මුත්‍රා ආසාදනයට හොඳම ඔසුව නීරමුල්ලිය හෙවත් ඉකිරිය

දෙසැම්බර් 11, 2020

නීරමුල්ලිය හදවත් ආබාධ, ඇස් රෝග මෙන්ම දියවැඩියා රෝගය සුවයට මහෝපකාරී වෙයි. තවද ඉකිරිය පැළෑටිය නිතර ඇසුරු කිරීම සිකුරු බලවත් අයගේ ශුභ පල වැඩි කිරීමට ද සාමාන්‍යයෙන් ගම්බද ජනතාව ඉකිරිය හොඳීන් හඳුනති.

වර්ණය අනුව මෙහි ප්‍රධාන ප්‍රභේද දෙකක් දැකිය හැකිය. නිල් පැහැයට හුරු මල් පිපෙන වර්ගය දුලබය. අනෙක් වර්ගය එනම් සුදු පැහැති මල් පිපෙන වර්ගය තරමක් දුබල වේ. දෙවර්ගයෙහිම ගුණය එක සමානය.

ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ඉකිරිය හොඳීන් වැවේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වැව්, කුඹුරු, වගුරු ආදී ජලාශ්‍රිත ප්‍රදේශයන්හි සාරවත්ව වැවුණු ඉකිරිය පඳුරු සුලබව දැකිය හැකිය. වර්ෂා සෘතුවේදී ඉතා සරුවට වැවෙන ඉකිරිය පැළෑටිය ග්‍රීෂ්ම සෘතුවේදී මැරී වියළි යයි.

අඩි 2 – 3 පමණ උසට වැවෙන පුරුක් සහිත කඳකින් යුත් ඉකිරිය ගසේ දිග සිහින් පත්‍ර පිහිටයි. ගස හොඳීන් මෝරා යත්ම පුරුක් සම්බන්ධවන ස්ථානයන්ගෙන් තියුණු කටු මතුවෙයි.

වෙනත් නම්

කෝකිලාක්ෂ, කාකේක්ෂු, ඉක්ෂුර, ක්ෂුරිකා, ක්ෂුරභික්ෂු, ඡත්‍රක, කාණ්ඩේක්ෂු, ඉක්ෂුගන්ධා, ඉක්ෂුබාලිකා, වජ්‍ර කණ්ටක ආදී සංස්කෘත පර්යාය නම් රැසක් පැරණි පොතපතෙහි ඉකිරිය සඳහා යෙදී ඇත. නීරමුල්ලි” යනු ඉකිරිය සඳහා වූ ද්‍රවිඩ නාමයයි. නමුත් ලංකාවේ අති බහුතරය මෙම ශාකය හඳුන් වන්නේ නීරමුල්ලි යන නමිනි.

නීරමුල්ලිය ගුණ

ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විද්‍යාවට අනුව ඉකිරිය ශීත හා වීර්ය ගුණ සහිත ඖෂධයකි. මධුර අම්ල සහ තිත්ත රසින් යුක්ත වේ. අතිශයින්ම මුත්‍රකාරක ක්‍රියාකාරිත්වය මෙහි ප්‍රභාවයි. ඉකිරිය නිසැකවම වාත පිත්ත සාමකයි හෙවත් වාතය සහ පිත සමනය කරයි.

අතිශය ගුණදායක මුත්‍රකාරකයක් ලෙස ගම්බද ජනතාව ඉකිරිය හොඳීන් හඳුනයි. අතිශය දුස්සාධ්‍ය මුත්‍ර අශ්මරී රෝග සහ මුත්‍ර ව්‍යූහයේ ආසාදන ඉදිමුම් සඳහා මෙම ඔසුව සතුව ඇත්තේ අපූර්ව හැකියාවකි. ඉකිරිය සතු මේ විශ්මය ජනක ශක්තිය එහි අන්තර්ගත පොටෑසියම් ක්ලෝරයිඩ් හා පොටෑසියම් සල්පේට් නමැති උපාදාන නිසා ලැබුණු බැව් නවීන විද්‍යාඥයින් සොයා ගත්තේ ඉතා මෑතදීය.

නමුත් කිසියම් මුත්‍රා බාධයක සේයාවක් දැනුණු සැනින් ඉකිරිය කොළ සහ දඬු ටිකක් හොඳීන් තම්බා බීමටත්, එමඟින් මතුව ඇති විය හැකි භයානක රෝගයක් මුලිනුපුටා දැමීමටත් හැකි වෙයි. හදවත් ආබාධ වලදී ද ඉකිරිය අමෘතය බඳුය.

