පිළිකා, හෘදයාබාධ දුරු කරන පැණි කොමඩු

ඔක්තෝබර් 30, 2020

දැඩි අව්රශ්මියෙන් පීඩා විඳීන වෙහෙසකර දිනක ඔබේ මතකයට නිතැතින්ම නැගෙන පලතුරක් ලෙස පැණි කොමඩු දැක්විය හැකිය. එවැනි උණුසුම් දිනක පැණි කොමඩු කෑල්ලක් ආහාරයට ගන්නට තිබේ නම් පැණි කොමඩු පානයක් බීමට තිබේ නම් යනුවෙන් ඔබට ඇතිවනුයේ අසීමිත ආශාවකි.

ප්‍රණීත රසය මෙන්ම සිත් ඇදගන්නා සුලු පෙනුම නිසා පමණක් නොව එහි අන්තර්ගතය සිරුරට ගෙන දෙන්නා වූ ගුණාත්මක භාවය නිසාද පැණි කොමඩු ජනප්‍රිය පලතුරක් බවට පත්වී ඇත.

පැණි කොමඩු (Cucubitaceae Citrullus Innatus) නම් ශාක කුලයට අයත් වන අතර එය

Citrullus Ianatus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. මෙම ශාකයේ නිජබිම ලෙස සලකනු ලබන්නේ දකුණු අප්‍රිකාවයි. අධික ජල සංයුතියක් මෙන්ම විටමින්, ඛනිජ ලවණ ආදී පෝෂණ ගුණ රැසකින් පැණි කොමඩු අනූන වේ. එමෙන්ම එහි ගුණාත්මක භාවයට මෙන්ම සිත් ආකර්ෂණය කරමින් රුචිකත්වය වඩවන රත් පැහැයටද හේතු වන ප්‍රධානතම සංයෝගය වනුයේ ‘ලයිකොපින්’ නම් වර්ණකය වේ. හොඳීන් ඉඳුණු පැණි කොමඩු තුළ අන්තර්ගත ලයිකොපින් ප්‍රමාණය අධික වන අතර පැණි කොමඩුවල ගුණාත්මක භාවය එහි ඉදී ඇති ප්‍රමාණය මත රඳා පවතී.

පැණි කොමඩුවල ගුණ

ජලය අන්තර්ගත ප්‍රභවයක්

නිරෝගී සම්පන්න දිවියකට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ප්‍රමාණවත් ජල පරිමාවක්

දෛනිකව ලබා ගැනීම දැක්විය හැකිය. එබැවින් වැඩි ජල සංයුතියක් පවතින එළවළු හා පලතුරු ආහාරයට ගැනීමද සිරුරෙහි පැවැත්මට ඉතා හිතකර වේ. පැණි කොමඩුවල 92% ක් පමණ ජලය අන්තර්ගත වේ. එබැවින් ජලය ලබාදෙන ප්‍රභවයක් ලෙස එය වැදගත් වේ. තවද පැණි කොමඩුවල අන්තර්ගත වැඩි ජල ප්‍රමාණය හේතුවෙන් එය ආහාරයට ගන්නා විට ප්‍රමාණවත් ආහාර පරිමාවක් ගත් ලෙස මනසට හැඟී ගියද සැබැවින්ම එහි අන්තර්ගත වූයේ වැඩි ජල පරිමාවක් බැවින් අඩු කැලරි ප්‍රමාණයකට ආහාර වේල සීමා කළ හැකිය. දේහ බර පාලනය කළ යුතු පුද්ගලයින් හට මෙය වාසි සහගත වේ.

පිළිකා මර්දනය සඳහා ඔසුවක්

පැණි කොමඩුවල අන්තර්ගත ලයිකොපින්, විටමින් ඛ් කියුකර්බ්ටසීන් ඡ් වැනි සංයෝග ප්‍රධාන වශයෙන්ම එහි පිළිකා මර්දන ගුණය සඳහා හේතු වී ඇත. අධ්‍යයන වාර්තා මඟින් පෙන්වා දී ඇති පරිදි ලයිකොපින් සංයෝග ප්‍රතිපිළිකා ගුණ දරන අතර විශේෂයෙන්ම පුරස්ථි ග්‍රන්ථි, පියයුරු,

,මහාඅන්ත්‍ර, පෙණහලු ආදිය ආශ්‍රිත පිළිකා මර්දනයට දායක වේ. මෙම ලයිකොපින් වර්ණක සංයෝගය හා විටමින් ඛ් ප්‍රතිඔක්සිකාරක ගුණ දරන බැවින් දේහය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා හමුවේ නිපදවන මුක්ත ඛණ්ඩක සංයෝග අක්‍රීය කරමින් ඒවා මඟින් දේහ සෛල හානිවීම මැඩ පවත්වයි.

හෘදයාබාධ හා හෘදයාශ්‍රිත රෝග මැඬ පවත්වයි හෘදයාබාධ හා හෘදයාශ්‍රිත රෝග යනු වර්තමානයේ පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යවන සාධකයක් බවට පත් වී ඇත. පැණි කොමඩුවල අන්තර්ගත බොහෝමයක් සංඝටක විශේෂයෙන්ම ලයිකොපින්, සිට්රුලයින් වැනි සංයෝග, විටමින් හා විවිධ ඛනිජ ලවණ මේ සඳහා හේතු වේ.

