වසරක් ගෙවී නව වසරක උදාවත් සමඟ අමතක නොකරන කැලැන්ඩරය

ජනවාරි 1, 2021

වසරක් ගෙවී තවත් වසරක් උදාවන සෑම අවස්ථාවකදීම අපගේ මතකයට නැගෙන්නේ දින දර්ශනය නැතහොත් කැලැන්ඩරය ගැනයි. ඒ මොනයම් කටයුත්තකදී වුවත් දිනය බලා ගැනීමට ඇත්තේ කැලැන්ඩරය පමණක් බැවිනි.

මේ කැලැන්ඩරය නොහොත් දින දර්ශනය ලෝකයාට ලැබුණේ ක්‍රි.පූ. දෙසිය හතළිස් එකේ දී ඊජීප්තුවෙනි. පෘථිවිය වටා සූර්යයා යන ගමන පාදකකොට සකස් කරන ලද දින දර්ශනයේ මුල්ම මාසය හා මුල්ම දිනය යෙදී ඇත්තේ ජනවාරි මාසයට හා එම මාසයේ පළමුවනදාට ය. එදින නව වසරක ආරම්භය ලෙස සළකමින් ජනේරුව ජනවාරි මාසය මහත් ඉහළින් සමරමින් විනෝදවීමට ලොව බොහෝ රටවල් ක්‍රියා කරති. මාස දොළහක කාලයක් නිම කරමින් ග්‍රහ මඬුල්ලේ දොළොස්වැන්නා වූ මීන එම රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් ඇරඹෙන ජනවාරි මාසය නම් කර ඇත්තේ ජනේරුව වශයෙනි. ජනවාරි මාසය තාරකා ශාස්ත්‍රඥයකු වූ සොසිජනස් සීසර්ගේ අනුදැනුම මත සකස් කර ඇති ජනවාරි මාසය මුහුණු දෙකකින් යුත් ජානුස් නම් නුවණට අධිපති දෙවියා වෙනුවෙන් නම් කර ඇත. ජානුස් දෙවියා වසරක් ගෙවී තවත් වසරක් උදාවන ජනවාරි මාසයේ දී අතීතය හා අනාගතයට බලන බවටත් රෝමන්වරු විශ්වාස කරති.

ජනවාරි මාසය ලබන ඒ මාසය ලෝකයේ අනෙක් රටවලට මෙන්ම අප රටට ද සුවිශේෂ වූ මාසයකි. ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම අනුරාධපුර අලුත් සහල් මංගල්‍යය කැලණි රජමහා විහාරයේ සහ මහියංගණයේ මහ පෙරහර බුදුන්වහන්සේගේ ලංකාගමනය සිදු වූ දුරුතු පොහොය මෙන්ම වසරේ ප්‍රථම පාසල්වාරය ආරම්භ වන්නේ ද ජනවාරි මාසයේ දී ය. ජනවාරි මාසය උදාවන දෙසැම්බර් මස තිස්එක්වනදා රටපුර පිරිත් පින්කම් දේව පූජා, දේව මෙහෙයන් යාඥා පවත්වමින් නව වසරට සෙත් පැතීම් ද සිදු කෙරේ.

ජනවාරි - දුරුතු මාසය

ජානුස් නැමැති නුවණට අධිපති මුහුණු දෙකකින් යුත් රෝම දේව ගණයට අයත් ප්‍රබල දෙවියකු සිහිපත් කිරීම සඳහා ජනවාරිවලට මේ නම තබා ඇත. ජානුස් දෙවියා වසරක් ගෙවී තවත් වසරක් ලබන ජනවාරියේ දී අතීතය හා අනාගතය බලන බව රෝමන්වරු විශ්වාස කළහ. ජනවාරි මාසය නීති ගත කළේ පොම්පීලියන් අධිරාජ්‍යයා විසිනි.

පෙබරවාරි - නවම් මාසය

පවුනුස් නම් වනාන්තරයට අධිපති දෙවියා ලෙස සැළකෙන පවුනුස් දෙවියාට එකම ජාතික උත්සවයක් පැවැත්වීම රෝමන්වරුන්ගේ චාරිත්‍රයක් වූහ. මෙදින රෝම පූජකවරුන් එළු සම්වලින් සාදා ගත් කස රැගෙන මහ මග යන එන වැසියන්ට පහර දෙති. මෙසේ මෙම කස පහර ලැබීමට කාන්තාවන් දක්වන්නේ මහත් උනන්දුවකි.

