අති ප්‍රබල වේදනා නාශකයක් වන කංසා

ඔක්තෝබර් 9, 2020

දේශීය වෙදකම උදෙසා ඇප කැපවෙමුයි කීවද අපට කංසා තහනම ඉවත් කිරීමට තව බොහෝ කල් ගතවනු ඇත. බොහෝ රටවල කංසා වානිජ වගාවක් සේ ව්‍යාප්ත කරමින් සිටි. සුද්දා පැනවූ තහනම බටහිර බොහොමයක් රටවල් ඉවත දැමුව ද අපි තවමත් සුද්දාගේ තහනමට යටත්ව සිටිමු.  

විජයා කන්සා හෙවත් තෛලෝක පත්‍ර දේශීය හා ආයුර්වේද වෙදකමේ දී භාවිතයට ගන්නා ඔසුවකි. 

මිනිස් සිරුරට අහිතකර නොවූ කංසා මිනිස් සිරුරේ හා මනසේ උත්තේජනය සඳහා ප්‍රමිතියෙන් යුතුව  දිය හැකිය.

අත් බෙහෙතක්,කුළුබඩුවක්  දුම් වැටියක්, පානයක් ලෙස, හපා රසවිදින ද්‍රව්‍යක් ලෙස කංසා අතීතයේ සිට හෙළයා භාවිත කර ඇත.කංසා ඖෂධ නිෂ්පාදනයට යොදා විනිමය උපද්දවා ගැනීමට  අවධානය යොමු කළ යුතුය.  

