නිවැරදි ආහාර රටාවකින් සහ යහපත් විහරණයෙන් අම්ලපිත්තයට තිත

දෙසැම්බර් 11, 2020

නිවැරදි ආහාර රටාවක් සහ යහපත් විහරණ පුරුදු අනුගමනය කිරීමෙන් අම්ලපිත්ත රෝගය වැළඳීම වළක්වා ගත හැකියි. කෘත්‍රිම ආහාර හා බීමවලින් වැළකී සිටීම ඉතා හොඳ පුරුද්දකි. රෝල්ස්, කට්ලට්, පැටිස් වගේම නවීන කෙටි ආහාරවලින් වැළකී සිටිය යුතුයි. ප්‍රයිඩ් රයිස් අධික ලුණු මේදය සහ කෘත්‍රිම රස කාරක යෙදූ ආහාර කෑමට ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.

 

අම්ලපිත්තය යනුවෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හඳුන්වන රෝග තත්ත්වය වර්තමානයේ අප සමාජයේ බහුලව දැකිය හැකි රෝගයකි. ඕනෑම වයසක අයෙක් මේ රෝගයට ගොදුරු විය හැකියි. අපගේ ආමාශයේ අම්ල (චජඪඤඥ) ශ්‍රාවය වීමක් සිදු කරනවා.

 

මෙය අපේ ආහර ජීර්ණ ක්‍රියාවලිය සඳහා අත්‍යාවශ්‍යයි. නමුත් විවිධ හේතුන් නිසා මෙසේ ආමාශයේ අම්ල ශ්‍රාවයවීම සාමාන්‍ය තත්වය ඉක්මවා අධිකව සිදුවිය හැකියි. මෙම තත්ත්වය අම්ලපිත්ත රෝගය ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හඳුන්වනවා.

රෝගය වැළඳීමට බලපාන හේතු

මෙම රෝග තත්ත්වය ඇතිවීමට බලපාන හේතු ප්‍රධාන වශයෙන් ආහාරමය හේතු සහ විහරණ හේතු වශයෙන් කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. පළමුව ආහාරමය හේතු ගැන සලකා බැලුවහොත් ලුණු සහ ඇඹුල් රස ආහාර මෙන්ම වෙළෙඳ පොළේ ඇති ක්ෂණික ආහාර අධික ලෙස කෑමට ගැනීම අම්ලපිත්තයට ප්‍රධාන හේතුවක් වෙනවා.මෙම ආහාරවල ආකර්ෂණීය බව ඇති කිරීම සඳහා යොදා ඇත්තේ කෘත්‍රිම වර්ණකාරක සහ රසකාරකයි. තෙලෙන් බදින ලද ආහාර අධික භාවිතය අම්ලපිත්ත රෝගය ඇතිවීමට බලපාන හේතුවක්.

තේ, කෝපි අධිකව පානය කිරීම, ජලය පානය අඩුවීම, ආහාර නියමිත වේලාවට නොගැනීම, ආහාර වේල් මගහැරීම මෙන්ම කලින් ගත් ආහාර ජීර්ණය වීමට පෙර නැවත ආහාර ගැනීමත් අම්ලපිත්තය ඇතිවීමට බලපානු ලබනවා. පිත් දෝෂය වෘද්ධිකරණ උෂ්ණාධික ආහාර ලෙස සමාජය හඳුන්වන බලමාළු, ඉස්සෝ, දැල්ලෝ වැනි ආහාර නිතර වැඩිපුර ගැනීමත් අම්ලපිත්තයට හේතු වෙනවා.

අම්ලපිත්තය ඇතිවීමට බලපාන දෙවන ප්‍රධාන කාරණය පුද්ගලයාගේ හැසිරීමයි. අධික කලබලකාරි ජීවන රටාව නින්ද අඩුවීම මෙන්ම කෑම කෑ විගස නින්දට යාමත් අම්ලපිත්තයට හේතුවෙනවා. එමෙන්ම මුත්‍රා වේග, මල වේග, ශුක්‍ර වේග ,අධෝවාත වේග, වමන වේග, කිවිසුම් වේග, පිපාසය, බඩගින්න, නින්ද, ඈනුම් වේගය ආදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ නොදෑරිය යුතු වේග ලෙස හඳුන්වන වේග දරා සිටීම ද අම්ලපිත්තය ඇතිවීමට බලපානවා. අධික සූර්යාලෝකයට බොහෝ වේලාවක් නිරාවරණය වීම හෝ අධික උෂ්ණත්වය සහිත ස්ථානවල බොහෝ වේලාවක් සිටීම ද අම්ලපිත්තය ඇතිවීමට බලපානු ලබනවා.

