කැඩුම් බිඳුම් වෙදකමේදී යෙදෙන අගනා ඔසුවක් මුවකීරිය

ඔක්තෝබර් 30, 2020

කැඩුම් බිඳුම් වෙදකමේදී බොහෝ ඖෂධ ද්‍රව්‍යයන් අතර ‘මුවකීරිය’ එක් ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස සැලකිය හැකිය. බොහෝ සෙයින් ‘නවහන්දිය’ ශාකයට බෙහෙවින් සමානකම් දක්වන ‘මුවකීරිය’ ශාකය සමහර වෛද්‍යවරුන්ද නවහන්දිය යැයි හැඳීන්වීමට පුරුදුව සිටිති. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී සහ කල්ගත වූ අස්ථි ප්‍රදාහ සහිත අවස්ථාවලදී බහුල වශයෙන් මුවකීරිය භාවිත කරනු ලබයි.

 

සෝමලතා නමින්ද හැඳීන්වෙන මුවකීරිය ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල පාහේ වැවෙන ශාකයකි. පොළොව කණාමැදිරියා ‘මුවකීරිය ලෙසත් අහස කණාමැදිරියා ‘උඩවැඩියා’ ලෙසත් පැරණි බෙහෙත් වදුළුවල සඳහන් කර තිබුණද සමහරුන් අහස කණාමැදිරියා, මුවකීරිය, වශයෙන් හඳුන්වයි. කැඩුම් බිඳුම්, අස්ථි ඉදිමුම් සඳහා යෝග්‍ය අතරම මෙහි කිරි කාස, ශ්වාස, රෝග සඳහා හිතකාරී ඖෂධයක් සේ ඇතැම් අය සලකති. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේ සහ කල්ගත වූ අස්ථි ප්‍රදාහ සහිත අවස්ථාවලදී තෙල් බෙහෙත් සඳහා පාවිච්චි කරන ශක්තිජනක ඖෂධයක් වන මෙය අලංකාර පඳුරුමය පත්‍ර රහිත කුරමෙන් බෙදී වැඩෙන වැල් වර්ගයකි. ගෙමිදුලේ අලංකාරය පිණිස වවාගත හැකි වටිනා ඖෂධීය ශාකයක් වශයෙන්ද ‘මුවකීරිය’ ශාකය හැඳීන්විය හැකිය.

‘මුවකීරිය’ නාමය මෙම වර්ගයට මෙන්ම වල්නවහන්දි

(Rhipsalis baccifera) විශේෂයට ද යෙදීමට බොහෝ කැඩුම් බිඳුම් වෛද්‍යවරුන් පුරුදුව ඇත. මෙම වර්ග දෙකම කැඩුම් බිඳුම් වෙදකමේදී එක සමානව භාවිත කිරීම සහ මෙම වර්ග දෙකම සන්ධි සහිත සිලින්ඩරාකාර ස්කන්ධාන තිබීම මෙම නාම පැටලීමට හේතුවක් විය හැකිය.

වේද ග්‍රන්ථවල සඳහන් ඉතා ප්‍රබල රසායනික ඖෂධයක් වන සෝම පානය සෑදීම සඳහා සෝමලතා පැළෑටිය ගත් බවට මතයක් පවතී. සෝමලතා යන පර්යාය නාමය මුවකීරිය ශාකයට ද යෙදී තිබෙන බව ග්‍රන්ථ පරිශීලනයේදී පෙනී යන නමුත් මෙය එකම ගණයේ සමාන හැඩහුරුකම් ඇති ශාක විශේෂයන් දෙකක් බව පැහැදිලිය. සෝම පානය සෑදීමේදී සම්පූර්ණ ශාක සාරයට බාර්ලි සහ එළඟිතෙල් දමා උණු කර තරලමය පානයක් සකස් කර ගත් බව සඳහන් වේ. ‘මුවකීරිය’ ශාකයේ ගුණකර්ම සහ සෝමලතා ශාකයේ ගුණකර්ම එක හා සමාන නිසා ප්‍රතිනිධි ලෙස භාවිතා කළ හැකි වේ.

