ස්ත්‍රීන්ට අසුබ පල දෙන දේහ ලක්ෂණ

දෙසැම්බර් 11, 2020

ඡ්‍යොතිෂ විද්‍යාව, හස්ත රේඛා විද්‍යාව වගේම දේහ ලක්ෂණ විද්‍යාව අනුව ද කෙනෙකුගේ චරිත ස්වභාවයන් ප්‍රකාශ කළ හැකි බව අපේ ඍෂිවරු සඳහන් කර ඇත. මෙම ලිපියෙන් විස්තර කරන්නේ ඒ අයුරින් ස්ත්‍රියකට අශුභ ඵල දෙන දේහ ලක්ෂණ පිළිබඳවයි.

ස්ත්‍රියකගේ නළල් තලය දික්ව පිහිටීම ඇයට වඩාත්ම අශුභ ඵල දෙන ලක්ෂණයකි. තම ස්වාමිපුරුෂයා අකාලයේ මිය යෑම හෝ ඔහුගෙන් වෙන්වීම එමඟින් සිදුවන බවත්,නළල කෙළවර ගැට සහිතව පිහිටියේ නම් එම තැනැත්තිය සොර සිතක් ඇති සල්ලාල ගැහැණියක් බවත් පැරණි ඍෂීවරුන් විසින් ප්‍රකාශ කර ඇත. එමෙන්ම නළලෙහි බොහෝ රේඛා සහිතව ඇතෙකුගේ කුම්භස්ථලයක් හා සමාන පිරුනාවූ අතිශයින්ම රාගාධික, අනේක විධ දුක් ලබන රෝගයන් වැලඳෙන දාසියක් හා සමානව කටයුතු කරන ස්ත්‍රියක් වන්නීය. දුන්නක් ආකාරයෙන් ඇහි බැමි ඇති ස්ත්‍රිය මෙන්ම නීලවර්ණව පිහිටියා වූ ඇහිබැමි ඇති ස්ත්‍රිය ද කාම සම්පත් හා වස්තු ලබන රාගාධික තැනැත්තියක් වේ.

යම් ස්ත්‍රියකගේ ඇස් දෙකෙන් බැගෑපත් බව පෙන්නුම් කරයි ද, පිඟුවන් පැහැවෙයි ද එම ස්ත්‍රිය ද ඇසුරට සුබ නොවන දුශ්ශීල තැනැත්තියකි. නිතර ඇසිපිය හෙලන ස්වභාවයෙන් යුක්තව හා කළු පැහැයෙන් යුක්ත වන ස්ත්‍රිය ද, රෞද්‍ර ගතිගුණ ඇත්තියක් වේ. සිනාසෙන විට කම්මුල වළ ගැසේ නම් ඇය ද පතිවත නොරකින තැනැත්තියක් වෙයි. ඉතා කොට බෙල්ල දුප්පත් බව පෙන්නුම් කරන අතර දිග බෙල්ල ඇති ස්ත්‍රිය තම කුලය නසන්නීය. ඉතා පළල් බෙල්ල සැර පරුෂ බව හෙළි කරයි.

අතිශය රෝමයන්ගෙන් ගැවසුණ උඩු තොල ඇත්තී ද අතිශයින්ම උස්වූ ශරීරයක් ඇති ස්ත්‍රිය ද තම සැමියාට කීකරු නොවේ. එකිනෙකට අසමාන වූ දත් ඇති ස්තූල වූ මුඛය ඇති ස්ත්‍රිය ද, කළුවන් පැහැගත් විදුරුමසින් යුක්ත වූ තැනැත්තිය ද තම සැමියාට අහිතකර වේ. පළල් උරහිස් නම් කාමුකය. පහතට කඩා වැටුණ උරහිස් නම් වන්දඹු වෙයි. දිග විලුඹ සහ කකුළු හැඩ ඇති පතුල් අසුබය. පළල් පතුලක් හිමි නම් වංචාකාරියක් වේ. දත්කූරු කමින් නිදන ස්ත්‍රිය සැමියාට අපල ගෙන දේ. මුහුණේ රෝම සහ දෙපාවල රෝම ඇත්නම් එයින් අශුභ ඵල ගෙන දෙන්නේ සැමියාටය.

සමහර ස්ත්‍රීන්ට දිගැටි හැඩයෙන් යුත් සිහින් නාසයක් දැකිය හැකි නම් ඇයගේ කිසිම යහපත් ගුණයක් නොමැත. වෛශ්‍ය ස්ත්‍රියක් ලෙස දුටු දුටුවන් සතපවන සන්තර්පනයට පොලඹවන ඇය ජීවිත කාලය තුළම රහසින් පවට බරව කටයුතු කරයි. කාමාශාවෙන් පිරුණ මෙවන් ස්ත්‍රින් අධික ලෙස කාමසුඛල්ලිකානු යෝගීව හැසිරීමට සමත් වෙයි.මෙවන් අයගේ යුගදිවිය ද අසාර්ථක වේ.