දේශීය වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී චිකිත්සාවේ යෙදුණු ප්‍රබල වේදනා නාශකයකි කංසා. කුසගින්න වර්ධනය, මානසික ඒකාග්‍රතාවය පවත්වා ගනිමින් සංසුන් මනසින් යුතුව ජීවත් වීම සඳහා ද අතීතයේ කංසා භාවිතයට ගෙන තිබේ.  කංසා, ගංජා යන නම් දෙකින්ම දේශීයව හඳුන්වන මෙම ශාකය, වාජීකරණ ගුණයෙන් යුතුය. අතීත ශ්‍රී ලාංකේය ජනයා නිරෝගීභාවය හා ජවය, රැක ගැනීම උදෙසා කංසා හෙවත් ගංජා භවිත කර තිබේ. පානයක් ලෙස ද ආහාර රසවත් කර ගැනීම උදෙසා ද කංසා යොදාගෙන  ඇත.   අතීත ලක් වැසියා මෙන්ම ආසියාතික රටවල ජනයා සුරුට්ටුවක් ලෙස ගංජා භාවිතයට ගෙන  තිබේ. එමඟින් මිනිසාගේ පෙනහලු ආශිතව ඇතිවන ස්වසන රෝග රැසක් පාලනය විය. මිනිස් සිත බොහෝ විට සංයමයෙන් යුතු නොවේ. විශාල තාක්ෂණික උපකරණ නොතිබුණා යැයි අප සිතන අතීතයේ මිනිස් සිතේ ඇති සංයමය භාවිත කරමින් මිනිස් ශ්‍රමයෙන් මහා වැව්, අමුණු, දාගැබ් ඉදිකරද්දී උත්තේජන කාරකයක් ලෙස ද, ශක්තිය මනා ලෙස පාලනය කරමින් කායික මානසික සංයමයෙන්  හා  සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ද කංසා හෙවත් ගංජා උපකාර කර ගෙන තිබේ. සියල්ල පොතක හෝ ගූගල් හී ඇත්නම් පමණක් ඇත්ත යැයි  පිළිගන්නා සමාජයක අපි වෙසෙමු. එවන් වූ මේ මහා සමාජයේ පවා සැඟවී ඇති එහෙත් මිනිසුන් තම ප්‍රයෝජනයට ගන්නා අති විශාල ඖෂධ ප්‍රමාණයක් තිබේ. ගංජා හෙවත් කංසා ද අතීතයේ සිට  මිනිසා තම අභිවෘද්ධිය හා පැවැත්ම උදෙසා ප්‍රයෝජනයට ගත් පැළෑටියකි. වර්තමානයේ වේදනා නාශක ලෙස අප අතට පත්වන ඖෂධ බොහොමයක රසායනික සංයෝගය කංසා ශාකය අනුව යමින් නිපද වී ඇත. අති ප්‍රබල වේදනා නාශකයක් වන කංසා පැළෑටිය පිළිකා නාශකයක් ලෙස ද  හ½දුනා ගෙන තිබේ. මෙය දේශීය වෙදකමේ දී පිළිකා නාශක ඖෂධයක් ලෙස භාවිතා වන අතර, එය නියමිත මාත්‍රාව අනුව අනෙක් ඖෂධ හා සංයෝග කිරීමෙන් නිශ්චිත ප්‍රතිඵල ළඟා කර ගත හැකි වේ. දේශීය වෙදකමේ දී මෙන්ම ආයුර්වේද වෙදකමේදී ද වේගයෙන් ඖෂධ ශරීරය පුරා රැගෙන යෑම සඳහා භාවිත කරන ද්‍රව්‍ය අතරින් එකක් ලෙස ද කංසා හැඳීන්විය හැකිය. වර්තමානයේ ශ්‍රී ලාංකේය සමාජය මුහුණදී සිටින ප්‍රබල ගැටලු අතර ප්‍රධාන සමාජ ගැටලුවක් ලෙස මානසික ආතතිය හා කාංසාව ප්‍රමුඛ මානසික රෝග දැක්විය හැකිය. එවන් මානසික රෝගී තත්ත්වයන් පාලනය සඳහා  දේශීය වෙදකමේ දී කංසා අනෙක් ඔසු හා මාත්‍රාව අනුව මුසු කර ගනී. තව ද, මානසික ආතතිය හෝ විවිධ රෝගී තත්ත්වයන් හේතුවෙන් ඇති වන නින්ද නොයෑම සමනය සඳහා අනෙක් ඖෂධ සමඟ කංසා වෛද්‍ය උපදෙස් මත මාත්‍රව අනුව දේශීය වෙදකමේදී යොදා ගනී.මිනිස් සිරුරට විවේකය, ක්‍රියාකාරකම් පාලනය, ප්‍රතිශක්තිකරණය වර්ධනය මිනිසාට නින්ද අත්‍යාවශ්‍යය. රෝගියෙකුගේ රෝග නිවාරණය උදෙසා නිද්‍රෝපගත කිරීමේ කුසලතාව කන්සා තුළ ඇති බැවින් දක්ෂ වෛද්‍යවරයා අත්දුටු ඖෂධයක් ලෙස කංසා භාවිතයට ගනී.

බොහෝ ස්නායු රෝග සමනයට ද කංසා මුසු බොහෙත් වට්ටෝරු යොදා ගනී. ස්නායු රෝග තත්ත්වයන් හිදී ඇති වන අති මහත් වූ වේදනාව  මෙයින් සමනය වේ.

කෙටියෙන් කියතහොත් කංසා වේදනාව නසයි. නිද්‍රාව ජනනය කරවයි. කුසගිනි වඩවයි.  මිනිස් මනසේ සංසුන්භාවය හා සංයමය ඇති කරවයි. වාජීකරණයි. ශරීරය විවේකී ශාන්තභාවයට පමුණුවයි. ඖෂධ වේගයෙන් ශරීරය පුරා රැගෙන යයි.  මේ හේතු සියල්ල මිනිසාගේ හිතකර පැවැත්මට වැදගත් වේ.  ශ්‍රී ලාංකේය හා පෙරදිග ආසියාතික ජනයා වසර පන්දහසකටත් එපිට ඈත අතීතයේ සිට තම එදිනෙදා දිවි පැවැත්මේ දී මෙන්ම වෛද්‍ය කර්මයේ දී ද කංසා භාවිතයට ගෙන තිබේ.  එදිනෙදා දිවියේදී කාංසාව මග හැර ගැනීමට මෙන්ම වාජීකරණ ඖෂධයක් ලෙස ද කැස්ස හා පෙනහලු රෝග සමනයට අත්බෙහෙතක් ලෙස ද ආහාර රසවත් කිරීමෙහි භාවිත කුළුබඩුවක් ලෙස ද භාවිතයට ගෙන තිබේ. දුම් වැටියක් ලෙස පානයක් ලෙස මෙන්ම හපා රසවිදින ද්‍රව්‍යයක් ලෙසද, මෙය පැරැණි හෙළයා භාවිත කර ඇත.