අධික දුක, අධික භය, අධික ඊර්ෂ්‍යාව, අධික තරහ, මෙන්ම අධික මානසික ආතතියක් සහිත ජීවන රටාව ද අම්ලපිත්ත රෝගය ඇතිවීමට බලපානවා. අධික මත්පැන් පානය, අධික දුම්පානය, දීර්ඝ කාලීනව වේදනා නාශක ඖෂධ වර්ග ගැනීමත් මෙම රෝගය ඇතිවීමට හේතු වෙන බව හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ආමාශයේ තුවාල ඇති කරන හෙලෝකෝබැක්ටර් පයිලෝරි (ඩඥතඪජධඡචජබඥප නරඪතධපඪ) බැක්ටීරියා ආසාදනය ද අම්ලපිත්තය ඇතිවීමට බලපානවා. මේ හැර ශරීරයේ වාත, පිත, කප යන දෝෂ තුන අතරින් පිත් දෝෂය උපතින්ම ප්‍රබලව පවතින අයට අම්ලපිත්ත රෝගය පහසුවෙන් වැළඳිය හැකියි.

රෝග ලක්ෂණ

පපුවේ සහ උදරයේ දැවිල්ල

තිත්ත රසට සහ ඇඹුල් රස උගුරට ඒම

වමනය, ඔක්කාරය.

උගුරේ දැවිල්ල

බඩපුරවා දැමීම, බඩ බර බව

ආහාර අපි‍්‍රය බව

උදරයේ වේදනාව, පපුවේ වේදනාව

හිස රදය

අතුල් පතුල්වල වේදනාව

පිපාසය

ශරීරයට දැනෙන තෙහෙට්ටුව සහ

විඩාබර බව

ක්ලාන්තය කැරකිල්ල

 

අම්ලපිත්ත රෝගය දිගු කලක් පැවතුණහොත් ආමාශයේ තුවාල ඇතිවීම, රක්තහීනතාවය ඇතිවීම ආහාර නිසි පරිදි ජීර්ණය වී අවශෝෂණය නොවීම නිසා මන්දපෝෂණ තත්වය ඇති විය හැකියි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ග්‍රහනි ලෙස හඳුන්වන රෝගී තත්වය ඇතිවිය හැකියි. ග්‍රහනි රෝග තත්වයේදී දිනකට වැඩිවාර ගණනක් දියාරුවට මල පහවීම, උදරයේ වේදනාව, කෑම කෑ විගස මල පහ කිරීමට අවශ්‍ය වීම ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. මේ රෝග තත්ත්වයන් තවදුරටත් උග්‍රවීම හේතුවෙන් නිදන්ගත අම්ලපිත්ත රෝග තත්ත්වයට පත්වේ.

රෝගය වළක්වා ගැනීම

නිවැරදි ආහාර රටාවක් සහ යහපත් විහරණ පුරුදු අනුගමනය කිරීමෙන් අම්ලපිත්ත රෝගය වැළඳීම වළක්වා ගත හැකියි. කෘත්‍රිම ආහාර හා බීමවලින් වැළකී සිටීම ඉතා හොඳ පුරුද්දකි. රෝල්ස්, කට්ලට්, පැටිස් වගේම නවීන කෙටි ආහාරවලින් වැළකී සිටිය යුතුයි. ප්‍රයිඩ් රයිස් අධික ලුණු මේදය සහ කෘත්‍රිම රස කාරක යෙදූ ආහාර කෑමට ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.

තේ. කෝපි අධික ලෙස පානයෙන් වැළකී සිටිය යුතුයි. ස්වභාවික එළවළු, පලතුරු ආහාරයට ගත යුතු අතර ප්‍රධාන ආහාර වේල් නියමිත වෙලාවට ගැනීමට අමතක නොකළ යුතුයි. පිත වෘද්ධිකරණ උෂ්ණාධික ආහාර යැයි සමාජයේ සලකන බලමාළු, ඉස්සේ, දැල්ලෝ නිතර නිතර අධිකව ආහාරයට නොගැනීමෙන් අම්ලපිත්ත රෝගයෙන් වැළකී සිටිය හැකියි.

දුප්පත් පොහොසත් භේදයකින් තොරව කාටත් වැළඳිය හැකි නිසා සරල ආහාර රටාවකට හුරුවීම වැදගත් වේ. මානසික තත්ත්වය යහපත්ව පවත්වා ගත යුතු අතර ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් ගත කිරීමෙන් අම්ලපිත්ත රෝගයෙන් පමණක් නොව බොහෝ රෝග වළක්වා ගත හැක. බටහිර ඖෂධ මෙන්ම ආයුර්වේද ඖෂධ ද වෛද්‍ය උපදේශයකින් තොරව භාවිත නොකළ යුතුයි. අද සමාජයේ අම්ලපිත්ත රෝගීන් බහුලව දක්නට ඇත්තේ ප්‍රධාන වශයෙන් කෘත්‍රිම ආහාරවලට ඇබ්බැහිවීම සහ කාර්ය බහුල ජීවන රටාව හේතුවෙනි.

අම්ලපිත්තය නිට්ටාවට

සුව කළ හැකියි.

ප්‍රථමයෙන්ම ඉහතින් සඳහන් කර ඇති රෝගය ඇතිවීමට බලපාන හේතුවලින් වැළකී සිටිය යුතුයි. ඒ අනුව නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් සහ කාර්ය බහුල ජීවන රටාවෙන් තරමක් මිදී සැහැල්ලු දිවි පෙවතකට හුරු වී නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර විධිමත්ව ගැනීමෙන් අම්ලපිත්ත රෝගය නිට්ටාවට සුව කර ගත හැකියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.