සියලු අපල දුරුවේවා සුරිඳු සරණ ලැබදේවා ඡ්‍යොතිෂ ඇසින් දුටු කඳසුරිඳුන්

නොවැම්බර් 13, 2020

ඡ්‍යොතිෂයේ දී කතරගම දෙවියන් උදෙසා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කඳසුරිඳු තරම් ලංකාවේ බැතිමතුන් අතර ඇදහීමටත් විශ්වාසයටත් පාත්‍ර වූ වෙනත් දේවාත්මයක් නැති තරම්ය. ජාති ආගම් කුල භේද නොතකා සෑම සියලු දෙනාම තමන්ට කරදරයක් බාධකයක් වූ සැම විටම කඳසුරිඳුගේ පිහිට පැතීමට අමතක නොකරති.

අනෙකුත් බොහෝ දෙවියන් අල්පේච්ච ජීවිතයක් ගත කළද කතරගම දෙවිඳු කාම සුඛල්ලිකානු යෝගය බැහැර නොකළ දේව ආත්මයක් නිසාවෙන් උන්වහන්සේ අනික් දෙවියන් මෙන් නොව තමාගෙන් සෙත ශාන්තිය බලාපොරොත්තු වන බැතිමතුන්ට ඔවුන්ගේ ලෞකික කාරණා උදෙසා ද ආශිර්වාද කරනු ඇත. විවිධ වූ ආකාරයට පුද පූජා පවත්වමින් එම දේවනාමයට සෙත්කවි ගායනා කරමින් බැතිමතුන් උන්වහන්සේගෙන් අනේකවිධ වූ ඉල්ලීම් කරනු ලබයි.

කතරගම දෙවියන්ගේ ස්වරූපය පිළිබඳ සලකා බැලීමේ දී උන්වහන්සේ අඩි 6 යි අඟල් 3 ක් උසින් යුත් රතු පාට ශරීරයකින් යුක්ත වන අතර මුහුණු සයකින් අත් දොළසකින් ද නෙත් දොළසකකින් ද, ආයුධ දොළසකින් ද යුත් අතර දකුණු උරහිසේ රණ මොණර පැටියෙක්ද, පාමුල නාගයෙක් ද සිටින අතර අසලින් වල්ලි මාතාවත් තේවානි මාතාවත් සිටී. හිසේ කිරුළු තුනක් ඇති දකුණු අතේ වේලායුධයද, වම් අතේ කුකුළු රූපය සහිත කොඩියද දක්නට ඇත.

මහ කතරගම, කුඩා කතරගම මැණික් ගඟ, කිරිවෙහෙර, වැඩ සිටි කන්ද, සෙල්ල කතරගම, කතරගම මහා දේවාලය යන ප්‍රසිද්ධ ස්ථානවලට කඳසුරිඳුගේ දිවැස් හෙළන ස්ථාන අතරින් කිහිපයකි. ඒ අනුව කතරගම දෙවියන් උදේ 10.28 සිට දහවල් 11.12 දක්වාත් දහවල් 11.15 සිට සවස 1.00 දක්වාත්, රාත්‍රී 10.48 සිට රාත්‍රී 11.12 දක්වාත් රාත්‍රී 11.15 - 11.30 දක්වාත් උන්වහන්සේගේ බැල්ම පවතින අතර එම වේලාවන් තුළ පිහිටි පැතීමෙන් සහනය ලබා ගත හැකි ය.

කතරගම යනු නම කියූ පමණින් අපේ මතකයට එන්නේ සිංහල බෞද්ධ ජනතාවටත් දෙමළ හින්දු ජනතාවටත් එකසේ වැදගත් වන අති උතුම් ස්ථානයකි. කතරගම රාජධානිය කොටගෙන විසූ මහාසේන නම් දෙව් රජු දැනට කිරිවෙහෙර පිහිටි ස්ථානයට වැඩි බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් වූ බවත් එම මහසෙන් දෙවියන් කතරගම දෙවියන් වී කදිරදේව වූ බවත් සිංහල ජනයා අතර පිළිගැනීමක් ඇත. මහාසේන නම් වූ සිංහල රජතුමා පසුකලෙක එසේ දේවත්වයට පත් වූ බවත් ඔහු වැඩ සිටි කන්ද සිය වාසභූමිය කරගත්තා වූ බවත් ජනප්‍රවාදයේ කියවෙයි. දුටුගැමුණු මහ රජතුමා යුද්ධයෙන් දිනා කතරගම මහා දේවාලය කර වූ බවත් මැණික් ගඟට කප්පර කන්දර නදී යනුවෙන් ව්‍යවහාර වූ බවත් වැඩි දෙනාගේ පිළිගැනීමයි.

