කෑමවලට රස හා සුවඳ එකතුකරන ඖෂධිය ගුණ සපිරි

- සූූදුරු
ඔක්තෝබර් 30, 2020

බොහෝ දෙනාට වයසට යාමත් සමඟ මතකය අඩු වීමටත් ,රාත්‍රියට නින්ද අඩු වීමටත් හේතුවක් වෙනවා. මෙබඳු අවස්ථාවලට සූදුරු මඟින් පිහිටක් ලැබිය හැකි යි. ඒ වගේම වයසට යාමත් සමඟ ඇති වෙන සන්ධි රෝග සඳහාත් ගුණයි. සූදුරු මගින් ශරීරය උත්තේජනය කරන අතර මහන්සිය දුරලා සිරුර ප්‍රාණවත් කරයි. මෙය අකලට මහලු වීම වළක්වාලන ඖෂධයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

 

එළවළු හා මස් මාළු වගේම ඒවා රස කරන්නට දමන කුළුබඩු සතුව අප්‍රමාණ ගුණ රැසක් අන්තර්ගතව තිබෙනවා. මේවායේ ප්‍රෝටීන්, මේද, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, පොස්පරස්, යකඩ ඇතුළු විටමින් වර්ග රැසක් අන්තර්ගතයි. මුළුතැන් ගෙය කියන්නේ ඖෂධ ගබඩාවක්, අපි රසකාරක ලෙස භාවිත කරන සූදුරුවලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්.

 

මේ සූදුරු පවුලට අයත් වෙන තවත් සාමාජිකයන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ මහදුරු, කළුදුරු, සහ දෙව්දුරු මේ හැම අතරින් අපි ආහාර සඳහා වැඩියෙන් ම යොදා ගන්නේ සූදුරු, ආහාර රස ගැන්වීම සඳහා බොහෝ ව්‍යංජන ඉවීමේදී නැතිවම බැරි සුදුරු මස්, මාළු පොළොස්, ඇඹරැල්ලා ආදිය ඉවීමට යොදාගන්නේ කොත්තමල්ලි සමඟ රන්වන් පාටට කබලේ බැද කොටා ගැනීමෙන් පසුවයි. ආහාරය රසවත් ව සකස් කිරීමට නම් සුදූරු නැතිවම බැහැ.

එය ව්‍යංජනයට මිහිරි හා ප්‍රියජනක රසයක් වගේම සුවඳක් ලබාදෙනවා. සුදුරු කුඩු වශයෙන් වෙනම කුඩා වීදුරු බෝතලයක ගබඩා කර තබාගෙන ව්‍යංජනවලට එක් කිරීමෙන් අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

ජීර්ණ පද්ධතිය ප්‍රබෝධමත් කර බඩගිනි වඩවයි

සූදුරු බඩගිනි වඩවන ජීර්ණ පද්ධතිය ප්‍රබෝධමත් කරන රසකාරකයක් ලෙසයි සලකන්නේ.

විශේෂයෙන් ආහාර දිරවීමටත්, අජීර්ණයටත් ආමාශගත රෝග සඳහාත් ප්‍රත්‍යක්ෂ ගුණ දෙන ඖෂධයක් ලෙස සූදුරු ප්‍රසිද්ධයි. එමෙන්ම වකුගඩු ආබාධ හේතුවෙන් ඇති වන බඩේ කොරය අඩු කිරීමටත් සූදුරුවලට හැකියාව තිබෙනවා.

විරේචන ගුණය

සූදුරු සතුව තිබෙන ඖෂධීය ගුණය පුදුම සහගතයි. මෙය ස්වභාවික විරේචන ගුණයෙන් යුතු කුළුබඩුවක්, ඔක්කාරය අඩු කිරීමටත්, ගැබිනි වියේදී ඇතිවන උදෑසන අපහසුතා වළක්වා ගැනීමටත් කදිම ඔසුවක්. මෙය ප්‍රතිශක්තිය වර්ධනය කරන ශක්තිජනක ඖෂධයක් බව ඔබ මෙතෙක් දැන සිටියේ නැතිව ඇති.

