ජනවාරි මාසයේ ගොවි නැකත්

දෙසැම්බර් 11, 2020

2021 හි පළමු මාසය වන ජනවාරි මාසයේ ගොවිතැන් කටයුතු සදහා උදා වන සුබ වේලාවන්

 

08 වෙනි සිකුරාදා

උදේ 07.25 ට උතුර බලා කප්පාදු කර නැවත පලදාව ලබාගත හැකි බෝග කප්පාදු කරන්න.

 

09 වැනි සෙනසුරාදා

උදේ 06.50 ට දකුණ බලා ගොවිබිම් බැලීමට හා වැඩ ඇල්ලීමට

 

14 වෙනි ගුරුදා

පෙ.ව. 11.54 ට උතුර බලා බිම් කෙටීමට

 

20 වෙනි බදාදා

ප.ව. 01.33 ට උතුර බලා කංකුං , තම්පලා, මුකුණුවැන්න, කොළ ගෝවා වැනි පලා, එළවළු වගාවට

 

22 වෙනි සිකුරාදා

ප.ව. 01.23 ට උතුර බලා කැරට්, බීට්, රාබු වැනි අල බෝග පැළ සිටුවීමට

 

30 වෙනි සෙනසුරාදා

උදේ 07.06 ට දකුණ බලා මෑ, බෝංචි, කරවිල, වැටකොළු වැනි වැල් එළවළු බීජ සිටුවීම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.