මල්ගෝවා සතු ඔබ මෙතෙක් නොදත් යහගුණ

දෙසැම්බර් 4, 2020

මල්ගෝවා හැඳීන්වෙන්නේ ලොව තිබෙන ආහාරවලින් ඉතාම ගුණදායක ආහාරයක් වශයෙනි. මල්ගෝවාවල විද්‍යත්මක නාමය වන්නේ “බ්රැසිකා ඔලෙරසියා (Brassica Oleracea) ය. එය වාර්ෂික ශාකයක් වන අතර ඇට මඟින් පැළ හට ගනී. මල්ගෝවා මුල්වරට 12 වන, 13 වන ශත වර්ෂ වලදී සයිප්‍රසයෙන් සොයා ගෙන ඇත. මල්ගෝවාවල ශරීර සෞඛ්‍යයට හිතකර ශාක රසායන විශාල වශයෙන් අඩංගු වේ. පිළිකා, හෘද රෝග, මොළයේ රෝග සඳහා ගුණදායක මෙන්ම ශරීර බර නිසි පරිදි පවත්වා ගැනීම සඳහා මෙම රසායනිකයන් බෙහෙවින්ම හිතකර වේ. මල්ගෝවාවල විශේෂත්වය වන්නේ ස්වභාවික ඇන්ටි ඔක්සිඩන්ට්වලින් අනූන වීමයි. එමෙන්ම මල්ගෝවා වල අත්‍යවශ්‍ය විටමින්, කැරොටිනොයිඩ්, තන්තු, ද්‍රව්‍ය සීනි, ඛණිජ සහ ෆිනොලික සංයෝග අඩංගු වේ.

 

 

මල්ගෝවාවල ගුණ පිළිකා මර්දනය කිරීම.

කෙනෙකුගේ ආහාරවේල සහ පිළිකා වර්ධනය වීමේ හැකියාව අතර නොබිඳීය හැකි සම්බන්ධයක් පවතී. අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇති ආකාරයට මල්ගෝවා පියයුරු පිළිකාවලටත් විශේෂයෙන්ම මහබඩවැල ආශි‍්‍රත පිළිකා, අක්මා පිළිකා, පෙනහළු පිළිකා සහ උදර පිළිකා සඳහා ද ගුණදායක වේ.

 

ප්‍රදාහය වළක්වයි.

ප්‍රදාහය යනු වර්තමානයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන නිදන්ගත රෝගයකි. මල්ගෝවා වල සංයුතිය ගත්විට සැලකිය යුතු මට්ටමකින් ඇන්ටිඔක්සිඩන්ට්(Antioxidant) (ප්‍රතිඔක්සිකාරක) අඩංගු වේ. එමෙන්ම බීටා කැරොටින්, බීටා සිප්ටොසනින්, කැෆෙක් ඇසිඩ්, ෆෙරුලික් ඇසිඩ් ආදිය අන්තර්ගත වන බැවින් මල් ගෝවා ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රතිඔක්සිකාරක බලය ඉහළ ගොස් පිළිකා මෙන්ම ප්‍රදාහය වැනි රෝග තත්ත්වයන් සමනය වේ.

 

හෘද රෝග සහ මොළයේ ආබාධ වළක්වයි.

අධ්‍යයනයන් මඟින් හෙළි වී ඇත්තේ ප්‍රදාහය(ඉදිමුම සහිත දැවිල්ල) වැඩි වශයෙන් පවතින විට එයද හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කිරීමට සම්බන්ධ වන බවයි. එමෙන්ම දියවැඩියාව, කායික හා මානසික කි‍්‍රයාකාරීත්වයේ පිරිහීයාම(ඇල්ෂයිමර්), පාකින්සන් රෝගය වැනි රෝග තත්ත්වයන් ඇතිවේ. එහෙත් මල් ගෝවා වල විටමින් කේ, විටමින් සි, ඇන්ටිඔක්සිඩන්ට්, ඔමේගා 3 අඩංගු වන බැවින් රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.

 

ඔස්ටියෝ පොරෝසීස් වළකයි.

