පාසල් දරුවාගේ පෝෂණය

දෙසැම්බර් 11, 2020

දරුවන් හොඳින් බැහැරවීමට පෙර අවදි වූ විගස දරුවාට සුදුසු පානයක් හා ඉන් පැයකට පමණ පසු උදේ ආහාරයද ලබා දී පාසල් යාමට දරුවා හුරු කළ යුතු අතර, එය මව්පියන්ගේ යුතුකමකි.

 

නිරාහාරව සිටින දරුවන්ට අධ්‍යාපන කටයුතු හරි හැටි කළ නොහැකියාවක් පමණක් නොව පෝෂණ දුර්වලතාව, වර්ධනය අඩුවීම, ශක්තිය හීනවීම හා කුඩා අවදියේම විවිධ රෝග වැලඳීම යන ප්‍රශ්න රාශියක් ඇති වේ.

දරුවනට උදෑසනට සුදුසු පාන වර්ග ලෙස එළකිරි, කොළකැඳ, පොල්කිරි කැඳ ,පිටිකිරි වර්ගයක් හෝ එළු කිරි ඉතාමත් සුදුසුය.

සෙම් සහිත දරුවන්ට මේවා දිය හැකි ද?

එළකිරිවලට ඉඟුරු කැබැල්ලක් තලා දමා රත්කර ගැනීමෙන් සහ කැඳ වර්ගවලට ඉඟුරු , සුදුලූනු, රතුලූනු දමා රත්කර ගැනීමෙන් සෙම් සහිත දරුවන්ට දිය හැකිය.

සුදුසු උදෑසන පානයක් ගත්විට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබීම ආහාර රුචිය ඇතිවීම නිසි ලෙස මල මුත්‍රා පිටවීම නිසා මානසික ප්‍රබෝධය ඇති වෙයි. මුං ඇට, කවුපි, කඩල වැනි ඇට වර්ගයක් තම්බා පොල් සමඟ හෝ තෙම්පරාදු කර දීම, පොල් රොටි, පිට්ටු, හැලප වැනි පිටි ආහාරයක්, කුරක්කන් පිටිවලින් සෑදු ආහාරයක්, දේශීය මඤ්ඤොක්කා , ඉඳිආප්ප,තැම්බූ සහලේ බත්, පොල් සම්බල ආදිය උදැසනට සුදුසු ආහාරපාන වේ.

දිවා ආහාරය සඳහා

තැම්බූ සහල් සමඟ බත්, කොළ මැල්ලුම් සම්බල, කරවල, හාල්මැස්සො, මස්, මාළු ,බිත්තර, පරිප්පු, මුං ඇට වැනි ඇට වර්ගයක් හා එළවළුවක් යන සියල්ල අඩංගු විය යුතුය. එළවළුවක් වෙනුවට කෘමිනාශක නොදැමූ ගෙවත්තෙන් ලබාගත හැකි කොස්, පොළොස් ,කොහිල , දඹල වැනි දේ ඉතා සුදුසුය.

ක්‍රියාශීලි දරුවන්ට දිවා ආහාරය මෙන්ම රාත්‍රී ආහාරය ද පිළියෙල කර දිය හැකිය. ප්‍රධාන කෑම වේලෙන් පසුව පලතුරු වර්ගයක් දිය යුතු අතර, ආහාර දිරවීමට හා උරා ගැනීමට එය හේතු වේ.

අමතර ආහාර

උදේ 10 ට හා හවස 3 ට පමණ අමතර ආහාර ලබා දිය යුතුය. කිරි වීදුරුවක් තේ වීදුරුවක්, රසකැවිල්ලක් සමඟ ඔසු පැන් වීදුරුවක් , රට ඉඳි ,කිතුල් හකුරු සමඟ ඔසු පැන් ලෙසට බෙලිමල්, රණවරා මල්, ඉරමුසු වැනි දෙයක් තම්බා දීමට පුළුවන.

කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර, නූඩ්ල්ස්, බීම වර්ග, ක්ෂණික පිළියෙල කළ හැකි ආහාර, ක්ෂණික ආප්ප පිටි, ඉඳිආප්ප පිටිවලින් සකස් කරන කල් තබා ගැනීමට පිළියෙල කර ඇති ආහාර ටින් කෑම, සොස්ජස් වර්ග (ගුදගත පිළිකා සෑදීමේ ප්‍රවණතාවයක් ඇත) ආදිය ආහාරයට නොගත යුතු ආහාර ලෙස දැක්විය හැකිය.

බූන්දි වර්ග, ජෙලි වර්ග, බීම වර්ගවලින් මුත්‍රා රෝග සෑදීමටද පුළුවන.

ආහාර පිළියෙල කිරීමේදී සැලකිය යුතු කරුණු

කොළ වර්ග පිළියෙල කිරීමට ස්වල්ප වේලාවකට පෙර නෙළා ගැනීම, පොල් හෝ පොල්කිරි නැතහොත් තෙල් යොදා පිළියෙල කර ගැනීම, අමුවෙන් හෝ මද ගින්නේ පිස ගැනීම

ආහාර ගත යුතු වේලාව

බඩගිනි ඇතිවිට (ඉතා තදින් බඩගිනි වනතුරු නොසිටිය යුතුය) රුචිය නිසි පරිදි ඇතිවිට පිරිසුදු වී පී‍්‍රතියෙන් විවේකීව හා හදිසි නොමැතිව ආහාර ගත යුතුය.

නිසි පෝෂණයෙන් දරුවාට ලැබෙන ප්‍රතිඵල

ආයුෂ, බලය, වර්ණය වැඩිවීම, මනා වර්ධනය, මානසික සුවය, ප්‍රබෝධය , ක්‍රියාශීලි බව , බුද්ධිය මතක තබා ගැනීමේ හැකියාව, කෘෂ බව හෝ තරබාරුව නොමැතිවීම, දරා සිටීමේ හැකියාව, අජීර්ණ, මධුමේහ, කුෂ්ඨ, ඇදුම වැනි රෝග වලින් මිදීමට හැකියාව ඇත.

වැඩිහිටියන් සැලකිළිමත් විය යුතු කරුණු

ආහාරවල පෝෂණය රඳා පැවතීම මෙන්ම ආහාර හරහා බෝවන රෝග වැළැක්වීමට ගෙදරදීම ආහාරෙවේල දරුවාට පිළියෙල කර දීම, අමතර ආහාර ලබාගැනීමට පාසල් කාලයේදී ඉගැන්වීම් කරන අතරතුර ඉඩ සලසා දීම, උදේ ආහාරය ගෙදරදීම ලබාදී පාසල් එවීමට කටයුතු කිරීම

ගත යුතු ආහාර ප්‍රමාණය

ආයුර්වේද විද්‍යාවේදී දක්වා ඇති පරිදි තමාගේ කුසෙන් 2/4 ක් ආහාර ද 1/4 ජලය ද ගත යුතු අතර ඉතිරි 1/4 හිස්ව තැබිය යුතුය.

ජාන ආශි‍්‍රත නිපද වූ ආහාර

පැකට් කළ සෝයා, ඒ ආශි‍්‍රත නිපදවූ එළවළු වර්ග, ස්වභාවික හැඩයෙන් යුත් තක්කාලි , බටු, මිරිස්, ඇදුම, කුෂ්ඨ වැනි රෝග ඇති දරුවන්ට බලමාළු, ඉස්සන් ,දැල්ලන් ,හරක්මස්, විනාකිරි, තක්කාලි ආදිය නුසුදුසුය. සෙම රෝග හා දත් රෝග ඇති දරුවන්ට ශීත කළ බීම වර්ග හා ආහාර නුසුදුසුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.