පහන් දැල්වීමෙන් සිත් සතන් තුළ පී‍්‍රතියත් ධෛර්යයත් උත්පාදනය වන දීපවාලිය

නොවැම්බර් 13, 2020

දීපවාලී දිනය සූදු ක්‍රීඩා කරන්නන්ගේ විශේෂ දිනයක් ලෙසටද සළකති. එක් යුගයක ශිව දෙවියන් තම පි‍්‍රයංබිකාවූ උමාදේවිය සමඟ සූදු ක්‍රීඩාවේ යෙදී සියලු වස්තුව පරාදවීමෙන් පරාජිත බවට පත් වී ඇත. ඒ දුකින් ගංගානම් ගගේ සූදු වැලි තලාවක ඉඳ ඉතා දුක් මුසු තත්ත්වයෙන් සිටිනු දුටු කතරගම දෙවියන් උපායක් සිතා උමාදේවිය සමඟ එක්ව සූදු ක්‍රීඩාවේ යෙදී තම පියා විසින් භාරදී තිබූ සියලු වස්තුව දිනා ගත්තේ ය. මේ හේතුව නිසාත් දීපවාලී දිනය සූදු කෙළිය සඳහා වෙන් කළ ජයග්‍රාහී දිනයක් ලෙස ද සැළකේ.

 

පාප අන්ධකාරයන් පලවාහරින දිනය වශයෙන් සළකන දීපවාලී දිනය ඉන්දියාවේ හා අනෙකුත් රටවල ජීවත්වන හින්දු ජනතාව පහන් දල්වා පුද පූජා තබා දේවාරාධනාකොට දුක් දොම්නස් ඉවත්කොට සතුට සම්පත කරුණාව උදාකොට ලොවෙහි අඳුර දුරුකොට ඥානය නැමැති ආලෝකය උදා කරන ලෙස ප්‍රාර්ථනා කරයි.

කෝවිලෙන් කෝවිල දේවස්ථානයෙන් දේවස්ථානයට නිවසෙන් නිවසට දීපවාලී ආලෝකමත් කිරීමේ පහන් දැල්වීම පේළියෙන් පේළියට සිදුකරනු ලබන්නේ පෙර සඳහන් පරිද්දෙන්ම අඥානය දුරුකොට ප්‍රඥාව ළඟා කර දෙන ලෙස අධිෂ්ඨාන ඇතිකර ගනිමිනි. මෙම දීපවාලී උත්සවය ගැන විවිධ කරුණු හා ජන ප්‍රවාද බොහෝ පවතී. ප්‍රාග් ඡ්‍යොතිෂපුරයෙහි අසාධාරණයෙන් රාජ්‍ය පාලනය කරමින් ලොවම අඳුරින් වසාගෙන සිටි තාරකා නම් අසුරයාට තෘෂ්ණා වප් මාසයෙහි තෘෂ්ණා පක්ෂයේ මරා දමා ලෝකයාට නැවතත් ආලෝකය ලබාදුන්නේලු. මේ කරුණු කාරණා සිහිපත් කිරීම සඳහා ඉන්දියාවේ මෙන්ම ලොව පුරා හින්දු ජනතාව තෙල් ගල්වාගෙන ස්නානය කොට පහන් දල්වා පී‍්‍රතිවෙතැයි කියති.

