බරවා ඇතුළු රෝග රැසකට ගුණ දෙන ඔසු ගුණයෙන් හා පෝෂණ ගුණයෙන් යුතු ගැටනෙටුල්

ඔක්තෝබර් 2, 2020

වසර දහස් ගණනකට පෙර සිට අපේ මුතුන් මිත්තන් ඇතුළු අතීත පරම්පරාවට මානසික සුවය ශාරීරික ශක්තිය මෙන්ම බුද්ධිය වඩවමින් මනා ක්‍රියාකාරි නිරෝගී පිරිසක් ලෙස ජීවිතය ගෙන යාමට දේශීය තුරුලතාවලින් ඉටු වූ මෙහෙට අතිමහත්ය.

රාවණා යුගයටත් පෙර සිටම ඉතා දියුණු දේශීය වෛද්‍ය ක්‍රමයක් මෙරට තිබූ බවට සාක්ෂි දැන් අනාවරණය වෙමින් පවතී.

එදා සිට අද දක්වා පැවත එන මෙම දේශීය වෛද්‍ය ක්‍රමයේදී යොදා ගනු ලැබූ ඖෂධීය ප්‍රතිකාර සඳහා ගනු ලැබූ තුරුලතා අතුරින් බොහොමයක් දැනට වඳවී යමින් පැවතුන ද තවත් බෙහෙත් ශාක ප්‍රමාණයක් ආරක්ෂාකාරීව පවතී.

මෙම ශාක අතුරින් ශ්ලීපද හෙවත් බරවා රෝගයට ප්‍රතිකාර සඳහා ගනු ලබන ඉතා වටිනා ඖෂධීය ශාකයක් ලෙස ‘ගැටනෙටුල්’ හැඳීන්විය හැකිය.

මෙය ඉතා ඈත අතීතයේ සිටම ඖෂධ යෝග සඳහා භාවිතා කර තිබෙන බව මූලික සාහිත්‍ය ග්‍රන්ථ පරිශීලනයෙන් පැහැදිලි වේ. සුශ්‍රැත සංහිතාවේ චිකිත්සා ස්ථානයේ ගැටනෙටුල් පිළිබඳව දක්වා ඇත.

ගැටනෙටුල් වැවෙන ප්‍රදේශ:

විදේශීය වශයෙන් :

මධ්‍යම හා දක්ෂිණ භාරතය, බෙංගාලය සහ අන්දමන් දූපත් ආදියේ වැවෙන ශාකයකි.

දේශීය වශයෙන් :

ශ්‍රී ලංකාවේ ද විවිධ ප්‍රදේශවල දැකිය හැකිය. හල්දුම්මුල්ල බත්ගොඩ ඔසු උයන, ගිරාඳුරු කෝට්ටේ ඔසු උයන, පල්ලේකැලේ ඔසු උයන ආදියේ ද මෙය දැකිය හැක.

විවිධ භාෂාවලින් ගැටනෙටුල් හඳුන්වන නාම :

පොදු සිංහල නාමය : ගැටනෙටුල් වන අතර

සංස්කෘත බසින් : ශාඛෝට, පිතඵල, භූතාවාස, කර්කශච්ඡද, ඛරච්ඡද , භූතාවෘක්‍ෂ, ක්‍ෂීරනාශ, ගාවාක්‍ෂි ඝනාවාස, භූර්ජපත්‍ර පීත ආදිය යෙදේ.

හින්දි බසින් : සිංහෝර රුසා සහෝරා ආදි නාමයන් යෙදෙන අතර

වංග බසින් : ශෙඕරා, ගාජ, යන නාම යෙදේ

දෙමළ බසින් : පිරසු , පාලපිරායි, පට්පිරායි යන නාමයන් යෙදේ

ඉංග්‍රීසි බසින්  Crooked Rough bosh නාමය යෙදේ

ගැටනෙටුල්වල උද්භිද විද්‍යාත්මක නාමය

streblus asper lour වන අතර

කුලය Urtricaceae හෙවත් නුග කුලය වෙයි.

මෙම කුලයට අයත් අනෙක් ශාක වනුයේ ගුරුන්ද, නුග කොටදිඹුලා, බෝ, අත්තික්කා, පුලිල, ජටාමාංස ඉවරල ආදියයි.

