මැග්නීෂියම් සින්ක් ලෝහ මෙන්ම විටමින් ඒ,බී.සී අඩංගු කළු දුරු

නොවැම්බර් 13, 2020

සෙම ඇරීමට කළුදුරු වදකහ අරළු සිද්ධිගුරු අසමෝදගම්, පාල්මාණික්කන් කුකුරුමුහන් ගෙඩිය පොතු පුෂ් කර මේවා සමභාගව ගෙන දොඩම් ඇඹුලින් අඹරා එයින්ම දියකර දිවේගානු පොට්ටනි බැඳ හක්කේ තියා කෙල ගිලිති. සෙම පිට වේ.

 

මුඛයේ හා ශරීර දුර්ගන්ධය, අරුචිය, බඩගින්න අඩු බව, කෑම අපි‍්‍රය වීම, අජීර්ණය, බඩ පුරවා දැමීම, බඩේ දැවිල්ල, අධික වේදනාව, අතීසාරය ග්‍රහණි ආදී රෝග සමනයට ගනු ලබන ප්‍රතිකාරවලට කළුදුරු බෙහෙවින් යොදා ගනියි.

 

කළුදුරු විශේෂයෙන් උත්තේජන ගුණයෙන් ද වේදනා සමනය කිරීමේ ගුණයෙන් ද යුක්ත වේ. මේ නිසා වාත රෝග සඳහා විශේෂයෙන්ම යොදා ගනිති. ශරීර ඉදිමුම් නසන ගුණයෙන් ද සමන්විත කළුදුරු වේදනා නාශකයක් ද වෙයි.

මුඛයේ හා ශරීර දුර්ගන්ධය, අරුචිය, බඩගින්න අඩු බව, කෑම අපි‍්‍රය වීම, අජීර්ණය, බඩ පුරවා දැමීම, බඩේ දැවිල්ල, අධික වේදනාව, අතීසාරය ග්‍රහණි ආදී රෝග සමනයට ගනු ලබන ප්‍රතිකාරවලට කළුදුරු බෙහෙවින් යොදා ගනියි. කළුදුරු අනෙකුත් දුරු වර්ග මෙන් නොව සෙම පිට කිරිමේ ගතියක් පවතී. මේ නිසා කාෂ ස්වාස ආදී රෝග ඖෂධ සඳහා ද එක් කර ගනිති. සමේ රෝග සඳහා දෙනු ලබන ප්‍රතිකාරවලදී කළුදුරු යොදාගනු ලබන්නේ මුත්‍රකාරක ගුණයක් පවතින බැවිනි. කළුදුරු උණ නසන ගුණයෙන් හා මව්කිරි වඩන ගුණයෙන් ද යුක්ත වේ.

ශාරීරික නීරෝගීතාවය ද රැක දෙන ගුණයක් පවතී. කළුදුරු යනු ජීර්ණ ක්‍රියාවලිය වැඩි කරන ඖෂධයකි. කළුදුරුවලට සංස්කෘත බෂින් පෘථිවිකා, කාල්‍යාජි, කෘෂ්ණ, කාලිකා, ක්‍රිස්නජීරක ආදී නම් භාවිතා කරනු ලබන අතර, හින්දි බසින් කියනුයේ මුක ජෛල හා කාලෞජි කියාය. දෙමළ බසින් කරුන්ජි රාසම් හා කසන්ජිරාගම් යනුවෙන් ද ඉංගී‍්‍රසි බසින් ඉථචතතටභදදඥත යනුවෙන් ද කියති. අඒව්උව්ඛ්උඹ්ඒඛ්ඡ්ඒඡ් කුලයට අයත් නිගෙල්ලා කුටශිවා දඪඨඥතතච ඉචබඪමච යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කළුදුරු ශාකය විශාල වශයෙන් විශාල ප්‍රදේශයක් පුරා වැඩෙන ශාකයකි. සෞම්‍ය කලාපයේ වැඩෙන වාර්ෂික ශාකයක් වන කළුදුරු විවිධ රටවල ඖෂධ මෙන්ම ආහාර රසවත් කර ගැනීමට ද යොදා ගනිති.