තාරක නම් අසුරයා විෂ්ණුට හා භූමා දේවියට දාව උපන් පුත් කුමරුන් ය. භූමා දේවිය ලෙස හඳුන්වනු ලැබුවේ මහී කාන්තාවටයි. තාරක අසුරයා උත්පත්තියෙන් හොඳ පුද්ගලයෙකි මේ නිසා ඔහු ශිව දෙවියන් වෙත ගොස් උපවාස ශීලය රැක්කේ ය. ශිව දෙවියන් ද තාරකගේ ගති ගුණවලට පැහැදී ඔහු කෙරේ මනාපැහැදීමක් ඇති කරගත්තේ ය. මේ ඇති වූ විශ්වාසය නිසා ශිව දෙවියන් මෙතෙක් කිසිවකුට නොදුන් වරයක් තාරකට දුන්නේ ය. ශිව දෙවියන්ගෙන් බලය ලබාගත් තාරක පැවැති හොඳගති ගුණ පසෙකලා අනිසි ක්‍රියාවලට යොමු වෙමින් කටයුතු කරන්නට විය. කෝවිල්වල පවත්වන පුද පූජා කඩාකප්පල් කරන්නට විය. ප්‍රාණ විධි ඉඩ කිරීමට ඉඩ නුදුන්නේ ය. යමෙකු ඔහුගේ කීම නොසළකා කෝවිල්වල පුද පූජා කර අසු වුවහොත් ඔහුට හෝ ඇයට වද හිංසා පමුණුවමින් ජනතාව බියට පත් කරමින් හැසුරුණේ ය. මේ තත්ත්වය අසන්නට දකින්නට ලැබීම නිසා දෙවියෝද බ්‍රාහ්මණයෝද සුරයෝ ද අසුරයෝ ද මහත් කනස්සල්ලට පත්ව සිටි බව පොත පතේ ද සඳහන් වේ. මිනිසුන්ට පමණක් නොව දෙවි දේවතාවුන්ටද මහත් වදයක් වූ තාරක නම් අසුරයා විනාශ කර දැමීමට කිසිවකුටත් බලයක් නොමැති විය.

මේ තාරක සතු වූ බලය ශක්තිය ප්‍රබල වූ බැවින් ඔහු විනාශ කර හැකි බලයක් තිබුණේ තාරකගේ පියාවන විෂ්ණුට පමණකි. එබැවින් මේ තාරක අසුරයා විනාශ කර දමන ලෙස දෙවි දේවතාවුන් ඇතුළු සෑම දෙනාම විෂ්ණුගෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම ඉටු කිරීම සඳහා විෂ්ණු (ක්‍රිෂ්ණ) අවතාරයෙන් පෙනී සිට තාරක වද හිංසාවට ලක්කොට විනාශකර දැම්මේ ය. එසේ විනාශයට පත්වන අවස්ථාවේ තාරකයාගේ ඉල්ලීමක් වූයේ ආලෝක පූජාව පවත්වන ලෙසටයි. කතරගම දෙවියන් ශිව දෙවියන්ගේ නළලෙහි පිහිටි ඇසින් විහිදුවාලු තෙදැති රශ්මියෙන් ආරුමුගං දෙවියන් ලෙස ඉපදී ඇති බව විශ්වාස කෙරේ. එම දෙවියන් ආලෝකයේ දෙවියන් ලෙසද අදහති. දීපවාලී දිනයේ දී ද දහස් ගණන් පහන් ආලෝක කර පූජා පවත්වනු ලබන්නේ මෙම ආරුමුගං දෙවියා විදීමටය. වික්‍රමාදිත්‍ය රජතුමාගේ මෞලිමංගල්‍ය හා රාජාභිෂේකය සිදුවු දිනය ලෙස සළකමින් උත්සව පවත්වති. එම දිනය අලුත් අවුරුදු දිනය ලෙස නමින් ද උත්සව පැවැත් වූහ. එම දිනය දීපවාලී දිනයක් වීමත් විශේෂයකි.

හින්දු කෝවිල්වල දීපවාලී උළෙල සමරමින් විෂ්ණු ගේ පිළිරුවක් අලංකාරවත්ව සරසා රැගෙන ගමවටා යමින් තාරක අසුරයාගේ වදයට පමුණුවන සිද්ධිය පෙන්වති. යහපත් අය ආරක්ෂා කරන්ටත් අයහපත් අය විනාශ කරන්නත් ධර්මයෙන් කරුණු අවබෝධ කරලීමට දීපවාලී දිනය මහඟු ආදර්ශයක් බවට පෙන්වාදී ඇත. බෙංගාලිදේශයේ දීපවාලි දිනය සමරනු ලබන්නේ වෙනත් රටවල සමරනවාට වඩා වෙනස්ම ආකාරයකටයි. ඔවුන් මළවුන්ගේ දිනය ලෙස සළකන්නේ දීපවාලී දිනයයි. මරණයට පත් වී අඳුරේ ගිලී සිටින ප්‍රාණ තාරයින්ගේ ගැලවීම සඳහා බෙංගාලි දේශයේ පිහිටි විශාල කුළු මුදුනේ පහන් දල්වා ආලෝක කිරීම සිදුකරයි. ඒ මෙදින ක්‍රිෂ්ණාදෙවියාටත් ගෝවර්ධන කන්දටත් පූජා විධි පවත්වමිනි.