දැනට ලබාගෙන ඇති තොරතුරු අනුව සෝමලතා නමින් හඳුනාගෙන තිබෙන Sarcostemma brevistgma සහ මුවකීරිය Sarcostemma brunonianum එකම කුලයේ ළඟම සහෝදර ශාක විශේෂ දෙකක් බව හඳුනා ගෙන ඇත. එබැවින් මතභේදයන්ට තුඩු දෙන්නා වූ මුවකීරිය හා සෝමලතා (සෝම) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ශාක විශේෂ දෙකක් බව තවදුරටත් තහවුරු වේ.

තවද බොහෝ මතභේදවලට තුඩු දී ඇති ශාකයක් වශයෙන් හඳුනාගෙන තිබෙන මුවකීරිය පැළෑටිය ඇතැම් වේද ග්‍රන්ථවල සෝම පැළැටියේ එන පර්යාය නාම මුවකීරිය පැළෑටියට ද යෙදී තිබෙන බව ඇතැම් ග්‍රන්ථ පරිශීලනයේදී පෙනී යයි.

සෝම පානය සෑදීමට භාවිතා වූ සෝමලතා ශාකය මුවකීරිය යයි ඇතැම් අය සලකනු ලබයි. මෙයට සෝමලතා නාමය භාවිත කළ ද ඒ අතීත සෝමලතා ශාකය නොවන බව සමහර විද්වතුන්ගේ මතයයි.

මුවකීරිය ශාකයේ ස්වරූපය

ආධාරකවල එතෙමින් ඉහළ නැගෙන සන්ධි සහිත කිරි විශාල ප්‍රමාණයක් සහිත කඳකි. කඳ කොළ පැහැයක් ගනු ලබයි. මතුපිට සිනිඳු ස්වභාවයක් ගනු ලබන අතර සිලින්ඩරාකාරයි. මෙම ශාකයේ කඳේ පත්‍ර නොමැති අතර මෙහි හටගනු ලබන මල් නටු රහිතයි. මල්වල හැඩය කුඩයකට සමානය. කඳේ ගැට අසලින් තනි තනිව මල් හට ගනියි. බූව සහිතයි.

මුවකීරිය වැවෙන ප්‍රදේශ

ත විදේශීය වශයෙන්

මධ්‍යධරණී දූපත්වල මෙම ශාකය වැවෙන අතර

ත දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ වියළි සහ ශුෂ්ක ප්‍රදේශවල සුලභව ඇත. මෙහිදී විශේෂයෙන් අනුරාධපුර ප්‍රදේශයේ රිටිගල හා විල්පත්තුව, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හා පුත්තලම ප්‍රදේශයේ හලාවත හා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හාරගම හා හඟුරන්කෙත, බදුල්ල, දිස්ත්‍රික්කයේ මහියංගණය හා පදියතලාව ආදී ප්‍රදේශවල ද මහනුවර, මඩකලපුව, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල ද වැවේ.

තවද පේරාදෙණිය උද්භිද උද්‍යානය නාවින්න ආයුර්වේද පර්යේෂණායතනය හල්දුම්මුල්ල, (බත්ගොඩ) පල්ලෙකැලේ සහ ගිරාඳුරුකෝට්ටේ යන ඔසු උයන්වලද මුවකීරිය ශාකය දක්නට ඇත.

මුවකීරිය පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම සැලකීමේදී

ත සිංහල නාමය

මුවකීරිය වන අතර අනෙකුත් භාෂාවලින් හඳුන්වන නාමයන් ප්‍රකටව දක්නට නොමැත.

ත මුවකීරියවල උද්භිද විද්‍යාත්මක නාමය

and Arn ex Wight  වන අතර කුලය ASCLEPIADACEAE) හෙවත් අර්ක (වණ) කුලය වේ.

