මලබද්ධය නසන අහාර දිරවීම පහසු කරන අර්ශස් වළකන ඖෂධීය ගුණයෙන් පිරිපුන් අළුකෙසෙල්

නොවැම්බර් 20, 2020

අළුකෙසෙල් ගෙඩි සංයෝග කරමින් සකස් කරනු ලබන කස්තුරි මෝදකය පැසුණු අළුකෙසෙල් ගෙඩි අරළු, බුළු, නෙල්ලි, සූදුරු, කළුදුරු , කස්තුරි, නෙල්ලි, වැල්මී සතකුප්ප, කළු තල, ඉකිරි ඇට, රට ඉඳි ඇට ,නෙල්ලි, මානෙල් අල, හීන් එනසාල්, කුරුඳු පොතු, පි‍්‍රයංගු, කටුවැල් බටු, සීනි එළකිරි, නෙල්ලි යුෂ, පුහුල් යුෂ හා කස්තුරි සමඟින් තවත් ඖෂධ ගනු ලබන කස්තුරි මෝදකය වා, පිත්, සෙම් ප්‍රමේහ රෝග මුත්‍රාතීසාර අශ්මරි ග්‍රහණි හා පාණ්ඩු රෝග ඇතුළු රෝග රැසකටම ගුණ ගෙන දේ.

 

අළුකෙසෙල් ග්‍රෑම් සියයක ඇති පෝෂණ ගුණය තෙතමනය ග්‍රෑම් 70.1 ශක්තිය කිලෝ කැලරි 116 කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 27.2 කැල්සියම් මිලිග්‍රෑම් 17 ප්‍රෝටීන් ග්‍රෑම් 1.2 පොස්පරස් මිලි ග්‍රෑම් 36 කැරොටින් මිලිග්‍රෑම් 7.8 ද ඉදුණු කෙසෙල්වල පවතී. අනෙකුත් කෙසෙල්වලට වඩා අළුකෙසෙල්වල පවතින තන්තුමය කොටස්වල ගුණාත්මක භාවය නිසා මළබද්ධය තුරන් කිරීමේ හැකියාවක් පවතී.

අර්ශස් රෝගයෙන් පෙළෙන්නන්ටද අළුකෙසෙල් මහඟු ඖෂධයකි. බඩේ ඇතිවන උෂ්ණාධික ගතිය බඩේ දැවිල්ල වේදනාවට ද අළු කෙසෙල් ඖෂධයකි. විෂ වර්ග ශරීර ගත වූවන්ට ද අළුකෙසෙල් ගසේ පතුරුගෙන තලා ඉස්ම බීමට දීමෙන් විෂ ගතිය නැතිව යයි. එමෙන්ම සර්ප විෂ ශරීර ගත වූ විටත් අළුකෙසෙල් අල තලා මිරිකා ඉස්ම ගෙන බීමට දීමෙන් ද විෂ පහව යයි. දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට මෙන්ම ප්‍රදර රෝගීන්ට ද අළුකෙසෙල් ගුණාත්මක ආහාරයකි.

අළුකෙසෙල් ගෙඩි සංයෝග කරමින් සකස් කරනු ලබන කස්තුරි මෝදකය පැසුණු අළුකෙසෙල් ගෙඩි අරළු, බුළු, නෙල්ලි, සූදුරු, කළුදුරු , කස්තුරි, නෙල්ලි, වැල්මී සතකුප්ප, කළු තල, ඉකිරි ඇට, රට ඉඳි ඇට ,නෙල්ලි, මානෙල් අල, හීන් එනසාල්, කුරුඳු පොතු, පි‍්‍රයංගු, කටුවැල් බටු, සීනි එළකිරි, නෙල්ලි යුෂ, පුහුල් යුෂ හා කස්තුරි සමඟින් තවත් ඖෂධ ගනු ලබන කස්තුරි මෝදකය වා, පිත්, සෙම් ප්‍රමේහ රෝග මුත්‍රාතීසාර අශ්මරි ග්‍රහණි හා පාණ්ඩු රෝග ඇතුළු රෝග රැසකටම ගුණ ගෙන දේ. මහ විෂහරනාදී තෛලය මෙම තෙල සියලුම සර්ප විෂට ද පිස්සු බලු විෂට ද නොයෙක් ආකාරයේ වස විස කැවුණු විට බොන්නට දීමත් ඇස වටා ගෑමටත් යහපත් වේ. අළුකෙසෙල් අල, අත්තන, එරබදු, තලං, කරඳ සිවිය, බටු කරවිල, පාවට්ටා, පුවක්, තොලබෝ , ගිනිතිල්ල මල්, තිප්පිලි , වරා, නිබ ඔළිඳ, ගැට තුඹ, කීකිරිදිය තොලබෝ, කළුකම්මේරිය , තිත්ත වැටකොළු, කතුරුමුරුංගා . මහතැල් කරල්, සැබෝ සස්සද, දොඹ, මාර, මදුරුතලා, ඉරමුසු, දී ලබු ,ගොඩමානෙල්, මුරුවා යන ඖෂධීය කොළ වර්ගද, අමුකහ, සුදුලූනුූ වෙන වෙනම කොටා තබා ගත යුතුය.