දිගු කෙස් කළඹකට අකමැති කාන්තාව හෙවත් කොණ්ඩය කොටට කපන ස්ත්‍රිය පාරම්පරික කුල සිරිත්වලට ගරු නොකරයි. ඉතා අහංකාර මෙන්ම අනාචාරශීලිවීමට ද හැකිය. දියුණු වීමට උනන්දුවක් නැත. ඒ වෙනුවට සමාජයේ කැපී පෙනී සිටීමට උත්සාහ කරන ඔවුන් ප්‍රසිද්ධ අය ඇසුරට වැටීමෙන් අමාරුවේ වැටෙයි. කපටි පිරිමින්ට රැවටීමට ඇති පහසුකම් වැඩිය. විවාහ කරගත් පුරුෂයා සතුටු කිරීමට පවා අසමත් වන්නීය. පිරිමියෙකු මෙන් මුහුණේ රැවුල වැවෙන ස්ත්‍රිය ද කෙතරම් ධනවත් පවුලක උපත ලැබුවත් වාසනාවන්ත නොවේ. පී‍්‍රතිමත් විවාහ දිවියකට වාසනාවක් නොමැත.

මුඛයෙන් පිටතට විහිදුනා වූ ලොකු දත් ඇති ස්ත්‍රිය ද, අසමාන දත් ඇති ස්ත්‍රිය ද, දුක් ලබන්නියකි. උඩඟුකමින් යුක්තය. තම අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීමට පමණක් අන්‍යයන් සමඟ සුහදවන්නීය.

යම් ස්ත්‍රියකගේ උදරය කළයක් මෙන් මහත්වී නම් එය ශුභ නොවේ. මෙවැනි අය වෙළඳාමකින් හෝ අප්‍රසන්න කර්මාන්තයකින් මුදල් උපයයි. හිතුවක්කාර ලෙස විවාහය ද සිදුකර ගනියි. ලැබෙන දරුවන් ද කීකරු නොවන අතර, පුරුෂයා ද අනාචාරයට යොමුවීම නිසා හැමවිටම හදවතින් තැවෙමින් ජීවත්වීමට සිදුවෙනු ඇත.

යම් ස්ත්‍රියකගේ පාද අඳුරු වර්ණවත්ව කුල්ලක හැඩයෙන් ද, පා ඇඟිලි අක්‍රමවත්ව විසිරුණ ස්වභාවයෙන් පිහිටා තිබේද නියපොතු ද කුළුවල පිට පැති ආකාරයෙන් ද පිහිටා ඇති ස්ත්‍රීහුද වාසනාවන්ත නොවේ. දාසියක් හා සමානව දුක් වේදනා විඳින්නීය. උගතුන්ගෙන් යුතු පවුලක හෝ ධනවත් පවුලක ඉපදුණත් කම්කරු ස්ත්‍රියකගේ ස්වරූපය පෙන්නුම් කරයි. පහත් තත්ත්වයේ පුරුෂයින්ගේ ඇසුර පි‍්‍රය කරයි. එමෙන්ම ස්ත්‍රියකට අගමහත්වූ ද, මැද නැමුනා වූ ද නාසයක් පිහිටියේ නම් ඇය පළිගන්නා, වූ ද, ඊර්ෂ්‍යා කරන්නාවූ ද, ඕපාදූප කියමින් අන් අයව භේද කරන්නා වූ තැනැත්තියකි. රත් පැහැයෙන් යුත් නාසය නැවී ගිය ස්වරූපයෙන් යුක්තව පිහිටියේ නම් ඇය ස්වාමියා විසින් හැර දමනු ලැබූ ස්ත්‍රියකි. අග පැතැලිව පිහිටි නාසිකාව ඇති ස්ත්‍රිය අන්‍යයන්ට බැල මෙහෙකම් කොට ඉතා දීන ලෙස දිවි ගෙවන්නීය.

ඉල්පී ගිය නහරවැල්වලින් ගැවසීගත් නළල් තලය පාපයෙන් ගැලුණ ස්ත්‍රින් කෙරෙහි පිහිටන අංග ලක්ෂණයකි. නාසයේ මුල සිට ඉහළට විහිදුණ රේඛාවකින් දෙබෑවී ගිය ආකාරයෙන් පෙන්නුම් කරන නළල් තලයක් ඇති ස්ත්‍රින් ද බොහෝවිට දැකිය හැක.එවන් අය හැට හතර මායම් දන්නීය. බෙහෙවින්ම පටු තළලින් නොමේරු මනසක් ඇති මනුෂ්‍යත්වයට නිගාදෙන පහත් වැඩ කරන ස්ත්‍රිය හඳුනාගත හැකිය. කාගේත් අවඥාවට ඔවුන් ලක්වනුයේ එම වැරදි ගති පැවතුම් නිසාමය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.