විවාහය සුබ හෝ අසුබ වීමට සිකුරුගේ බලපෑම

නොවැම්බර් 13, 2020

සඳු ශුක්‍ර යහපත් නම් විවාහයට යහපත් ය. ග්‍රහයන් දෙදෙනාම ස්ත්‍රී ග්‍රහයින් නිසා තවත් හොඳ ය. බුධ ශුක්‍ර යහපත් නැත. පැති දෙකකය. ශුක්‍ර ගුරු ද විවාහයට එතරරම් සුබ නැත. ශුක්‍රගේ කාම වේගය ගුරු පාලනය කරයි. දෙදෙනාගෙන් එක් අයෙක් අතිධාවන මහා කාමයෝගියෙක් නම් විවාහය වෙනස් වේ.

 

විවාහය හෙවත් යුගදිවිය ගැන කිරීක්ෂණය කිරීමේදී ශුක්‍ර (සිකුරු) ග්‍රහයාට සුවිශේෂීතව මුල්ම තැනක් හිමිවේ. විවාහයට සිකුරු සෘජුවම සම්බන්ධ වන නිසාය. විවාහ කාරකයා වන සිකුරු ආදරය, ප්‍රේමය, කාමය, රාගය, ශුක්‍ර හා ආර්තවාහුව ලිංග තෘප්තිය ආකර්ශනය මෝහනය වශීය, මුත්‍රවාහිනී නාල වකුගඩු ඩිම්භකෝෂය මෙන්ම ගර්භාෂයත් හෝමෝන හා කෝටිසොල් අන්තර්ගත ක්‍රොමසෝන්වලටද සම්බන්ධව ක්‍රියා කරනු ඇත.

භාවයන්හි 2 වැන්නද, 7 වැන්නද, 8 වැන්නද සම්බන්ධිතයි. සිකුරු උච්ච ස්වක්ෂේත්‍ර වීම සුබයි.

කාන්තාවකගේ සිකුරු නීච වීම වින්දනයට එතරම් සුබ නැත. නීච ශුක්‍රට පාපීන්ගේ දෘෂ්ටිය එල්ල වීම හරහා පහත් ලිංගික ක්‍රියාවන්ට තුඩුදේවි.

5 වැන්න අර්ථවල සිකුරු සිටීම හරහා යම් සබඳතා බිඳ වැටේ. සිකුරු සතුවීමත් විවාහයකට එතරම් සුබවාදී නොවේ. පුරුෂයින්ගේ බුධ ශුක්‍ර එක්විම ලිංගික ශක්තිය අවම වේ. සිකුරු ඉතාම බලවත් වීම හරහා යුගදිවිය ඉතාම සාර්ථක වන්නේ ය. සැප සම්පත් බහුල වේ. කලා සෞන්දර්යය අංශයන්හි වර්ධන වේගයක් උද්දීපනය වේ. 6 සහ 8 හැර අන් ස්ථාන ගතව ශුක්‍ර බලවත්ව ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ යුගදිවිය මිහිරි වන්නේ ය.

කේන්ද්‍රයේ සිකුරු දෙවැන්නේ ද හත අධිපතියා 11 වැන්නේ නම් ලාබාල වියේදීම 16 - 18 යුගදිවියට පත්වේ. වෘෂභ තුලා විශේෂයි. සිකුරු ලග්නයෙන් 4, 7, 10 සිටීනම් 20 ට පෙර විවාහවීමත් ශුක්‍ර 2 වැන්න තුළ සිට දෙවැන්නාධිපතියා කුජ සමඟ යම් යම් සබඳතාවයක් මත 28 විවාහ වේ. රවි, ශුක්‍ර කන්‍යාවේ ලග්නයේ සිටියේ නම් ඔහු හෝ ඇය ස්වයංවින්දනයට ලක්වේ. කාමරාගයෙන් පීඩිත චරිතයකි.

පස්වැන්නේ ශුක්‍ර 9 යේ රාහු හෝ කුජ සිටීනම් වයස 30 - 33 අතර විවාහ වේ. 3 ශුක්‍ර 9 යෝග හත අධිපතියා සිටීනම් විවාහය 35 දී සිදු වේ.

