නව වසර කොහොමද බලමු

ජනවාරි 1, 2021

ජීවත්වන ඕනෑම කෙනෙකුට කිසියම් හෝ අපේක්‍ෂාවක් බලාපොරොත්තුවක් තිබෙනවා. ඉදිරි සිදුවීම් ගැන සඳහන් කරන එකම ශාස්ත්‍රය ඡ්‍යොතිෂයයි. ඡ්‍යොතිෂය තාරකා ශාස්ත්‍රයෙන් ආරම්භ වුණාට තාරකා ශාස්ත්‍රයට වඩා කිට්ටු වුණාට සිදුවෙලා තිබෙන දේ තාරකා ශාස්ත්‍රයෙන් කිව්වට විශ්වයේ සිදුවන දේවල් සඳහන් කරන්නේත් ජෝතිෂ ශාස්ත්‍රයෙන් පමණයි.

නිවැරදි ඡ්‍යොතිර්වේදියා ග්‍රහකිරණ, ග්‍රහකිරණවල චලනය වක්‍රවීම, අස්ථවීම් ඔහුගේ තුන්වැනි ඇසින් බලා නිගමනය කරන නිසා බොහෝ දුරට නිවැරදියි. ඒ ප්‍රතිඵලත් එක ලෙස හැමදාම නොපවතින්නේත් පෘතුවිතලයද ක්‍ෂණයෙන් වෙනස් වන නිසාම ය. වර්තමාන මහජනයා ලෝකය හා ලෝකයේ වෙනස්වීම් ගැන ඉතා අවධාරණයෙන් සිටින නිසා කිසියම් ප්‍රතිඵලයක් දීමේදී ඊට අඩංගු ක්‍රියාව හා ප්‍රතික්‍රියාව සඳහන් කිරීම වටී.

ගස්වැල්වලට ,ගින්දරවලට වැඳුම් පිදුම් කළ කාලය අවසාන වී ඇත. ඒවා ස්වභාව ධර්මයාගේ නිර්මාණ බවත් එසේත් නැත්නම් මහ බ්‍රහ්මයාගේ ඇති කිරීම් බව පිළිගෙන අවසානය. ඡ්‍යොතිෂයත්, බුදුදහමත් එක්තරා ප්‍රමාණයකට සමානතාවක් පෙන්වන්නේ දෙකම දර්ශනවාදි නිසා බැව් දනිති. එනම් කිසිදු බලකිරීමක්, තහනම් කිරීමක් නැත. එහි වටිනාකම දැකිය හැක්කේ බුද්ධිමතුන්ට පමණි. ඡ්‍යොතිෂ කරණු, ඉදිරි පලාපල බොහෝ විද්‍යුත් නාලිකා, පුවත්පත්වලින් මහජනයා වෙතට දිනපතා ගලාගෙන එන මෙම කාලයක නිවැරදි විස්තරයක් පළකළේ ලේක්හවුස් ආයතනය මඟින් පළ කරන “සුබසෙත” පුවත්පතින් පමණි. ඒ 2020 ජුලි 14 වැනි දිනයේ සුබසෙත පුවත්පතිනි. එදා අපි පවසන ලද්දේ කොරෝනා දෙවන රැල්ල නැවත රටේ පැතිරෙන බවත් එය මීට වඩා වේගවත්ව පවතින බවත්ය. සිදුවන මරණ ගැනත් කිව්වා. බොහෝ දේ අද නිවැරදිව සිදුවෙලා. ලංකා කේන්දරයේ තත්කාලින ග්‍රහ පිහිටීම් මත පවතින තවත් දේ ඉදිරියේදී සිදුවේවි. ඒ ගැනත් පසුව පැවසීම අපේ යුතුකමකි.

2020 අවුරුද්ද මහ ජනතාවට අශුභදායි වසරක් වුණා. නමුත් 2021 වසර එහෙනම් කොහොමද? තත්කාලීන ග්‍රහචාරය එතරම් නරක නැහැ. නමුත් වසර ආරම්භය සිදුවන්නේ කාලසර්ප යෝගයෙනි. ඉන්පසු වෙනස්වීම් නැත්තේ නොවේ. 2021 වසර තුළ වෙලාවට සිදුවිය යුතු කිසිවක් සිදුනොවන බව කිව යුතු වන්නේය.

2021 ජනවාරි 14 වැනිදා සිට මාර්තු 12 දක්වා සෞරග්‍රහමණ්ඩල ප්‍රධාන රවි හතුරුව ගෝචරය වේ. රටේ වැය පක්‍ෂය වැඩි වනවා. අගනුවරට සීමාවූ වසංගතය තවත් නගරබදට බෙදී යාමට බොහෝසෙයින් ඉඩකඩ ඇත. රටේ කෘෂිකර්මයට වාසිදායක වුණත් එහි නියම ඵල ලැබෙන්නේ මුල් කාලය පසු වුණාමයි. ඒ රවිගේ වෙනස්වීම් හේතුකොට ගෙනයි.

මේ කුමන ග්‍රහ බලපෑම් ආවත් මහජනයාගේ ප්‍රවේශම උනන්දුව ඔබ වෙතටම පැවරෙන හෙයින් එය එසේ සිදු නොවුවහොත් සැමදෙනාටම පරාජය ලැබෙනව. වසර ආරම්භය ශනි/සිකුරු යෝගවීමක් පෙනෙනවා. සිකුරු විසින් උපයාදෙන ඵලදායි වාසිය සෙනසුරු විසින් කළ දුන් විලස නියම ලෙසින් පරිහරණය නොකිරීමක් ගැන කරුණු පෙන්වනවා. තත්කාලීන ග්‍රහ පිහිටීම් අනුව රවි වටා භ්‍රමණය වන ග්‍රහයින් මේ වසරේ චලනය වන්නේ නුපුරුදු රාශියක් හරහා බව පැහැදිලිය.