ඒ පූජකවරුන්ගෙන් එසේ පහර කෑමෙන් ඔවුන් වාසනාවන්ත වන බව විශ්වාස කරන බැවිනි. මේ නිසා මෙදින වැඩියෙන්ම මහ මග ගමන් කරනු ලබන්නේ කාන්තාවන් ය. ඒ කස පහර නොකෑවොත් අවාසනාවන්ත ගැහැනියක් වන බැවිනි. පහර දීමට ගනු ලබන එම සම්පටිය පෙබ්රු යන නමින් තිබීම නිසා එම මාසය පෙබරවාරි ලෙස නම් කෙරින පෙබ්රු යන්නෙහි තේරුම පවිත්‍රතාවය යන්නයි.

මාර්තු - මැදින්මස

වස්සාන සමයේ උඳුවප් සමග මාර්ස් කුජ ග්‍රහයාට පුද පූජා පැවැත් වූ ඉපැරණි රෝමවාසීහු එය සිහිපත් කිරීම සඳහා පෙබරවාරි මාසයෙන් ආරම්භවන දින තිස් එක සඳහා මාර්තු යන නම භාවිතා කළහ. මාර්ස් දෙවියා අස්වැන්නට හා වගාවට අධිපති දෙවියන් ලෙස සලකති. ඔහු පසුව යුද්ධයට අධිපති දෙවියා ලෙසද වැඳුම් පිදුම් ලැබූහ. මාර්තු මාසය රෝමයේ පළමු මාසය ලෙසටද සැළකේ.

අප්‍රේල් - බක් මාසය

මාර්තු මාසයෙන් උදාවන දින තිහට රෝමන්වරු ඒ පීල්ස් යනුවෙන් භාවිතා කළහ. මල් පිපෙන්න යන්න තේරුම් දෙන අප්රියේ යන වචනයෙන් ඇපිල්ස් නොහොත් අප්‍රසිටේ යන ගී‍්‍රක දේවතාවියගේ නාමයෙන් මේ මාසය නම් කොට ඇත. තවත් මතයක් අනුව ඇප්ර නොහොත් ඇප්රේස් දෙවියාගේ නාමයෙන් අප්ප්‍රේල් කියා නම් කොට ඇති බවත් කියති. අප්ප්‍රේල් මාසය අප රටේ සිංහල හින්දු අවුරුදු මාසයයි. පලබරින් හා මල්බර එම මාසය වත් පිළිවෙත් රකින හා තරහ මරහ සන්සිඳින මාසයද වේ. බුරුම ඡ්‍යොතිෂයට අනුව වසරක් පාසා සූර්යයා මාස චක්‍රය වටා ගමන්කොට පළමු ගමන ආරම්භ කරනු ලබන්නේ අප්‍රේල් මාසයේදී බවට විශ්වාස කරති.

මැයි - වෙසක් මාසය

පුරාණ රෝමයේ මැයි නැමැති බලගතු දේවතාවියක් උදෙසා මැයි මස පළමුවනදා උත්සව පැවැත්වූහ. එම නිසා එම මාසය මැයි ලෙස නම් කොට ඇත. රෝමන්වරුන් විසින් වැඩි හිටියන් හැඳින්වීමට යොදන මාජෝරස් යන වචනයෙන් මෙසේ නම් කොට ඇති බවත් සඳහනි. ලොව පුරා බෞද්ධ රටවල මැයි මාසය අති පූජනීය වූ මාසයක් ලෙසටද සළකති. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමගුල සිදුව ඇත්තේත් මැයි මාසයේදී ය. එමෙන්ම ලෝක කම්කරු දිනය යෙදී ඇත්තේත් මැයි මාසයට ය.

ජූනි - පොසොන් මාසය

රෝමවරු තරුණයින් හැඳින්වීමට යෙදූ යුනියෝරෙස් යන වචනය මුල්කරගනිමින් මැයි මාසයෙන් එළඹෙන මාසයට ජුනි මාසය යැයි නම් කළේය. ජුනො නැමැති දේවතාවිය සිහිපත් කිරීම සඳහා මෙම නම තැබූ බවද කියති. අප රටේ ජූනි මාසය විශේෂවන්නේ පොසොන් මාසයේදී තිබීමයි.

