකත රැන්දූ සුන්දර නිවසක් (වාස්තු විද්‍යාත්මක උපදෙස් සංග්‍රහය

කර්තෘ – ආයුර්වේද වෛද්‍ය ආචාර්ය සී.ඒ.ගමගේ

1.සර්ප වෙද වෛද්‍ය සංග්‍රහය

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයකු වශයෙන් ලියාපදිංචි වීමේදී පවත්වනු ලබන ලිඛිත හා වාචික පරීක්ෂණ ඉලක්ක කර ගනිමින් මෙම වෛද්‍ය ග්‍රන්ථය රචනා කර ඇත.

මෙහිදී මෙම කෘතිය 1 ආයුර්වේද මූල ධර්ම කොටසින් අෂ්ඨාංග ආයුර්වේදයට අදාළ මුලික අංශ පිළිබඳව විවරණයක් කෙරෙන අතර එය බොහෝදුරට පැහැදිලි කෙටි ප්‍රශ්න හා පිළිතුරු වලින් සකසා ඇත.

දෙවන කොටස වන සර්ප විෂ කොටසින් සර්ප විෂ දළ වදින ආකාරය ඒ ඒ සර්පයන් හඳුනා ගැනීම හා එම විෂ ශරීර ගතවීමෙන් ඇතිවන ලක්ෂණ හා එයින් මරණයට පත්වීම, ජංගම හා ස්ථාවර විෂ පිළිබඳ වැදගත් කරුණු විවිධ විෂ ලක්ෂණ, සැගවුණු ඔසු නාම ආදී තවත් වැදගත් කරුණු රාශියක් ප්‍රශ්නෝත්තර වශයෙන් ඉතා කෙටියෙන් නිරවුල්ව දක්වා ඇත.

තුන්වන කොටසින් ඒ ඒ සර්ප විෂ සඳහා ප්‍රතිකාර විධි වෙන වෙනම දක්වා ඇත. පිටු 212 කින් සමන්විත මෙම ග්‍රන්ථය කර්තෘ ප්‍රකාශනයකි.

 

 

2.වාස්තු විද්‍යාව කෘතිය

පරිච්ඡේද 16 කින් හා පිටු 134 කින් සමන්විතයි. නිවසක් ඉදිකිරීමට භූමිය තෝරා ගැනීමේ සිට නිවස වර්ගීකරණය නිවාස කටයුතු සඳහා යොදා ගන්නා නැකැත්, නිවසේ පාද බෙදීම කාමර වෙන් කිරීම, හරස් බිත්ති, කුරුස බිත්ති, පිළිබඳ විස්තර ඇතුළුව නිවස ඉදිකිරීමේදී සැළකිය යුතු මූලික කරුණූ, වහළ ගැසීම, ගෘහ කටයුතු සඳහා යොදා ගනු ලබන හා යොදා ගනු නොලබන දැව වර්ග, නිවසට කොටස් එකතු කිරිම, නිවාස දෝෂ හා ඊට පිළියම් , ළිඳ කැපීම පිළිබඳ සැළකිය යුතු මූලික කරුණු හා ගෙවත්තේ වැවිය යුතු හා නොවැවිය යුතු ශාක පිළිබඳ විස්තර ඇතුළු තවත් විස්තර රාශියක් ඉතා සරලව සුමටව මෙහි දක්වා ඇත. මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි.

 

කර්තෘ ප්‍රවීන ග්‍රන්ථ කර්තෘ ආයුර්වේද වෛද්‍ය, ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ ආචාර්ය ප්‍රභාත් සී.ඒ.ගමගේ

 

ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිත

2021 - 2022

නිර්මාතෘ - ආචාර්ය ආර්.කේ. රෝහන් සිසිර කුමාර

සම කර්තෘ - ආර්.කේ. විපුලි සිසිර කුමාර, ආර්.කේ.ඒ. රාජිත සිසිර කුමාර

සෑම වසරකම බලාපොරොත්තු වන පරිදි 2021 වසර ආරම්භයට පෙර ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිත මුද්‍රණයෙන් එළි දක්වා තිබීම මෙවර ඉතා ඉහළින් ම අගය කළ යුත්තක් වන්නේ “කොරෝනා වසංගත” තත්ත්වය ඉහළින්ම බලපාන දුෂ්කර කාලයක මධ්‍යයේ පොතේ මුද්‍රණය නිමකිරීම නිසාවෙනි.ඒ හේතුව නිසාම නව මුද්‍රණයෙන් නිකුත් කරන ලද “ලංකා ඡ්‍යොතිෂ දින පොත, ලංකා ඡ්‍යොතිෂ චූල දින පොත, ඉසිවර දින පොත, ලංකා බිත්ති ලිත, 2021 ලංකා නැකැත් කැලැන්ඩරය - 2021” යන විශේෂාංග රැසක්ම පාඨක ඔබ වෙත තිළිණ කිරීමට මෙවරත් සිසිර කුමාර පදනම පියවර ගෙන ඇත.

එදිනෙදා ජීවිතයට අදාළ කටයුතු ගණනාවකට අවශ්‍ය වන ඡ්‍යොතිෂ උපදෙස්, කරුණු සුබ මුහුර්ත ඇතුළත් චූල දින පොත, ලංකා ඡ්‍යොතිෂ දින පොත, ඉසිවර දිනපොත පිළිබඳ පැසසුම් සහගතව ක්‍රියා කළ යුතු වෙයි.

එසේම ලංකා බිත්ති ලිත - 2021, ලංකා නැකැත් ලිත - 2021 යන විශේෂාංග දෙකත් ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳව සරල අවබෝධයක් නොමැති අයෙකුට වුවද, ප්‍රයෝජනවත් වන්නකි.

රටේ වත්මන් යුගයේ පවත්නා වසංගත රෝග තත්ත්වයන් මධ්‍යයේ වුව ද, කරගෙන යනු ලබන ශාස්ත්‍රීය මෙහෙවර උදෙසා ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිතේ කතුවරිය හා කතුවරයා විසින් ගෙනයනු ලබන අප්‍රතිහත උත්සාහය තව දුරටත් සිදුකරගෙන යාමට එම කර්තෘ මණ්ඩලය ඇතුලු සේවක සැමට ශක්තිය ලැබේවා සුබසෙත ප්‍රාර්ථනාවයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.