ගැටනෙටුල්වල ස්වරූපය :

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ සුලබව දැකිය හැකි මෙය කුඩා ගසක් හෝ පඳුරක් ආකාරයට වැඩෙන අතර මීටර් 10 ක් පමණ උසට පත් විය හැක. මෙහි කඳ අලු පැහැති වන අතර ගසෙහි ඇලෙන කිරි වැනි ද්‍රව්‍යයක් දරනු ලබයි. මෙහි පත්‍ර ඉලිප්සාකාර ලන්සාකාර හැඩයක් ගනු ලබන අතර දිගින් සෙ.මි. 2 - 10 දක්වා පළලින් 1  - 5 දක්වා ද පමණ ද විය හැකිය. මෙහි පත්‍රවල දාරය දැති සහිත වන අතර එහි පෘෂ්ඨය රළු ගතියක් දක්වයි. මෙම පත්‍ර ඇඟේ ගෑවුණු විට කසන ගතියෙන් යුක්ත වේ. තවද මෙහි පිරිමි සහ ගැහැනු මල් වෙන වෙනම ඇති වේ.

මෙහි හටගනු ලබන ගෙඩි මිලිමීටර් 6 - 2 දක්වා විශ්කම්භයකින් යුක්ත වේ. ගෙඩි තරමක් වටකුරු වන අර එහි යටි පැත්ත තරමක් අක්‍රමවත්ය. ගෙඩිවල මුදුනෙහි ගෙඩි කහ, තැඹිලි පැහැයක් ගනු ලබන අතර ගෙඩියක් තුළ තනි බීජයක් පවතියි. මෙහි ව්‍යාප්තිය බීජ සහ මුල් මගින් පහසුවෙන් සිදු වේ.

ගැටනෙටුල්වල ඖෂධීය අංග :

මෙහි මුල් පොතු සහ කොළ ඖෂධ යෝග සඳහා යොදා ගනියි.

මේ අතර ආහාරමය වශයෙන් ගැටනෙටුල් ගෙඩි යොදා ගනු ලබයි. එනම් ඉදුණු ගෙඩි පලතුරක් ලෙස ආහාරයට ගනු ලබන අතර ආහාරයට ගැනීමේදී බීජ ඉවත් කළ යුතුය. මෙම මදය තිත්ත රසයක් මිශ්‍ර ලා පැනි රසක් ගනු ලබයි.

ගැටනෙටුල්වල අඩංගු රසායනික 

සංඝටක :

ස්ඵටිකාකාර පදාර්ථ සහ අකාබනික අම්ල ආදිය මෙහි අන්තර්ගතය.

ගැටනෙටුල් වල ඖෂධීය මාත්‍රා :

මුලේ පොතු . අක්තිකා 6 - 24 දක්වා

යුෂ . කර්ෂ 1 - 2 දක්වා

ගැටනෙටුල්වල ඖෂධීය ගුණ කර්ම :

මෙය රසයෙන් තිත්ත වන අතර

ගුණයෙන් ලඝු හා රූක්ෂ වේ

වීර්‍යයෙන් උෂ්ණ වන අතර

විපාකයෙන් කටුක වේ

දෝෂ අනුව සැලකීමේදී :

මෙය උෂ්ණ වීර්ය නිසා සෙම්, වාත සමනය වන අතර සෙම් වාත රෝග සඳහා උපයෝගී වෙයි.

ව්‍යුහාගත ක්‍රියා :

බාහිර වශයෙන් :

තුවාල ආදිය සමනයට යොදයි.

අභ්‍යන්තර වශයෙන් :

ආහාර ජීර්ණ පද්ධතියේදී

දීපක, පාචන හා වා අනුලෝමන ගුණ යුතු අතර ගැටනෙටුල් පොතු කෂාය, අතීසාර, ප්‍රවාහිකා සහ අර්ශස් සඳහා යොදනු ලබයි.

රුධිර සංසරණ පද්ධතියේදී

ලේ පිරිසිදු කරන ගුණ යුතු අතර බරවා රෝගයට ගැටනෙටුල් පොතු කෂාය ගෝ මූත්‍ර සමග යොදයි.

ශ්වසන ව්‍යුහාවේදී

සෙම් නසන ගුණ යුතු අර සාමාන්‍ය සෙම් රෝග සදහා යොදයි

තවද මෙහි උණ නසන ගුණ ද පවතින නිසා ගැටනෙටුල් පොතු කෂාය උණ රෝගීන්ට ද හිතකර වේ.

එසේම උෂ්ණ ගුණ මෙහි ඇති නිසා දහඩිය ඇතිකරන බැවින් ගැටනෙටුල් පොතුවල කිරි අත් පා වල ඉරිතැලුම් ආදියට ආලේප කරයි.

මේ අතර . . . . .

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.