ත මෙම ශාකයේ ඖෂධීය අංග

සම්පූර්ණ ශාකයම ඖෂධ සඳහා ගනු ලබයි.

ත ප්‍රභේද

මුවකීරිය ශාකයේ ප්‍රභේද දක්නට නොමැති වුවද මතභේද සහිත ශාක කිහිපයක් වේ.

1. සෝමලතා ශාකය (සෝම)

Sarcostemma brevistgma

මෙම මුවකීරිය ශාකයට සමාන හැඩහුරුකම් ඇති අතර චන්ද්‍රවල්ලාර්, ධනුර්ලතා, ද්විජාප්‍රියා, ගුල්ම වල්ලි ඉන්ද්‍රලේඛා, මහා ගුල්ම පද්මකාෂ්ඨ සෝම, සෝමක්‍ෂීර, සෝමර්හා, සෝමවල්ලී සප්නාවල්ලී යන නාමයන්ගෙන් හැඳීන්වේ.

2. නවහන්දි

Rhipsalis baccifera

මෙම ශාකය දියසීරාව සහිත ගල් පර්වත ආශ්‍රිතව වැවේ. කුඩා පඳුරකි. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේ බහුලව යොදා ගනු ලබන නිවැරැදි නවහන්දි වර්ගය මෙය වන අතර මුවකීරිය යැයි වරදවා වටහා ගනියි.

නවහන්දි (රට නවහන්දි) Euphorbia tirucalli

මෙම ශාකය සෘජු කඳකින් යුතුව අඩි 10-20 පමණ විශාලව වැඩෙන වටකුරු කුරු මෙන් බෙදී වැඩෙන කිරි සහිත ,ඵක් විශේෂයකි. කැඩුම් බිඳුම් වෙදකමේදී යොදා ගනියි. අප්‍රිකාව ජන්ම භූමිය කොට ඇති මෙම පැළෑටිය එහි සිට මෙහි ගෙන එන ලදැයි යන මතය සනාථ වේ. එනිසා සමහරු රටනවහන්දි යැයි ද කියති.

මුවකීරියවල ඖෂධීය ගුණකර්ම

ඉන්දීය පොතපතේ සඳහන් පරිදි මෙහි ගුණ කර්ම සෝමලතා ශාකය හා සමානය.

මෙය රසයෙන්

කටුක හා තිත්ත වන අතර විර්‍යයෙන් ශීත වේ.

දෝෂ අනුව සැලකීමේදී

තුන්දොස් ශාකමයි.

ප්‍රධාන ක්‍රියා සැලකීමේදී

රසායන, බලකාරක, වමනකාරක නිද්‍රා කාරක මෘදු විරේචන මුත්‍රාකාරක වන අතර ආහාර දිරවීම ද ක්‍රමවත් කරයි. එසේම කිරිවඩන ගුණ යුතු අතර මදකාරක හා පින් ස්‍රාව උත්තේජක ගුණ ද යුතුයි.

යෙදෙන රෝග අවස්ථා

මානසික රෝග, අස්ථි බිඳීම්, අස්ථි ඉදිමුම්, කාස, ශ්වාස, අරුචි, අජීර්ණ, හෘද රෝග, අර්ශස් අක්මා රෝග, ශාරීරික දුබලතා, ජලභීතිකා සහ මානසික අවසාදනාව සඳහා හිතකර වේ.

මුවකීරිය අඩංගු ඖෂධ යෝග

වාතරෝග සඳහා

මුවකීරිය පැළෑටියෙන් වේදු පෑම කරනු ලබයි.

අස්ථිභග්න හා ප්‍රදාහ සඳහා

මුවකීරිය, අමුකහ, ලුණු දමා කොටා මලවා බඳීනු ලබයි.

මුවකීරිය අඩංගු සංස්කාරික ඖෂධ

1. වාතමෘත්‍ය තෛලය

2. අශිනිවාත තෛලය ආදියයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.