ඕනෑම හොඳ දෙයක් නරකට ද භාවිත කළ හැකිය. එය සොබාදමේ රීතියයි. මිනිසා ඒ ක්‍රියාවෙහි උපන් හපන්කම් ඇත්තාහ. කායික හා මානසික උත්තේජන ද්‍රව්‍යයක් වන ඉතා අනඟි ඔසුවක් වන කංසා කිසි ලෙසකින් කායික ඇබ්බැහිවීමක් ඇති නොකරයි. මානසික ඇබ්බැහිවීමක් ඇති කළ ද මාත්‍රාව සමව පවත්වා ගනිමින් මනස සන්සුන් කර ගැනීම, නිද්‍රාවට පත් වීම, කායික දුබලතා මඟ හරවා ගැනීම, වේදනා සමනය ආදී සියල්ල යහපත් ලෙස පවත්වාගෙන යමින් මිනිසාගේ දිවි පැවැත්මට සහයක් ලබාදීමේ හැකියාව කංසා සතුය.

ආදි හෙළයාගේ මානසික කායික සෞඛ්‍ය මනා ලෙස පවත්වාගෙන යෑමට උපකාරී වූ කංසා පැලෑටිය ලංකාවේ තහනම් වූයේ දුම් සුරුට්ටුවට  විකල්පයක් ලෙස දුම් කොළ භාවිතයෙන් නිපැයූ සිකරැට් ආසියාතික රටවලට හඳුන්වා දීමත් සමඟය. ඉංග්‍රීසි යටත් විජිත සමයේ ගංජා හෙවත් කන්සා පැලෑටිය තහනමට ලක් වූයේ ඉංග්‍රීසින් විසින් හඳුන්වා දුන් දුම්කොළයට ඒ හා තරඟ කිරීමට නොහැකි වූ බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙරදිග රටවල පවත්නා සාම්ප්‍රදායික හා දේශීය වෙද්‍ය ක්‍රමයන්හි වැදගත්කම හඳුනා ගනිමින් ඒ ඒ රටවල ප්‍රජාව එම වෛද්‍ය ක්‍රම වෙත යොමු කළ යුතු බව ප්‍රකාශ කර තිබේ. ලෝකයේ බොහෝ රටවල ජනයා ආසියාතික ආයුර්වේද හා සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම වෙත යොමු වෙමින් පවතී. ඒ අතරිනුත් සිංහල දේශීය වෙදකම කෙරෙහි ඇති ඉල්ලුම ඉහළය. එහෙත් බටහිර ඖෂධ වෙළෙඳ ආධිපත්‍ය මගින් දේශීය හා පාරම්පරික චිකිත්සා ක්‍රම භාවිතයෙන් ජනයා ඈත් කිරීමට නොයෙක් උපක්‍රම යොදයි.

දේශීය වෙදකම උදෙසා ඇප කැපවෙමුයි කීවද අපට කංසා තහනම ඉවත් කිරීමට තව බොහෝ කල් ගතවනු ඇත. බොහෝ රටවල කංසා වානිජ වගාවක් සේ ව්‍යාප්ත කරමින් සිටි. සුද්දා පැනවූ තහනම බටහිර බොහොමයක් රටවල් ඉවත දැමුව ද අපි තවමත් සුද්දාගේ තහනමට යටත්ව සිටිමු.  