දීපවාලී දිනය සූදු ක්‍රීඩා කරන්නන්ගේ විශේෂ දිනයක් ලෙසටද සළකති. එක් යුගයක ශිව දෙවියන් තම පි‍්‍රයංබිකාවූ උමාදේවිය සමඟ සුදු ක්‍රීඩාවේ යෙදී සියලු වස්තුව පරාදවීමෙන් පරාජිත බවට පත් වී ඇත. ඒ දුකින් ගංගානම් ගගේ සූදු වැලි තලාවක ඉඳ ඉතා දුක් මුසු තත්ත්වයෙන් සිටිනු දුටු කතරගම දෙවියන් උපායක් සිතා උමාදේවිය සමඟ එක්ව සූදු ක්‍රීඩාවේ යෙදී තම පියා විසින්දරදී තිබූ සියලු වස්තුව දිනා ගත්තේ ය. මේ හේතුව නිසාත් දීපවාලී දිනය සූදු කෙළිය සඳහා වෙන් කළ ජයග්‍රාහී දිනයක් ලෙස ද සැළකේ. වන වාසයෙන් මිදී දාහතර වසරකට පසුව අයොධ්‍ය නගරයට රාම පැමිණීමේ සතුට සැමරීම සඳහා එරට ජනයා කී මියැසී සුරබු ගංගා තීරයට පැමිණ ජල ක්‍රීඩාවලට සහභාගී වී ස්නානය කොට අලුත් ඇඳුමින් සැරසී සිට රස කැවිලි බෙදා හදා ගනිමින් දීපවාලී උළෙල සැමරීම සිරිතකි. දීපවාලිය සැමරීමේ දී නොයෙක් ආකාරයේ පූජා විධි අනුගමනය කරති.

දීපවාලී දිනය උදාවන රාත්‍රී කාලයේ නෑදෑ හිත මිතුරන් හා එක්ව ස්නානය කොට පිරිසුදුව තල තෙල් ඇඟ ගල්වා නුග, බෝ, අට්ටික්කා ආදී ඖෂධීය වෘක්ෂවල පොතු තම්බා නානු වර්ග සාදා එම නානුද ඇඟ ගා උණු දියෙන් ස්නානය කර පුද පූජාවලට රැස් වේ. දීපවාලී පූජාවේ දී ලක්ෂ්මී දේවිය හා ශිව දෙවියන් පිදීමත් වේ. දින හතරක් පුරා දීපවාලී පූජාව පැවැත්වේ. පළමු දිනය ලක්ෂ්මී දේවිය වෙනුවෙන් දෙවන දිනය තාරක අසුරයා මරණයට පත්වීම නිමිත්තෙන් සතුටට පත්වීම නිමිත්තෙනුත් පූජා පැවැත්වේ. තුන්වන දිනය පැවැත්වෙන්නේ තෙල් හිස ගා ඇඟ ගල්වා ස්නානය කිරීමට පසුව පහන් පේළි දල්වා පූජා පවත්වන හතරවන දිනය වෙන් වන්නේ දීපවාලී දිනය අවසන්වන දිනය ලෙසටයි. එදින නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කිරීම සිදු කරයි. පසුව තෑගි භෝග ලබාදීම හා ඔවුනොවුන් සිය සතුට බෙදාගැනීම සිදු කෙරේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.