මල්ගෝවා යනු හොඳ විටමින් K සංචිතයකි. විටමින් K යනු මේදයේ ද්‍රාවණය වන විටමිනයකි. මේ නිසා මල් ගෝවා ආහාරයට ගැනීමේදී පොල්කිරි යොදා ආහාරයට ගැනීම ගුණදායකය. විටමින් K, අස්ථි පද්ධතියේ පැවැත්මට උපකාරී වන අතර අස්ථි ඝනත්වය අඩු වීමෙන් සෑදෙන ඔස්ටියෝපොරෝසිස් රෝගය වළක්වාලයි. එමෙන්ම එය රුධිරය කැටි ගැසීමට ද උපකාරි වේ.

 

ආහාර ජීර්ණය සහ විෂ ඉවත් කිරීම.

මල්ගෝවාවල සල්ෆොරපේන්, ග්ලුකොබ්රසින්, ග්ලූකෝපෙනින්, ග්ලූකොනස්ටර්ටියන් අඩංගු වේ. මෙම පෝෂක මඟින් අක්මාවේ කි‍්‍රයාකාරිත්වයට උපකාරි වෙමින් විෂබීජහරණය කිරීම සිදු කරයි. මල්ගෝවා කුලයේ ශාක ආහාර ජීර්ණය පහසු කරවීමට සහ සිරුරේ විෂ ඉවත් කිරීම සඳහා උපකාරී‌ වන අතර මල්ගෝවා සල්ෆර් සංයෝගයන්ගෙන් පොහොසත් වේ. මෙම සංයෝගයන් මඟින් සිරුරේ විෂ ඉවත් කෙරේ.

සිරුරේ බර පාලනය කරයි.

මල්ගෝවාවල ඇති කැලරි ප්‍රමාණය අඩුය. මල් ගෝවා ග්‍රෑම් 100ක අඩංගු වන්නේ කැලරි ඒකක 29 කි. එමෙන්ම මල් ගෝවා තන්තු (කෙඳී) වලින් පොහොසත් ආහාරයකි. මේ නිසාම මල් ගෝවා ස්ථූල පුද්ගලයන්ට බර අඩුකර ගැනීම සඳහා වඩාත් සුදුසු ආහාරයකි. එමෙන්ම මල් ගෝවා ආහාරයට ගැනීමෙන් මළබද්ධය ද වළක්වා ගත හැකිය.

 

හෝමෝන සමබරව පවත්වා ගැනීමට උපකාරි වේ.

මල්ගෝවා යනු ප්‍රතිඔක්සිකාරක බහුල ආහාරයක් බැවින් එය සිරුරේ හෝමෝන සමබරව පවත්වා ගැනීම සඳහා උපකාරි වේ. අනවශ්‍ය ඊස්ට්‍රජන් ශරීරයෙන් ඉවත් කිරීම එයින් සිදු කරයි. නිසි පරිදි සමබල ආහාර වේල් නොගැනීම හෝමෝනවල සමබරතාවය බිඳ හෙළයි. සකස් කළ ආහාර සෝයා, මස්, කිරි නිෂ්පාදන, යීස්ට් ආදිය මඟින් සිරුරේ ඊස්ට්‍රජන් පරිමාව වෙනස් කරයි. මල්‌ගෝවා ආහාරයට ගැනීම තුළින් මෙම තත්ත්වය සමනය කරවයි. සකස් කළ ආහාර පරිභෝජනයෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වීමෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් නොවරදවාම ලබාගත හැකිය.

 

ඇස්වල ආරක්ෂාවට යහපත්.

ගෝවාවල සල්ෆොරෆේන් අඩංගුය. එමඟින් ඇස් ආශි‍්‍රතව අනතුරට භාජනය විය හැකි පටක ආරක්ෂා කරයි. දෘෂ්ටිවිතානයේ ඇති පටක අනතුරුවලට භාජනය වුවහොත් අන්ධ වීම, තිමිරය ඇති වීම ආදී ඇසට හානි සිදු වේ.

 

මල් ගෝවාවල අගුණ.

ඇතැම් පුද්ගලයන්ට කලාතුරකින් මල්ගෝවා අසාත්මික විය හැකිය. අසාත්මික වූ විට කැසීම, මුහුණ සහ අත් ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතා ආදී ලක්ෂණ ඇති විය හැකිය. එවැනි අය මල්ගෝවා භාවිතයෙන් ඉවත් වීම සුදුසුය.

 

ආයුර්වේද වෛද්‍යාචාරිනී උමංගා ලක්මාලි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.