හදවත් රෝග සඳහා ගුණදෙන අගනා ඔසුව ගුගුල්

නොවැම්බර් 13, 2020

වර්තමානය පිළිබදව විශ්ලේෂණය කර බැලීමේදී දැකිය හැක්කේ බෝවන රෝග වල වැඩිවීමේ ප්‍රවණතාවයන් පිළිබඳවයි. ලෝකයේ සෑම රටක්ම පාහේ දැකිය හැකි විශේෂත්වයක් වනුයේ බෝ නොවන රෝග වල අසීමිත වැඩිවීමයි. වර්තමානයේ විශාල ප්‍රමාණයක් බවට පත්ව ඇති මෙම තත්ත්වයේදී පිළිකා රෝග, දියවැඩියා, අධිරුධිර පීඩනය, හෘද රෝග ආදිය ප්‍රධාන ස්ථානයක් ගනියි. මේවා පාලනය සඳහා විවිධ වූ ප්‍රතිකාරයන් යොදනු ලබයි. මෑත යුගයේදී භාරතයේ සිදුකරන ලද විවිධ පර්යේෂණයන්ට අනුකූලව අධි කොලෙස්ටරෝල් හේතුවෙන් ඇතිවිය හැකි රෝග තත්ත්වයන් පාලනය කිරීමට යොදා ගත හැකි ඉතාමත් අගනා ඖෂධයක් ලෙස ගුගුල් මැලියම් රෙසීන නම් කර ඇත.

ඒ අනුව ශරීරයේ මේදමය සංයෝග අධික වීමෙන් සිදුවන රුධිර නාල සිහින් වීම, හෘදයට රුධිරය සපයන කිරීටක ධමනියේ කැටිති හිරවීමෙන් හෘදය අක්‍රීය වීම ආදී ආබාධ සුවපත් කිරීමේදීවඩාත් සාර්ථක ප්‍රතිඵල ළගාකර දීමට ගුගුල් සමත් වී ඇත. ඈත අතීතයේ සිටම හෘදයේ නිරෝගීතාවය උදෙසා පංචතික්ත ඍත ගුග්ලුලු, "ආදි වූ ඖෂධ නිර්දේශ කර තිබිමෙන් පැහැදිලි වන්නේ ගුගුල් යනු හදවතට ඉතා හිතකාරී ඔසුවක් බවයි. හන්දිපත් වේදනා, පක්ෂාඝාත ඉදිමුම්, අස්ථි ආබාධ, චර්ම රෝග සහ ග්‍රස්ථි ආසාදන සුවපත් කිරීමට ඇති හැකියාවන් රුධිරයේ අධික මේද ප්‍රමාණ පාලනය කරමින් හදවතට හිතකර අයුරින් ක්‍රියාත්මක වීමේ සහජ ගති ලක්ෂණ ගුගුල‍් වල දක්නට ලැබෙයි.

ගුගුල් වැවෙන ප්‍රදේශ

අප්‍රිකාව, ඉතියෝපියාව, සෝමාලියාව, කෙන්යාව, සයරේ, සිම්බාබ්වේ ආදි රටවලද ඉන්දියාවේ සින්ධි, රාජස්ථාන්, ඛන්දේශ්, කාතියාවාර්, රාජපුතානා, නැගෙනහිර බෙංගාලය, මයිසූර්, ඇසෑම් ආදී ප්‍රදේශවලද වැවේ.

ගුගුල්වල ස්වරූපය

අඩි 3-10 දක්වා උසට වැඩෙන කටු සහිත පඳුරකි. මේරූ කඳේ පොතු රිදීවන් සුඹුළු මෙන් ගැලවී යයි. තනිව ද්විත්ව හා ත්‍රිපත්‍රිව පිහිටන පත්‍රයන්ගේ වෘන්තයට (නටුවට) ආසන්න මුල් කොටස සරල දාරයකින් යුක්ත වුවද දැති සහිත පළල් අග කෙළවරක් සහිතය. හේමන්තයේදි පත්‍ර හැලී ගියද වසන්ත සමයේදි තව දළු ලියලණු ලබයි. දම් පැහැ රතු දුඹුරු වර්ගයක් ගනු ලබන මල් කුඩාය. බොහෝ විට ඵලය එක් බීජයක් දරයි. මෙම ගුගුල් බීජ පෙනුමෙන් ඇහැළ බීජයකට ආසන්න වශයෙන් සමාන වේ. පුරුෂ සහ ස්ත්‍ර පඳුරු වෙන්වෙන්ව පිහිටන අතර සමහර විට එකම ශාකයේ මල් වර්ග දෙකම පිබිදෙන අවස්ථාද ඇත. මෙහි ඖෂධීය වටිනාකම ඇත්තේ මෙම ශාකයේ කඳෙන් ගලා එන ඔලියො රෙසිනමය මැලියම් වලයි. කඳේ අභ්‍යන්තරව කැම්බීයම අසල පිහිටන ස්‍රාවී ග්‍රන්ථි තුළ නිපදවන බැවින් මව් කඳේ ඇති කරන ගැඹුරු කැපුම් තුවාල මඟින් අස්වනු රැස්කරනු ලැබේ. මේ හේතුවෙන් ඖෂධය ලබා දීමෙන් පසු ශාකය මිය යනු දක්නට ලැබෙන්නේ කණගාටුදායක ලෙසය. ප්‍රමාණවත් අස්වැන්නක් නිපදවීම සඳහා පඳුරක් අවම වශයෙන් වසර 15ක් වත් වයස්ගත විය යුතුය. වගා කිරීමේදී ගුගල් බීජ මෙන්ම දඬු කැබලිද බොහෝ සෙයින් යොදා ගනු ලබයි.