කළුදුරු අඩංගු කොට සාදනු ලබන ඖෂධයන් අතර, කටහඬ වෙනස් වීමට, උගුර ඉදිමීමට, උගුර කැසීමට, උගුරේ සෙම වියළීමට, නාසය ඇහැරීමට, හිසරුජාවට, ගිලීමේ අපහසුතාවයට ආදී රෝග රැසකට දෙනු ලබන කණ්ඩමාල කල්කය කළුදුරු, සූදූරු, පත්පාඩගම්, කරාබු, සීනක්කාරන්, සහිඳ ලුණු, අසමෝදගම්, තිප්පිලි, වසාවාසි, සාදික්කා, පල්මාත්ක්කම්, වෙඩි ලුණු, කොහොඹ ඇට, මද වද පිඹුරු ගස් පෙනෙල ගෙඩි, පොතු, සවුක්කාරම් චිංකාරම් යන ඖෂධ ගනු ලබති. උගුරේ සෙම හිරවීම, ප්‍රතිශ්‍යා, ස්වසන, ජවරය, පෙණහලුවල, සෙම බහුල වීම ආදී අවස්ථාවලදී දෙනු ලබන බුද්ධරාජ කල්කය කළුදුරු සාදිලිංගම්, වසාවාසී, පෙරුම්කායම්, කෙළිඳ හාල්, කරාබු, ගල් නහර, ගල් මද සූදුරු, රන් හිරියල්, පල්ලමාණික්කන්, සුවඳ කොට්ටන්, වියලි හිඟුරු, වියළි අබිං, උළුහාල්, අක්‍ර පට්ටා, සීනක්කාරංලිදිතුනතන් ගෞර පාෂාණාම්, වැල්මී, වියළි ඉඟුරු, ප්‍රස්කර, සාදික්කා ළදරුවන්ගේ රෝග, බඩරුජා කිරි පණුගාය බඩ දැඟලීම, වමන, සිවිකාර, මාන්දම්විකාර, අතීසාර ආදී සියලු රෝග, සඳහා දෙනු ලබන ශාන්ති, රසය බෙහෙත් ගුලිකර තන කිරෙන් දෙනු ලබයි. කලාඳුරු, වද කහ, ඉඟුරු, කළුදුරු, අරළු, කරාබු, කෙළිඳ ඇට, වැල් මී, තිප්පිලි ගනු ලබන ඖෂධ වේ.

ග්‍රහණිපාදඩ රෝග අර්ශස් ආදී, රෝගවලට දෙනු ලබන කංකායන මෝදකය. කළුදුරු, අරළු චූර්ණය, ගම්මිරිස්, තිප්පිලි චූර්ණය, සිවිය චූර්ණය, රත්නෙටොල්, මුල් චූර්ණය, කිඩාරම් අල, වියළි ඉඟුරු, ශුද්ධයවකර ශුද්ධ හල්ලාතන, කිඩාරම් අල, පුරාණ ගුඩකාංකායන මෝදකය, ග්‍රහණි පාණ්ඩු රෝගවලට දෙනු ලබන ඖෂධයකි. අතීසාර, දරුණු පාණී රෝග, කෘමි රෝග, රක්තපිත්ත අර්ශස්, රෝග යන රෝගාබාධවලට දෙනු ලබන චූස්තකාදි මෝදකය කළුදුරු, සූදුරු, අසමෝදගම්, කොත්තමල්ලි, තිපල් කී කිරිඳිය, එනසාල්, තේජක පත්‍ර, කරාබු, නාමල් රේණු, ශිලාස්තු, වියළි ඉඟුරු, තිප්පිලි, ගම්මිරිස්, අසමෝදගම්, උණ, කපුරු, කෙළිදසාල්, ඉරිවේරිය, ධානකී, කොට්ටච්ව, වසාවාසි, සතකුෂ්ප, කුරුඳු පොතු, වසාවාසී, අරමෝද්‍ර, හප්‍රසා, නාග්‍යර්ණී, වදකහ, ශටී ජටාමාංශ, කෙළිද සහල්, උණ, කඳුරු සාරස්චක චූර්ණය, බුද්ඨිරණ ශක්තිය, ස්මරණ ශක්තිය ආදීන් සඳහා දෙනු ලබන මෙම චූර්ණයට කළුදුරු, වියළි ඉඟුරු, කොට්ටම්, අශ්වගන්ධා, සව්දලුණු, අසමෝගම්, සුදුරු, ගම්මිරිස්, දියමිත්ත, තිප්පිලි යන ඖෂධ එක් කර ගනී. වර්නාද අරුක්කුව සහ චූර්ණය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.