ශ්‍රේණිගත ස්ථාපන ගුණයෙන් ආඪ්‍ය බැවින් රක්තපිත්ත වාත රක්තය, රක්තහීනතාව වැනි රුධිර රෝග අවස්ථාවන් බොහෝමයකදී දේශීය වෛද්‍යවරුන් විසින් ඉකිරිය බෙහෙවින් භාවිත කරනු ලැබේ.

රක්තහීනතාවයේදී සක්‍රීයව ලේ වැඩීමට උපකාරි වන ඔසුවක් නිසාම විෂමජරය (මැලේරියාව) යකෘත් වෘද්ධිය (අක්මාව ඉදිමීම) යන රෝග වලින් පසුව ඇතිවන රක්තහීනතාවේදී ද අතිශයින් ප්‍රශස්තය. එහෙයින්ම ඉකිරිය ,විෂමජ්වරය” සඳහා ප්‍රසිද්ධ විෂම ජ්වරාන්තක ලෞභය” නමැති ශ්‍රේෂ්ඨ ඖෂධ සංස්කරණයෙහි ප්‍රධාන අන්තර්ගතයක් ද වේ.

පැසී වියළුණු ඉකිරිය ඇට අතිශයින්ම නාඩි බලකාරක වේ. එහෙයින්ම ස්නායු දුර්වලත්වය සහිත රෝග :වාත රෝග රැසකදී බහුලව භාවිතයට පත්ව ඇත. වෘංහණ, වෘෂත් හා සංතර්පණ ගුණ යුත් හෙයින් ශාරීරික දුර්වලත්වයෙහි ද ශුක්‍රධාතු පිළිබඳ දුර්වලතාවයන්හිදී ද මව්කිරි අඩුවීම මෙන්ම ජනනේද්‍රිය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ වලදී ද ප්‍රත්‍යක්ෂ ගුණදෙන ඖෂධයකි.

සිතට ගතට ‌බොහෝ දුක්දෙන වාතරක්ත රෝගයට ද ඉකිරිය ඉත‌ා යහපත් වේ. වාතරක්ත රෝගයේදී දේශීය වෛද්‍යවරු ශාකපත්‍ර :කොළ පලාව,

නිතර කෑමට උපදෙස් දෙති. රසට පිසගත් නීරමුල්ලිය, ළපටි කොළ සම්බෝලය හා

සලාදය කැස්සට ද ඉතා හොඳ ප්‍රතිකාරයකි.

ප්‍රබලම විෂ නාශකයක්

කුරිරු විසකුරු සර්ප දෂ්ටනයකදී බොහෝ විට වෘක්ක හානිය:

වකුගඩු නරක්වීම සිදුවිය හැකිය. සර්ප විෂ ශරීරගතවන ඇතැම් රෝගීන් මිය යන්නේ සර්ප විෂ කරණකොටගෙන ඇතිවන මාරාන්තික වෘක්කාබාධ හේතුවෙනි. සර්ප දෂ්ටනයක් සිදු වූ වහාම වෛද්‍යවරයකු හමුවන තෙක් විෂ ප්‍රථමෝපකාරයක් වශයෙන් හෝ ඉකිරිය සහමුලින්ම ගෙන තම්බා රෝගියාට පෙවීම හෝ කැඳ පිසදීම එම වටිනා මිනිස් ජීවිතය ආරක්ෂා කර ගැනීම පිණිස කළ හැකි මිල කළ නොහැකි උපකාරයකි. විෂෙන් මුසපත් සිරුරේ රුධිරගත විෂ වකුගඩු තුළදී

මූත්‍රාශයට පෙරා වැඩි වැඩියෙන් සිරුරෙන් බැහැර කරවීමට ඉහළ පෙළේ මුත්‍රාකාරකයක් වන ඉකිරිය සක්‍රීය වන ආකාරය සැබැවින්ම විශ්මය දනවන සුළුය.

ශරීරයේ බාහිර හා අභ්‍යන්තර ඉදිමුම් අවස්ථා වලදී ද ළපටි ඉකිරිය දළු

කොළ සම්බෝලය භාවිතය බෙහෙවින්ම ගුණදායකය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.