තල තෙල් වත් කොට කල්කෙට එනසහල්, කුරුඳු පොතු. කොල්ලන් මල්, ත්‍රිකටුක . වද කහ ලසුනු කරන කටරොඬු ඇට , ඔළිඳ ඇට, කරල්සැබෝ ඇට, මහ කළුවා අල, වරාමුල්, අමු කහ, පුස්කර, පල්ලමානික්කන්, දෙදුරු සහිත ලූනු සීනක්කාරන් ද ගෙන නරදියෙන් අඹරා තෙලට යොදා මද ගින්නේ කකාරා බාගත යුතුය. අළුකෙසෙල් අල ඉරමුසු කලුඋක්, ඔළිඳ සහමුලින් ලුනුවිල කේශර බැබිල සැවැන්දරා මුල්, රසකිඳ , වැල් සහිත කොළ හාතාවාරිය අල සහ කොළ සැම ඉරමුසු සියල්ල උක් පැණි එළඟිතෙල් සීනි තනකිරි සමඟින් කල්කයට කොත්තමල්ලි, තිප්පිලි. ගම්මිරිස්, කළුදුුරු, රතුලූනු, සුදුලූනු, ඉඟිනි ඇට, සූදුරු හා සුදුහඳුන් වැල්මීද වේ. මෙම රක්තල්‍යාණාවලේහය අක්ෂි රෝගවලට විශේෂ වේ. රක්ත ප්‍රදර ශ්වේත ප්‍රදර ශුක්‍රමේහ රක්ත පිත්ත ආදී රෝග රැසකටම ගුණ වේ.

කුණ්ඩිකා කර්නිකා ආදී කෂාය මෙම කෂාය සියලුම ප්‍රමේහ රෝගවලට හා මධුමේහයට විශේෂ වේ. අළුකෙසෙල් අල , ගොකටු මුල්, බැබිල මුල්, සුදු හඳුන් , තිපල්, කොතල ,තිබ්බටු මුල් ආදි ඖෂධ වේ. අක්ෂි රෝග රත්පිත් සෙම් වාත සන්නි රෝග ඇතුළු රෝග රැසකට දෙනු ලබන බෝධිසත්ව තෛලය අළුකෙසෙල් මුව, බැබිල, එළඔළිඳ, මුල් මුකුණුවැන්න හාතවාරිය අල , කුප්පමේනිය මුල්, කලාඳුරු අල , කීකිරිදිය .එළබින්තඹුරු ,නෙළුම් අල, කැනහිල් අල, කිතුල් මල්, හිඟුරු කොළ, දියමිත්ත, රසකිඳ, දියපරඬැල්, සියඹලා කොළ, කෝමාරිකා , පොල් පලා වැල්, පෙනෙල , කරකොළ, සමදරා කොළ, සමන් පිච්ච මල්. කොල්ලන් මල්, රත්හදුන්, නාමල් රේණු ඇතුළු තවත් ඖෂධ විසිතුනක් පමණ යොදාගනිති. මෙම තෙලට විශේෂයෙන් තල තෙල් ගිතෙල්. එරඩුතෙල් හා තනකිරිද එක්කර ගනී.

තුන්දොසින් බඩ යනවාට මෙම ඖෂධ වනේලා කොටා ඉස්ම ගෙන හතර එකට සිඳ දෙනු සුව වේ. අළුකෙසෙල් මුව දුරු දෙක ත්‍රිවර්ග තිපල්, කලාඳුරු අල, අත්තික්කා පොතු, මා එරමිනියා පොතු, කයිප්පු, සැවැන්දන, සස්සද මුල්, තිප්පිලි වැල්මී, ඉරමුසු මුල්, මෝදගම්, තොටිල්ල, පොතු දිවුල් පොතුද වේ. අළුකෙසෙල්වලට අළුවතුකැන් අළුවකු ආදී නම් ආදිය භාවිත කරනු ලබන්නේ සිංහල භාෂාවෙනි. සංස්කෘතිය බසින් කාල කෑල ලියකෑලි යනුවෙන්ද ඉංගී‍්‍රසියෙන් ඒඉඩ්ර්‍ථඹ්ඒව්ඊඒධ්ව්, අඒඑ ඕඒව්ඒව්ඒ යනුවෙන්ද කියති. අළුකෙසෙල් ඖෂධ වශයෙන් අල බොඩ ගෙඩි මුහ බහුලව වශයෙන් ගැනෙන අතර කොළ, පොතු, මුල් ද, ප්‍රයෝජනයට ගනු ලැබේ. ඉදුණු අළුකෙසෙල් ගෙඩි හොඳ ඖෂධයකි. දැවිල්ල හා රත්පිත් සංසිදුවයි. ශීත ගුණයෙන් යුක්ත වේ. ශරීර ශක්තිය වඩවන අතර පුෂ්ටිමත් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.