2, 5, 7 යන නැකත ශුක්‍ර ගුරුට පෙනීම හරහා විවාහය 35 පසුවනු ඇත. ශුක්‍ර ශනිගේ නැකතක වීම නිසා විවාහය කල්යයි.

ඡ්‍යොතිෂය අනුව ශුක්‍ර 1, 2, 12 තැනක සිටී නම් උතුරු දිසාවන් ද 3, 4, 5 භවයක නම් ශුක්‍ර නැඟෙනහිරින් ද 6, 7, 8 නම් බස්නාහිරින් ද 9, 10, 11 නම් දකුණු දිසාවන්ද විවාහයට කෙනෙකු ලැබේ. එය ඇත්තකි.

ශුක්‍ර 7 වීම මාලවී යෝගය උදාකරයි. සිකුරු හොඳට සිටී නම් යුග දිවිය සාර්ථක වේ. ලිංගික රති සුවය යහපත් ය. ආකර්ශනය අධිකයි. දෙදෙනාට දෙදෙනාම ඉහළ තලයේ සංසර්ගික සුවය ලබමින් යුගදිවිය මිහිරෙන් යුතුව ගෙවයි.

කුජ, ශුක්‍ර, රවි, රාහු සිටි එක්තරා ධනවත් සුරූපී කාන්තාවක් සිය කාමය රාගය උත්සන්න වීම නිසා විවිධ අනියම් සබඳතා ගොඩ නඟා ගෙන වින්දනය ලැබීමට හුරුවිය. ඇය 65 හැවිරිදි වියේ පසු වූවත් තවමත් විවිධ අයුරින් තම කාමගින් නිවමින් සිටින්නීය.

සඳු ශුක්‍ර යහපත් නම් විවාහයට යහපත් ය. ග්‍රහයන් දෙදෙනාම ස්ත්‍රී ග්‍රහයින් නිසා තවත් හොඳ ය. බුධ ශුක්‍ර යහපත් නැත. පැති දෙකකය.

ශුක්‍ර ගුරු ද විවාහයට එතරරම් සුබ නැත. ශුක්‍රගේ කාම වේගය ගුරු පාලනය කරයි. දෙදෙනාගෙන් එක් අයෙක් අතිධාවන මහා කාමයෝගියෙක් නම් විවාහය වෙනස් වේ.

ශුක්‍ර ශනි දෙදෙනාම වෙනස්ය. විවාහ කල් යයි. විවාහ වූවත් ලිංගික සුවය හීනයි. දෙදෙනාම එක්තරා කායික මානසික පීඩනයකට ගොදුරු වේ.

ළමා කාලයේ සිකුරු දශාව යහපත් වුවත් ඉගනීමට තරමක් බාධක යෙදේ. සමහර විට ගැහැනු දරුවා ලක්විය හැක. කෙනෙකුට සිකුරු 25 සිට 45 අතර කාලයේ ලැබීම සුබයි. සියල්ලම අතට ලැබේ. විවාහයෙන් සම්පත් යහපත් දරුවන් සුඛෝපභෝගී ජීවිතයක් ගෙන යා හැක.

වයස 50 සිට 60 අතර සිකුරු බලවත් වුවහොත් වන්නේ අසම්මත ලිංගික සුවය සොයා යෑම හරහා ප්‍රශ්න ඇතිකර ගැනීමකි. යුගදිවියට අහිතකරයි.

වයස 67 දී සිකුරු ලැබූ එක්තරා ධනවත් ව්‍යාපාරික බිරිඳක් සිය රියදුරු 30 හැවිරිදි අයෙකු සමඟ එක් වූයේ සිකුරු කාමය ඇවිස්සීම නිසාය. මකර ලග්නය හිමි 7 වැන්නේ කුජ, ශුක්‍ර සඳු රාහු සිටි කථිකාචාර්වරියක් ඇගේ වයස 53 දී සිකුරු දශාව ලබා සිටියදී තමාගේ ගෝලයෙක් සමඟ රහසේ සම්බන්ධතාවක් පැවැත්වීම නිසා නීත්‍යානුකූල විවාහයට ගැටලු ඇති වී නීතියෙන් දඬුවම් විඳින්නට සිදුවූවා ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.