විශේෂයෙන් උදරයේ ඇති වෙන වේදනා, පාචනය, ආහාර දිරවීමේ ගැටලු, බඩ පිපුම, බඩ වේළීම ආදි අපහසුතා ඇති වු විට සුදුරු බැද කුඩු කර කෝපි මෙන් වත්කර පෙරා බීමට ගැනීමෙන් ඉක්මන් සුවය ලද හැකි යි. එමෙන්ම කිරි දෙන මව්වරුන්ගේ කිරි එරීම වැඩීමටත්, දරු ප්‍රසූතියෙන් පසු ගර්භාෂය පිරිසිදු වීමටත් සුදුරු දිව ඔසුවකි.

රසම්වලට නැතිවම බැරි සුදුරු

සමහර දවස්වලට මොන තරම් රසවත් කෑම තිබුණත් කෑමට ප්‍රියතාවක් ඇති නොවන අවස්ථා තිබෙනවා. මෙබදු විටක එම අප්‍රියතා නැති කර ගැනීම සඳහා රසම් එකක් බොන්නට තිබුණා නම් හොඳයි කියලා ඔබට හිතෙන්නත් ඇති. ඇත්තටම දමිළ ජනයා අතර කෑමට පෙර රසම් එකක් පානය කිරීමේ පුරුද්ද දීර්ඝ කාලයක් සිට පැවතෙන්නක්. ඉන් ආහාර රුචිය වඩවයි. මෙම රසම් සෑදීමේදී එයට අනිවාර්යයෙන් එකතු කරන කුළුබඩුවක් තමයි සූදුරු කියන්නේ.

පියයුරු පිළිකා

ඇතිවීම වළකයි

සූදුරු සතුව ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිප්‍රදාහමය වශයෙන් විශාල ගුණයක් පවතිනවා. වෛද්‍ය පර්යේෂකයන් ගේ මතය වන්නේ ඒ හේතුවෙන් රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව සූදුරුවලට ලැබී ඇති බවයි. විශේෂයෙන් පියයුරු පිළිකා ඇති වීම වළක්වාලීමටත් ගුද මාර්ගයේ ඇති වන රෝග සමනය කිරීමටත් සූදුරු සතුව දිව්‍යමය හැකියාවක් තිබෙනවා.

අකලට මහලුවීම වළක්වයි

බොහෝ දෙනාට වයසට යාමත් සමඟ මතකය අඩු වීමටත් ,රාත්‍රියට නින්ද අඩු වීමටත් හේතුවක් වෙනවා. මෙබඳු අවස්ථාවලට සූදුරු මඟින් පිහිටක් ලැබිය හැකි යි. ඒ වගේම වයසට යාමත් සමඟ ඇති වෙන සන්ධි රෝග සඳහාත් ගුණයි. සුදුරු මගින් ශරීරය උත්තේජනය කරන අතර මහන්සිය දුරලා සිරුර ප්‍රාණවත් කරයි. මෙය අකලට මහලු වීම වළක්වාලන ඖෂධයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

සෙම්ප්‍රතිශ්‍යාව හා පීනස දුරුකරයි

ආමාශය හෝ බඩවැල් ආශ්‍රිතව විෂ සහිත ස්වභාවයක් ඇති වුණොත් එම විෂ දුරලන්නට සූදුරු සතුව අපූරු හැකියාවක් තිබෙනවා. ඒ වගේම සෙම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි අවස්ථාවල දී ඉඟුරු, කොත්තමල්ලි සමඟ බැදගත් සූදුරු එක්කර තම්බා බීමෙන් විශාල ගුණයක් ලබන්න පුළුවනි. එමෙන්ම ඇදුම, කැස්ස, පීනස වගේම පෙණහලු ආශ්‍රිත රෝග සඳහා සූදුරු තම්බා ගත් පානය උදේ සවස බීම මගින් හොඳ ගුණයක් ලබාගන්න හැකි වෙනවා.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.