මොළේ වර්ධනයට ඉවහල් වන ගොටුකොළ

ඔක්තෝබර් 23, 2020

මොළයේ ක්‍රියාකාරීත්වයට ගුණයෙන් පිරුණු පළා වර්ගයකි ගොටුකොළ. මහලු. තරුණ, ළමා කාටත් ගුණ දේ. පණු රෝග සමනයට ගොටුකොළවලින් ලැබෙන සහනය අපමණ ය.

යහපත් නින්දකට මග පාදන ඖෂධයකි. ගොටුකොළ නිතර නිතර දිනපතා ආහාරයට ගැනීමෙන් තරුණ අයගේ තරුණකම ආරක්ෂා වේ. පළා වර්ග අතරින් වැඩිම යකඩ ප්‍රමාණයක් අඩංගු පළා වර්ගය ලෙස ගොටුකොළ හැඳින් වේ. පත්‍රවල දාරය මොළයේ හරස්කඩකට සමාන බැවින් මොළයට ලැදි ඖෂධයක් ලෙස සලකුණු ලැබේ.

උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Centella asiaticaය.

ඉංගී‍්‍රසි නාමය –  Indian Pennywort වේ.

සිංහල – ගොටුකොළ . හීන් ගොටුකොළ

දෙමළ – වල්ලාරායි, බාබස්සා, ඕරිලාටමරායි

හින්දි – වල්ලාරි, බ්‍රහ්ම, මන්ඩුකි. තුලාකුඩි

බෙංගාලී – තොල්කුරි

සංස්කෘත – දිව්‍යා, මංඩුකී, බේකි, බ්‍රහ්මමංඩුකි. සුපි‍්‍රයා මහෞෂධී

කුලය – Umbelliferae

ගොටුකොළ බහු වාර්ෂික වැලකි. ගැට අසලින් මුල් ඇදෙමින් බිම මට්ටමේ විහිදෙයි. හැම ගැටයක් අසලින්ම 1-6 අතර පත්‍ර ප්‍රමාණයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම දක්නට පුළුවන. කළුතර, ගාල්ල, අනුරාධපුරය, කෑගල්ල, වරකාපොළ , මහනුවර, නුවරඑළිය, යාපනය වැනි ප්‍රදේශවල දක්නට පුළුවන. සියලුම ඔසු උයන්වල සංරක්ෂිත ගොටුකොළ වගා කර ඇත.

ගොටුකොළ වගාව සඳහා ඇති වෙළඳ පොළේ ඉල්ලුම නිසා වානිජ මට්ටමින් වගා කිරීම සිදු වේ . මේ අතර කුඹුරුවල නියර දිගේ ගොටුකොළ වගා කරනු ලැබේ.

ගොටුකොළ වගා කරන රටවල්, ශ්‍රී ලංකාව , ඉන්දියාව, බංගලිදේශය,පකිස්ථානය, නේපාලය, ඉන්දුනීසියාව, වියට්නාමය, සමහර අපි‍්‍රකානු රටවල්, ඔස්ට්‍රේලියාව, බොහෝ විට තෙතමනය ආශි‍්‍රත වල් පැළෑටියක් ලෙස සුලබව දක්නට පුළුවන.

ගොටුකොළවල මුල්, කඳ , පත්‍ර යන කොටස් තුනම ඉන්දියානු විද්‍යාඥයන් විසින් පුළුල් ලෙස විශ්ලේෂණයට භාජනය කරමින් පවතී. එහි පෝෂ්‍යමය ගුණය හා ඖෂධීය ගුණයට බලපාන සාධක, රසායනික සංඝටකයන් රාශියක් හඳුනාගෙන තිබේ.

ප්‍රෝටීන් ප්‍රමාණය – 2.1%

මේදය – කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉතා අඩුය.

නියසින්, තයමින්, රයිබෝෆ්ලේමින් වැනි විටමින් ඕ වලින් ද, ඒ වලින්ද, ඕ කැරොටින් වලින්ද ගොටුකොළ පොහොසත්ය.

ගොටුකොළ අඩංගු පෝෂ්‍ය පදාර්ථ

පෝෂ්‍ය පදාර්ථ ශාකයේ කොටස් සාන්ද්‍රණය

1.කාබෝහයිඩ්‍රේට් පත්‍ර 70

2.මේදය පත්‍ර 60

3. විටමින් සී පත්‍ර 40

4.යකඩ පත්‍ර 31

5. ප්‍රෝටීන් පත්‍ර 16

6.සින් කඳේ පොත්ත කඳේ පොත්ත 34

7.පොස්පරස් කඳේ පොත්ත 30

ඖෂධීය ගුණයෙන් භාවිතයෙන් ගොටුකොළ තිත්ත රස, කසට , මධුර, අනුරස, ලඝුසර, ගුණ තවත් විවිධ ගුණයන්ගෙන් යුක්තය. මෙම ගුණ කර්මවලට අනුව ගොටුකොළ මොළයට ඉතා හිතකරය. මොළයේ මස්තිස්කය දුර්වලතා ,උන්මාදයට, අපස්මාරයට ගුණදායකයි.

මතක ශක්තිය වර්ධන කිරීමට හැකියාව තිබේ. හෘදයට ඉතා හිතකරය. ඉතාමත් ගුණදායකය.

හිසේ ආබාධවලට ඉතාමත් ම වැදගත් ඖෂධයක් වන අතර ආයුර්වේද විද්‍යාවේද ශාරිරික රෝග රැසකටම ගුණ ලබාදෙන බව විස්තර කර ඇත. විශේෂයෙන් කුඩා අවදියේදී දරුවන්ට, ළමා අවදියේදී පාසල් යන ළමයින්ට බීමට දීමෙන් (කැඳ ලෙස) ගොටුකොළ මැල්ලුම කෑමට දීමෙන් මොළය ඉතා යහපත් ලෙස වර්ධනය වී ඉගෙනුම් කටයුතු සඳහා විශාල රුකුලක් ලබාදේ. ගොටුකොළ වලට පීනස රෝග සුව කිරීම සඳහා විශාල ශක්තියක් ඇත.

ගොටුකොළ දිනපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් හමේ ඇති පෝෂ්‍ය ගුණය හා ඖෂධීය ගුණය හේතු කොට ගෙන නිරෝගි, දීර්ඝායු සම්පත්ද ස්මෘතිය වඩා ඥාන ශක්තිය වර්ධය වීමද සිදුවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.