ලංකාවේ ප්‍රබලව ව්‍යාප්ත මත්ද්‍රව්‍ය හා දුම්කොළ භාවිතයට විකල්පයක් ලෙස මිනිස් සිරුරට අහිතකර නොවූ කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ආයුර්වේද පර්යේෂණ ආයතනය, ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනය හරහා මිනිස් සිරුරේ හා මනසේ උත්තේජනය සඳහා ප්‍රමිතියෙන් යුතුව ලබා දීමෙන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් විදේශ ගත වන මුදල් ද මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්තාපනය සඳහා වැය වන මුදල් ද ඉතිරිකර ගත හැකිවාක් මෙන්ම අවශ්‍ය නම් ඩොලර් ඉපයීමේ ක්‍රමවේදයක් දක්වා යෑමට ද හැකියාව තිබේ.

කංසා මිනිස් සිරුරට අහිතකර යැයි කී රටවල් වත්මනෙහි නවීන තාක්ෂණය හා මිනිසුන් යොදා පර්යේෂණ කරමින් කංසා මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇති නොකරන බව තහවුරු කර ඇත.

කංසා ඔසු මෙන් භාවිත කරන අතර, කඩදාසි නිෂ්පාදනයට මෙන්ම කෙඳි රෙදි හා ලණු නිෂ්පාදනය සඳහා ද භාවිත කර තිබේ. කංසා තෙල් බෙහෙත් පොහොර කිසිවක් නොමැතිව වගා කළ හැකිය. අවම කෘමි හානියක් ඇති වගාවක් වන කංසා පැලෑටියේ ගුණ වයමින් සිටිනවා වෙනුවට කංසා වගාව  ක්‍රමවත්ව නීතිගත කළ යුතුය. රජය මගින් ක්‍රමවත්ව අස්වැන්න  මිලදී ගනිමින් දේශීය ඖෂධ නිපදවා ඒවා විදේශ වෙළෙඳපොළ වෙත යොමු කරමින් අප ඩොලර් උපයා ගැනීමට කටයුතු කළ යුතුය. එය ඉතා පහසු කාර්යයක් වන්නේ සිංහල දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය හා ඖෂධ සඳහා ලොව දසතින් හොඳ ඉල්ලුමක් ඇති බැවිනි. ඒ සඳහා ආයුර්වේද ඖෂධ සංස්ථාව හා දේශීය හා ආයුර්වේද ඖෂධ නිපදවන පෞද්ගලික අංශයේ නිෂ්පාදන ආයතන කෙරෙහි අප අවධානය යොමු කළ යුතුය.  එය තවදුරටත් වර්ධනය කරමින් සංචාරක ව්‍යාපාරයට අනුබද්ධ කිරීමට ද දේශීය වෛද්‍යවරයා හරහා කළ හැකිය‍. ඒ වෙනුවෙන් ආයුර්වේද වෛද්‍යවරයා මෙන් දේශීය පාරම්පරික වෛද්‍යවරයා ද බල ගැන්විය යුතුවේ. ලෝක වෙළෙඳ පොළේ කංසා ඉල්ලුමෙන් කොටසක් වියළි හෝ අමු කංසා ලෙස ඖෂධ නිෂ්පාදනය සඳහා අලෙවියෙන් විදේශ විනිමය උපද්දවා ගැනීමට ද අවධානය යොමු කළ හැකිය.  

කංසා භාවිතයෙන් ප්‍රබල වේදනා නාෂකයන් නිපදවීමට ආයුර්වේද පර්යේෂණ ආයතනය හා වෛද්‍ය තාක්ෂණ ආයතනයන්හි අවධානය යොමු කරවමින් අයුර්වේද . . . .

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.