හෘදයාබාධ වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු දෛනික ජීවන රටාව අතුරින් ආහාර පාලනය යනු වැදගත් සාධකයකි. පැණි කොමඩු ඔබේ ආහාර වේලට එක් කර ගැනීම තුළින් ඔබගේ දේහයට ලයිකොපින් එක්කර ගත හැකි අතර මෙම ලයිකොපින් සතුව දේහගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීම රුධිර පීඩනය අඩු කිරීම වැනි ගුණ ඇත.

පැණි කොමඩු යනු පොටෑසියම් ඛනිජයෙන් පොහොසත් පලතුරකි. පැණි කොමඩුවල අන්තර්ගත ලයිකොපින් සං‌යෝගය හා පොටෑසියම් රුධිර වාහිනී විස්තාරණය කිරීමට දායක වන අතර රුධිර පීඩනය අඩු කිරීමට වැදගත් වෙයි. තවද රුධිරවාහිනී විස්තාරණය වීම තුළින් දේහය තුළ හොඳ රුධිර ගමනාගමනයක් නිර්මාණය වන අතර එමඟින් රුධිර වාහිනී මත ද්‍රව්‍ය තැන්පත් වීම හා රුධිර කැටි හිරවීමේ අවදානම මැඬ පවත්වයි. හෘදයාබාධ ඇතිවීමේ අවදානම එමඟින් අවම කරයි. තවද පැණි කොමඩු තුළ අන්තර්ගත සිට්රුලයින් සංයෝගය දේහ ගත නයිට්‍රික් ඔක්සයිඩ් මට්ටම වැඩි කිරීමට උපකාරී වන අතර එයද රුධිර වාහිනී විස්තාරණයට හේතු වන සංයෝගයක් බැවින් රුධිර පීඩනය අඩු කිරීමට දායක වේ.

ප්‍රදාහක තත්ත්වයන් මර්දනය කරයි

ප්‍රදාහක තත්ත්වයන් :(ඪදටතචථථචබඪධදඵ) දේහය තුළ ගොඩ නැගෙන බොහෝමයක් දීර්ඝ කාලීන රෝග සඳහා හේතු කාරක වේ. මෙම ප්‍රදාහක තත්ත්ව ඇති කිරීමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස සෛලවලට හානි පැමිණවීම දැක්විය හැකියි. පෙර සඳහන් කළ පරිදි දේහය තුළ සෑදෙන මුක්ත ඛණ්ඩක සෛලවලට හානි ඇති කරයි. නමුත් පැණි කොමඩුවල අන්තර්ගත

ප්‍රතිඔක්සිකාරක ගුණ දරන ලයිකොපින් හා විටමින් ඛ්‍ වැනි සංයෝග මඟින් සෛල වලට මුක්ත ඛණ්ඩක මඟින් හානි වීම අවම කරන අතර එය සිරුර තුළ ප්‍රදාහ තත්ත්වයන් වර්ධනය වීම වැළැක්වීම සිදු කරයි.

සමෙහි නිරෝගීතාවට වැදගත් වේ

පැණි කොමඩුවල අන්තර්ගත විටමින් ඒ හා ඛ් සංයෝග මේ සඳහා වැදගත් වේ. නව සෛල වර්ධනයට හා අලුත්වැඩියාවට විටමින් ඒ වැදගත් වන අතර කොලජන් තන්තු වර්ධනයට විටමින් ඛ් දායක වේ. එසේම දැඩි අව්රශ්මියෙන් සම පිලිස්සීම වළක්වමින් සම දුර්වර්ණ වීම වැළැක්වීමට ලයිකොපින් සංයෝග දායක වේ.

පැණි කොමඩුවල අගුණ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

පැණි කොමඩු ග්‍රෑම් 100 ක අන්තර්ගත පෝෂණය

 

ශක්තිය කිලෝ කැලරි 30

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 7.55

සීනි ග්‍රෑම් 6.2

තන්තු ග්‍රෑම් 0.4

මේදය ග්‍රෑම් 0.15

විටමින් ඒ ග්‍රෑම් 0.17

බීටා කැරොටීන් මයික්‍රෝ ග්‍රෑම් 303

තයමින් (ඕ1) මිලිග්‍රෑම් 0.033

රයිබොෆ්ලෙවින් :(ඕ2) මිලිග්‍රෑම් 0.021

නියැසින් :(ඕ3) මිලිග්‍රෑම් 0.178

පැන්ටොතෙනික් ඇසිඩ් :(ඕ5) මිලිග්‍රෑම් 0.221

විටමින් :(ඕ6) මිලිග්‍රෑම් 0.045

කෝලීන් මිලිග්‍රෑම් 4.1

විටමින් ඛ් මිලිග්‍රෑම් 8.1

ඛනිජ ලවණ

කැල්සියම් මිලිග්‍රෑම් 7

අයන් මිලිග්‍රෑම් 0.2

මැග්නීසියම් මිලිග්‍රෑම් 10

මැංගනීස් මිලිග්‍රැම් 0.038

පොස්පරස් මිලිග්‍රෑම් 11

පොටෑසියම් මිලිග්‍රෑම් 112

සෝඩියම් මිලිග්‍රෑම් 1

සින්ක් මිලිග්‍රෑම් 0.1

ජලය ග්‍රෑම් 91.45

ලයිකොපින් ග්‍රෑම් 45.32

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.