රටක් දියුණු වීමට ආයුර්වේද, ඡ්‍යොතිෂය බුදුදහම මඟින් කළ හැකි බොහෝ දේ ඇත. එවැනි ප්‍රතිඵල පුරාණයේ රජකම් කළ රජවරු පවා පෙන්වා දී ඇත. රටක් කුමන අන්දමින් දියුණු වී සෞඛ්‍ය අතින් පිරිහීමක් ඇති වුවහොත් ඒ දියුණුවෙන් ඵලක් නැත. “ආරෝග්‍යා පරමා ලාභා” සඳහන් වන්නේද එයමය. ලංකාවට කොරෝනා වසංගතයෙන් ජයගත් 106 වන රට බව පැවසෙනවා. එනම් අපටත් වඩා ඉදිරියෙන් සිටිනා සියලුම රටවල් ආයුර්වේදය, ඡ්‍යොතිෂය, බුදුදහම මීට වඩා ප්‍රයෝජනයට ගන්නවා. මේවා අර්ථ ශූන්‍ය ලෙස හුවා දැක්වීමෙන් කිසිදු ඵලයක් නැත. ඒවායින් සත්‍ය ප්‍රයෝජනය ලබා ගත යුතුමය. ආයුර්වේදය ඉතා සුළු වශයෙන් මෑතකදී ප්‍රයෝජන ගැනීම සතුටුදායක වන කරුණක් බවත් කිවයුතු වේ. සිංහල රටේ වැවෙන වටිනා බෙහෙත් පැළෑටිවල සාරයෙන් ප්‍රයෝජනය නොගෙන පිටරටින් එන කරල් පෙතිවලට වැඩි වශයෙන් ඇබ්බැහි වීම කනගාටුවට කරුණකි. බොහෝදෙනා අද පස්පංගුව පැරණි ක්‍රමයට පාවිච්චි නොකරයි. මේ වසංගතය ලෝකයට ආ පළමු වතාව නොවේ. මේ වසංගත ලාංකික ජනතාවට නුහුරු නුපුරුදු නොවේ. වසංගත රෝගයකින් පෙලුනු ආදි මිනිසා බෝවෙන රෝග දෙවියන්ගේ රෝග ලෙස සලකා ස්වකීය නිවසේ කොහොඹ අත්තක් එල්ලා ඒ බව අන් අයට දැන්විය. අතේ පෙරුම්කායම් ගුලියක් බැඳ තව කෙනෙකුට බෝවීම නැවැත්විය. ගුප්තවේදියා යන්ත්‍රය ගෙල හෝ ඉණ බැඳ පැල¼දීමෙන් රෝගය සුව කෙරිණ. කෙම් ගුරුකම්වලින් පැතිරීම වැළැක්විය. ඒ දිනවල ගම් නියම් ගම් නගර වසා දැමීමක් සිදු නොවීය. නිවැසියෝ මේ වසංගත දෙවියන්ගේ ලෙඩ යනුවෙන් හැඳීන්වීම ගැන නිවැරදිය. ආදි මිනිසා දෙවියන්ගේ බල මහිම ලෙස සැලකුවේ විශ්ව ශක්තියමය.

තවද ග්‍රහ පිහිටීමේදී 2021 ජුනි 02 වැනිදා සිට සැප්තැම්බර් 05 දක්වා අඟහරුවා කටක හා සිංහ රාශිවල සංක්‍රමණය කරයි. අඟහරුවා ශත්‍රෘ ස්ථානයට සැපත් වන්නේ ජුනි 02 වැනිදා සිට ජුලි මස 02 වැනිදා දක්වායි. මේ කාලය තුළ සතුරු රවි හෝ තුන්වැනි රාශි දෘෂ්ටියයි. මේ කාලය තුළදී ලෙඩ රෝග පැතිරීමක් පෙන්නුම් කරයි. නියම දේ නියම තැනට නොකිරීම නිසා මේ කාල පරිච්ඡේදයෙහි මහජනයාට එතරම් සුබ කාලයක් උදාවේයැයි සිතිය නොහැක. එතැනින් මිදුන හතුරු අඟහරුවා ජුලි 20 සිට සැප්තැම්බර් 5 දක්වා ලග්න නෛසර්ගිකය හතුරුකමක් පෙනේ. එනම් මිත්‍ර/ශාත්‍රෘ යෝගයයි. ප්‍රසන්නභාවය උදානොකරන යෝගයකි. හතුරෙක් මිතුරු වී ස්ථානගත වීම වැන්නකි. තත්කාල කේන්දරයේ සියලුම ග්‍රහයින් ආරම්භයේ රාහු/කේතු ඇතුළත ස්ථානගත වීම හේතුකොටගෙන කටින් බතල සිටවීමක් වැනි බව පුරාණයන්ගේ මතයයි.

ගම්බද පලාත්වලට මේ වසංගතය ඉතා දුරට අවම කරගත හැක. ඒ ආහාරපාන ඔවුන් විසින්ම සපයා ගැනීමෙනි. තවද විශේෂයෙන් නගර තුළ පදිංචිකරුවන්ගේ තාවකාලික වෙන්වීම මෙම වසංගතයෙන් වැළැකි සිටීමට ප්‍රධාන හේතුව වන්නේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.