දේශීය අත් බෙහෙත්

ඔක්තෝබර් 9, 2020

විෂ (සර්ප ,කීට ආදි සතුන්ගේ )

පත්තෑ විෂට  

1.රබ්බඩ පුවක් ලෙලි යුෂ රැගෙන කහ හුණුත් සමඟ මිශ්‍ර කොට දෂ්ඨ මුඛයෙහි ගාන්න. 

2.බත් දංකුඩ හාල් පානු වතුරෙන් අඹරා ගාන්න 

3.තුත්තිරි මුල්, පොල් කටු අඟුරට දමා දෂ්ඨ මුඛයට දුම් දෙන්න. 

සර්ප විෂට (සාමාන්‍ය ප්‍රතිකාර) 

1.දෙහි දලු සම අමු ඉඟුරු දෙහි ඇඹුලින් අඹරා තිබ්බටු ගෙඩියක් පමණ දෙහි ඇඹුලට දියකර පොවන්න. 

2) හීන් උඳුපියලිය කොටා යුෂ කෝප්පයක් පමණ බීමට දෙන්න 

3) වෙනිවැල්ගැට, කොත්තමල්ලි තම්බා දෙවරක් පමණ රෝගියාට පොවන්න 

4) ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි ,සුදු ලූණු, අබ, සූදුරු යන මේවා ටික ටික ගෙන දෙහි ඇඹුලින් අඹරා මිරිකා පත 1 1/2 ක් පමණ බීමට දෙන්න. (අඬු කෝප්ප 1 1/2 ක් පමණ) 

සර්ප විෂට 

කරපිංචා ගසේ පොතු සහ කොළ දෙමිටක් පමණ කොටා යුෂ ගෙන කැඳ පිස ගිතෙල් සමඟ මිශ්‍ර කර බීමට දෙනු. 

ඊටම  

 දත් කැටියා ගසේ පොතු සහ මුල් ගෙන කොටා මිරිකා යුෂ ගෙන හීනටි සහලින් කැඳ පිස ගිතෙල් සමඟ මිශ්‍ර කර බීමට දෙනු. 

පොළොන් විෂට  

කටු අන්දර, රුක් අත්තන, රට එඬරු , මේ තුන් වර්ගයේ පොතු ගෙන කොටා මලවා බඳිනු. 

පත්තෑ විෂට  

හෙන්දිරික්කා අල දෙහි ඇඹුලෙන් අඹරා ගානු 

ඊටම  

කඩුපහර , බත් දන්කුඩ, දෙහි ඇඹුලෙන් අඹරා ගානු. 

ගෝනුසු විෂට 

1.පෙරුම්කායම්, මුරුංගා පොතු අඹරා ගානු 

2.ගස්ලබු කරටි, හුණු සමඟ අඹරා කෑ මුඛයේ තබනු. 

3.කුප්පමේනියා කොළ හුණු සමඟ අඹරා ගානු 

මී විෂට  

1.ගම්මිරිස් , ඉඟුරු, තිප්පිලි , අරළු, සහිඳ ලුණු සමව ගෙන උණුදියෙන් අඹරා ගානු 

2.දිවුල් අමු කොටා වණ්ඩුවෙන් තම්බා මිරිකා යුෂ ගෙන තල තෙල් දමා වරු තුනක් බොන්ට දෙනු. 

දෙබර විෂට

 1.කරඳ පොතු දෙහි ඇඹුලින් අඹරා ගානු. 

2.වදකහ, කීකිරිඳිය සමව ගෙන දෙහි ඇඹුලින් අඹරා ගානු 

මී මැසි විෂට  

 රණවරා දලු හෝ රන් නිටුල් දලු  හෝ අඹරා ගානු. බෙහෙත් ගෑමට පෙර මැසි තුඩ ඉවතට ගත යුතුය. 

නයි විෂට  

1.මළ මිරිස් වැලේ කොළ, රුක් අත්තන කොළ සහ පොතු, කහ ලුණු ලා කොටා මලවා බඳිනු 

බළල් විෂට  

කී කිරිඳිය කොළ හෝ මිදි කොළ යුෂින් පෙරුම්කායම් අඹරා ගානු. බීමට දෙනු. කුප්පමේනිය කොළ අඹරා බඳිනු 

රත් මකුළු විෂට  

ගොටුකොළ යුෂ හා ගිතෙල් පානය කරනු, එම යුෂ ඇඟ ගානු. 

සූනන් කෑ විෂට  

අරළු, බුලු, නෙල්ලි, සහිඳ ලුණු, නියන් දිඹුල්, නාඩි දියෙන් අඹරා ගානු 

වඳුරන් කෑ විෂට  

 වඳුරු මෑ ඇට එළඟිතෙලින් අඹරා ගානු. 

නාග විෂට  

වැල් රුක්, අත්තන මල්, මුල්, කොළ, පොතු, ගෙඩි මේවා එක පමණ ගෙන කහ ලුණු ලා කොටා මලවා බඳිනු. 

පොළොන් විෂට  

 පෙනෙළ කොළ, අඹරා ඇඟ ගැල්වීම ද වැල් කැප්පෙටියා කොළ කැඳ පිස දීම ද, බිම් පොල් අඹරා මලවා කෑ මුඛයේ බැඳීම ද ප්‍රත්‍යක්ෂ වේ. 

මාපිල් විෂට  

 දිමි බිජු, නර මුත්‍ර දෙවගය කොටා මිරිකා නස්‍ය කිරීමෙන් මාපිල් විෂ දුරු වේ. 

කට කළු විෂට  

මඟුල් කරඳ පොතු, නා පොතු යන මේ දෙවගය කොටා මිරිකා යුෂ ගෙන ලුණු ලා බීමට දීමෙන් ද එම මිරිකන ලද රොඬු ලුණු ලා මලවා කෑ මුඛයේ බැඳීමෙන් ද මේ විෂ දුරු වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.