ගුගුල් පිළිබඳව විවිධ භාෂා වලින් හඳුන්වන නාම

ත පොදු සිංහල නාමය

ගුගුල් වන අතර

ත සංස්කෘත බසින්

ග්ගුළු, දේවධූප, පලංකෂා, පුර, කෞශික, මහීෂාක්ෂ, මරුදේශ්‍ය, කාලනිය්‍යාස, කුම්භ, උලුඛලලභූතහර, ශිවලශාංභව, දුර්ගයාතුඝ්න, දේවෝෂ්ට, රක්ෂොභා. රූක්ෂගන්ධක දිව්‍ය ජටායුනක්තෘචරආදිනාමයෙන්යෙදේ.

ත හින්දි බසින්

ගුගුල, ගුග්ගු, ආදී නාමයන්ද

ත වංග බසින්

ගුග්ගු, මුකුල ආද නාමයන්ද

ත දෙමළ බසින්

ගුන්කුල්, ගුක්කුලු, මෛසාච්චි, කුංහිලියම් ආදිනාමයන්ද යෙදේග

ත ඉංග්‍රීසි බසින්

Gum Guggle, Indian Bedellium නාමයන් යෙදේග

ගුගුලු වල උද්භිත විද්‍යාත්මක නාමය

Commiphora Wightii (Arnott) Bhindari

හෙවත්

Commiphora mukul (Hook ex Stocks) Engl

වන අතර

කුලය

BURSERACEAE හෙවත් ගුග්ගුලු කුලය වෙයිග

ගුගුල් වල ඖෂධීය අංග

නිර්‍ය්‍යස (මැලියම්)

ගුගුල් ප්‍රභේද

භාවමිශ්‍ර, කෛයදේව ආදීන් වර්ණ භේදයට අනුව ගුගුල් ප්‍රභේද 5ක් ලෙස දක්වයි.

1ගමහිපාක්ෂි (කෘෂ්ණ)

2ගමහානීල (නිල්)

3ග කුමුද (කපිශ)

4ග පද්ම (රක්ත)

5ග කනක (පීත) වශයෙනි.

2ග රාජ නිඝණ්ඩුවට අනුව

1ගමහීෂාක්ෂ

2ගකණ ගුග්ගුළු

3ගභූමිජ වශයෙනි.

 

ගුගුල් පරික්ෂාව

ගින්නෙහි දැමු විට දැල්වේ. ඉර අව්වේ තැබු විට දියවෙන සුළුදල උණුදියෙහි දැමුකළ දියවී කිරිමෙන්ද වේ. එය උත්තම, ඖෂධ පිණිස යෝග්‍ය ගුගුල් ය.

ප්‍රශස්ත ගුගුල් ලක්ෂණ

සිනිඳු, කෝමල, බෙලසුල්, මිහිරි, සුවඳවත්, තික්ත, කසාවත්, ජලයෙහි ඉක්මනින් දියවෙන සුළුල මැටි, වැලි ආදියෙන් තොර ගුගුල් ප්‍රශස්තය.

වියලි දුඟද, වීර්ය හීන වූ ගුගුල් ඔසු පිණිස අයෝග්‍ය වේ.

ගුගුල් ශෝධනය

වාත රෝග සඳහා දශමූල කෂායෙන්ද චර්ම රෝග සඳහා ත්‍රිඵලා කෂායෙන්ද සෙම් රෝග සඳහා ආඩතෝඩ කොළ යුෂයෙන්ද පොදුවේ රසකිඳ කෂායෙන්ද එලකිරෙන්ද ශෝධනය කිරීම ඵලදායකයග කොහොඹ කොළ යුෂින් ශුද්ධකළ ගුගුල් බලවත් චර්ම රෝගයන්හිදී විශේෂය, ඉහත සඳහන් ක්වාථ හෝ ස්වරස තද උණුසුම් සහිතව ගෙන ගුගුල් දියකොට පෙරා අව්වේ වියලා ගැනීම ඉතා සුදුසු පිළිවෙලයි. වර්ෂා කාලයෙහි නම් මද ගින්නෙහි සිඳුවා ගත යුතුය. හැකිතරම් දුර අග්නි සංයෝගයෙන් තොරවූ පමණට ගුගුල්වල වාෂ්පශීලි තෛලය ආරක්ෂාවීමේ ගුණය සුරැකිවේ.

ගුගුල් වල රසායනික උපාදාන

වාෂ්පශීලි තෛල, තික්ත වීර්ය සහ දුම්මල සහිත මැලියම් අන්තර්ගත ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඉතිරි කොටස ලබන සතියේ...

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.