දකුණේ තිස්සමහාරාමයට සැතපුම් 10 ක් පමණ දුරින් මැණික් ගඟ අසබඩ ෙඓතිහාසික කතරගම පූජා භූමි පිහිටා ඇති අතර, කාන්තාර ගම, කදිර ගාමර්, ක්ෂත්‍රීය ග්‍රාම යන යෙදුම්වලින් බිඳී විත් ෙඓතිහාසික කතරගම බවට පත් මෙම පුරවරය බොදු හා දෙව් බැතිමත්හු සිය අනේක විධ දුක් ගැනවිලි බාරහාර පුද පූජා තබා ජීවිතයේ සතුට සැනසුම හා ප්‍රාර්ථනා සාර්ථක කර ගැනීම සඳහා යන එකම ස්ථානය ලෙසද හැඳින්විය හැකිය. බෞද්ධයන් වන අප ප්‍රථමයෙන් තෙරුවන් විෂයෙහි මල් පහන් සුවඳ දුම් පූජා කර උචිත ඇඳුමකින් සකස් විය යුතු ය. දේව පූජාවකට ප්‍රථමයෙන් නිර්මාංශව පේවීම ඉතාමත් වැදගත් වේ. ඉන් අනතුරුව මෙහි සඳහන් මන්ත්‍රය ජප කිරීම ඉතාමත් ප්‍රතිඵලදායක වනු ඇත.

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් මෙන්ම බොදු දනන්ගේ සිත්තුළ ශ්‍රද්ධාව වඩවන බොහෝ බෞද්ධ සිදුවීම්වලට මුල්වන පුණ්‍යවන්ත සමයක ඇරඹුම ඇසළ සමයත් සමඟින් සනිටුහන් විය. අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව් ලොවින් චුතව මහාමාය දේවියගේ මවුකුස තුළ පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මීම, ඉන් අනතුරුව අප මහා බෝසතාණන් වහන්සේ බුදු වූ පසු ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය පස්වග මහණුන්ට දේශනා කිරීම, මෙන්ම බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහැර පෑමද, මෘතෘදිව්‍ය රාජයා ඇතුළු දෙවියන් අභිධර්ම, දෙසීමද, ඇසළ පුන් පොහෝ දා සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස අපට හඳුනාගත හැකිය. ඉහත දැක්වූ සිදුවීම් හා තවත් බොහෝ සෙයින් වැදගත් බෞද්ධාගමික සිද්ධීන් රැසකට මුල් වූ ඇසළ සමය තුළ බොහෝ බෞද්ධ උත්සව ඈත අතීතයේ සිටම පැවැත්වේ.

කතරගම පුදබිම සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව උතුරුකරයේ ද්‍රවිඩ හින්දු ජනතාවගේද නොමඳ ගෞරවාදරයට පත්ව ඇති පුද බිමකි. ලංකා ඉතිහාසයේ දඹදෙනි යුගය වන විට මෙම ඇසළ උත්ත්සවය දෙවියන් උදෙසා පවත්වනු ලබන්නක මුහුණුවරක් ගනු ලබයි. ඒ අනුව සුමන සමන් දෙවියන් විෂ්ණු දෙවියන් හා කතරගම දෙවියන් යන දෙවිවරු උදෙසා පවත්වන පෙරහර ප්‍රධාන තැනක් ගන්නා අතර ඒ අතරින් ද මෙරට දකුණුලක ඓතිහාසික පූජනීය ස්ථානයක් වන කතරගම දේවාලයේ කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන කතරගම ඇසළ පෙරහර සුවිශේෂී පෙරහර මංගල්‍යයකි. දුටුගැමුණු මහා රජතුමන් යුද්ධයෙන් දිනා කතරගම මහා දේවාලය කරවූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. රමණීය කප්පරකන්දර නදීය හෙවත් මැණික් ගඟ අසබඩ මෙම සුන්දර කතරගම මහ දේවාලය පිහිටා ඇත. එම ඓතිහාසික දේවාලය මඟින් වාර්ෂිකව අති උත්කර්ෂවත්ව ඇසළ පෙරහර මංගල්‍ය පවත්වනු ලබයි.

කතරගම දෙවියන් යනු කතරගම රාජධානිය ලෙස පවත්වා ගනිමින් විසූ මහාසේන නම් වූ රජ කෙනෙකු බව ජනප්‍රවාදයේ සාක්ෂි ඇත. එම මහාසේන රජු පදිංචිව සිටි කන්ද වැඩසිටි කන්ද වූ බවත් අප සිංහල ජනතාව අතර පිළිගැනීමක් ඇත.

ඔබේ පැතුම් ඉටු කර ගැනීමට කතරගම දේව පූජාව හා දේව කන්නලව්වක් නිවැරදිව තබමු.

රැකියාවන්ට ඉදිරිපත් වී රැකී රක්ෂා ලබා ගැනීමට, විභාගවලට පෙනී සිටීමෙන් ජය ලබා ගැනීමට, නඩු වලට පෙනී සිටීමෙන් ඒවා ජයග්‍රහණයට (සාධාරණ) මෙන්ම ව්‍යාපාර දියුණුකර ගැනීමට, වාහන ආරක්ෂාවට, අඩපන වූ වෙළඳාම් දියුණු කර ගැනීමට හා විවාහ ප්‍රමාදවීම වළක්වා ගැනීමට කතරගම දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොමදව ලබා ගැනීමට හැකි ඉතා සාර්ථක හා ප්‍රතිඵලදායක අත්දුටු සත්‍ය වූ පහත සඳහන් මන්ත්‍ර හා දේව පූජාව නිවැරදිව ඉටු කිරීම තුළින් සුබදායක ප්‍රතිඵල ලබාගත හැකි ය.