ජූලි - ඇසළ මාසය

ජූලියන් වර්ෂ ක්‍රමයෙහි නිර්මාතෘ වූ ජූලියස් සීසර් වෙනුවෙන් වසරේ හත්වන මාසය මෙසේ නම් කොට ඇත. රෝමයේ පස්වන මාසය වන ජූලි මාසය හඳුන්වනු ලැබුවේ කැඩ්ලීස් යනුවෙනි. පසු කලෙකදී එය වෙනස් කරමින් ජූලියස් සීසර් තම ජන්මෝත්සවයකදී නම සදාකල් පැවතීම සඳහා ජූලියයි නම් කරන ලදී.

අගෝස්තු - නිකිණි මාසය

රෝම වැසියන්ගේ භග්ත්‍යාදරයට පාත්‍ර වූ ඔගස්ටස් සීසර් සිහිවීම සඳහා මේ මාසය අගෝස්තු යැයි නම් කොට ඇත. ජූලියස් සීසර්ට මාසයක් වෙන් කළ නිසා ඔගස්ටස් සීසර්ට ද මාසයක් වෙන් කළ යුතු යැයි යන තීරණය මෙසේ මේ මාසය නම් කොට ඇත. සිංහල මාස් ක්‍රමය අනුව අගෝස්තු මාසය ශ්‍රී දළදා උත්සවය හා දළදා පෙරහර කතරගම දෙවිනුවර හා අනෙකුත් ඇසළ පෙරහර පවත්වන මාසයයි.

සැප්තැම්බර් - බිනර මාසය

හත් වැන්න යන අරුත දෙන සෙප්ටිමස් යන වචනයෙන් යන අරුතයෙන් මේ නම තබා ඇත. පුරාණ රෝමන්වරුන්ගේ මාස ක්‍රමයට අනුව සැප්තැම්බර් මාසය යෙදෙන්නේ හත්වන මාසයටයි. තවත් මතයකට අනුව මෙම මාසය සැත්තමිය දෙවියන්ගේ නාමයෙන් නම්කර ඇති බවත් කියති.

ඔක්තෝබර් - වප් මාසය

රෝම දින දර්ශනයට අනුව අටවන මාසය වන මෙම මාසය ඔක්තෝබර් ලෙස නම්කර ඇත්තේ ඔක්ටෝ යන නම මුල්කරගෙනය. කුජ ග්‍රහයාගේ ශුද්ධ වස්තුන් ලෙස මෙම මාසය හැඳින් වේ. එයට හේතු වූයේ ඔක්තෝබර් අශ්වයා කුජ දෙවියාට පුදා ඇත්තේ ඔක්තෝබර් පහළොස්වන දිනක වීමයි.

නොවැම්බර් - ඉල් මාසය

නොවෙම් යන ලතින් වචනයෙන් මේ මාසය මෙසේ නම් කොට ඇත. ශීත සෘතුවේ උදාව ඇතිවන මේ මාසය කතෝලික බැතිමතුන් ගේ මළවුන්ගේ මාසය ලෙසට ද සළකති. ජූලියස් සීසර් දින දර්ශනයේ එකොළොස්වන මාසය මෙම මාසයයි.

දෙසැම්බර් - උඳුවප් මාසය

ඉංගී‍්‍රසි දින දර්ශනයේ අවසන් මාසය වන මෙය මිහිදුම් පිරුණු තේරුම දෙන ජොලිබස් යනුවෙන් ශුද්ධ මාසය යැයි හඳුන්වනු ලැබූහ. පසුව ජර්මන්වරුන් විසින් ක්‍රිස්තු මාසය යැයි නම් කළහ. එය ඩි සෙම් යන වචනයෙන් දෙසැම්බර් කියා නම් කර ඇත. ලොව පුරා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරන නත්තල යෙදී ඇත්තේ ද මේ මාසයටයි. එමෙන්ම ගී‍්‍ර මහා බෝධීන් වහන්සේ ලක් දෙරණට වැඩම කළේ ද උඳුවප් පෝදිනදී ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.