කතරගම දෙවියන්ගේ රූපයක් ඉදිරියේ රත් නෙළුම් රත් පැහැති මල් සහ සියලුම රත් පැහැති මල් වර්ග තබන්න. පොල් තෙල් පහනක්ද දල්වා සුවඳ දුම් අල්ලන්න. ඉන් පසු මෙම වේද මූල මන්ත්‍රයෙන් 21 වරක් හෝ ඊට වැඩි වාර ගණනක් ජප කරන්න.

මන්ත්‍ර ජපය

ඕං වල්ලිදේව සේනාසමේ ද

ශ්‍රී සුබ්‍රමණියාය ශ්‍රී පාදුකම් පූජයාමිනමඞ

තර්පයාමිනමඞ

ඕං ස්කන්ධාය නමඞ

ඕං ගුණාය නමඞ

ඕං ශන්මුඛාය නමඞ

ඕං ප්‍රභවේ නමඞ

ඕං ක්‍රිතිකාසුනාවේ නමඞ

ඕං කුමාරයාය නමඞ

ඕං අග්නි ජන්ම තේ නමඞ

ඕං ගංග සුධාය නමඞ

ඕං ශක්ති ධාරාය නමඞ

ඕං සේනාය නමඞ

ඕං ධිසන්භුජාය නමඞ

ඕං තක් පුරුෂාය විද්මාහී

මහා සේනාය විමාහී

තතෝශනේමුඛ ප්‍රචෝදයාන්

 

අඟහරුවාදා, බදාදා හා සිකුරාදා දිනවල රාත්‍රී කාලයේ මෙම මන්ත්‍රයෙන් ජීවම් සිද්ධි කිරීමෙන් තම අපේක්ෂාවන් ඉටුකරගත හැක. ඉතාම පවිත්‍රව පංච සීලයෙහි පිහිටා පවිත්‍ර සිතින් මෙම මන්ත්‍රය කතරගම දෙවියන් ඉදිරියේ කිව යුතු ය. කතරගම දෙවියන් පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව කළ යුතු වෙයි. රැකියාවන්ට ඉදිරිපත් වීම, විභාගවලට පෙනී සිටීම, නඩු වලට පෙනී සිටීම (සාධාරණ) ව්‍යාපාර දියුණු කර ගැනීමට, අඩපන වූ වෙළඳාම් දියුණු කර ගැනීමට හා විවාහ ප්‍රමාදවීම් වැලක්වීමට යෙදිය හැකි විද්‍යාත්මක ක්‍රම වේදයකි.

කතරගම දේව පූජාවක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය -

ලද පස් මල්, බුලත් කොළ 21, පලතුරු( අඹ, අන්නාසි, රත් කෙහෙල්, දොඩම්, නාරං, උගුරැස්ස, දිවුල්, උක්ගස්, බෙලි, වැල, වරකා, කොමඩු හා තැඹිලි ගෙඩියක්) කැවිලි වර්ග (අග්ගලා, තල කැරලි, හකුරු, අතිරස, හඹල පෙති), ඇටි ඇට (උඳු, මුං, තල, මෑ, වී යන මෙම ද්‍රව්‍ය කබලේ බැද ගන්න.) සුවඳ වර්ග (කපුරු, හඳුන්කූරු, සඳුන් තෙල්, පිනිදිය), පහන් දැල්වීමට තෙල් (මැටි පහන් 3ක් හා තල තෙල්, පොල් තෙල් හා අඹ තෙල්) රතු මල් වට්ටි 1 කි, රතු රෙදි යාර 1 1/2, බෙලි කොළ, සාම්බ්‍රානි, රත් හඳුන්, සුදු හඳුන්, දේව දාර හා කවඩි යන මේවා එකට කුඩු කර වියලා සකස්කර ගත්ත සුවඳ දූපය, රතු මල් මාලයක්, තමන්ට හැකි පරිදි පඬුරක්, රිදී පඬුරු 1 යි, රතු පාට වහන්තරා ලේන්සු 2 ක්, කහ වතුර ස්වල්පයක්, පූජාව සකස් කිරීමට පිරිසුදු වට්ටි 2 ක්, පොල් කටු අඟුරු හා දුන් කබල.

ඉතාමත් පිරිසුදුවට සකස්කර ගත් මෙම පූජා ද්‍රව්‍ය පලතුරු වර්ග එක් වට්ටියක් ලෙසද අනෙකුත් පූජා ද්‍රව්‍ය තවත් වට්ටියක් ලෙසද සකස්කර ගන්න. ඉන් අනතුරුව පූජාව තබා ඉහත දැක්වූ මන්ත්‍රය 21 වරක් හෝ වැඩි වාර ගණනක් ජප කිරීම ඉතා සුදුසු ය.

ඔබට කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.