පෝෂණීය ඔසු පැළයක්

ගතට සුවය සිතට සතුට ලැබෙන සෞභාග්‍යා ගෙවත්තට
සැප්තැම්බර් 4, 2020

ගහ කොළ අවට පරිසරය සුවදායක කරන්නාක් මෙන්ම ගෙවතුවල ඖෂධීය ශාක වගා කිරීම නිසා එහි ඇති ඖෂධීය ගුණය වහනය වීමෙන් නිරෝගීතාවය වර්ධනය වේ. ඖෂධීය ශාක මෙන්ම පෝෂණීය ඔසු පැළ විවිධ රෝගාබාධ සමනයට ද හේතුවක් වේ. එමෙන්ම අනාදිමත් කාලයක සිට අපේ මුතුන්මිත්තන් ගොවිතැන් කටයුතු වගාව වගේම ගෙවතු වගාව ද සාර්ථකව කරගෙන ගියේය. 

 එළවළු, පලතුරු , පලා පමණක් නොව ඖෂධීය ශාක වර්ගද වගා කරමින් තම දූ දරුවන් ද එයට යොමු කර ගත්තේය. නමුත් වර්තමාන සමාජයේ තරුණ පරපුර වගාවෙන් ඈත්වෙමින් සිටියි. ගෙවතුවල ඉඩ ඇතත් නැතත් කිසිදු කෘෂිකාර්මික කටයුත්තකට සහායක් නොදක්වයි. වැඩිහිටියන් මෙන්ම දූ දරුවන් ද ඉඟුරු කෑල්ලේ සිට සෑම ආහාර ද්‍රව්‍යයක්ම වෙළඳ පොළෙන් ගැනීමට හුරු වී ඇත. මේ තත්ත්වය එතරම් සුවදායක නොවන නිසා රජය මඟින් සෞභාග්‍යා ගෙවත්තට ඔසු පැළයක් වැඩසටහන ආරම්භ කරන ලදී. එය මේවන විට රට පුරාම ක්‍රියාත්මක වෙමින් පවතී. ගෙවත්තේ එළවළු , පලතුරු, පලා වර්ග, ඖෂධ හා කුළුබඩු ආදී ශාක වර්ග වගා කිරීමෙන් වස විසෙන් තොර රස ගුණයෙන් පිරි පිරිසුදු ආරක්ෂාකාරී අලුත් එළවළු සහ පලතුරු පරිභෝජනයට ගැනීමට හැකිවීමෙන් රෝගාබාධවලින් වැළකී නිරෝගී සුවය අත්කරගත හැකිය. 

එළවළු භෝග වගා කිරීම 

නිවැසියන්ට දිනපතා අවශ්‍යවන පිරිසුදු අලුත් එළවළු වර්ග අප විසින් වගා කර ගැනීම ගෙවතු වගාවේ මූලික පරමාර්ථයයි. අපේ ආහාරයේ වැදගත් කොටසක් වන එළවළු, පලතුරු ආහාර වේල රසවත් කරනවා පමණක් නොව ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන විටමින් ඛනිජ ලවණ හා තන්තුද විශාල ප්‍රමාණයක් ලබා දෙයි. ගෙවත්තේ පැලකිරීම සඳහා වරකට අවශ්‍ය වන්නේ පැළ කීපයක් බැවින් පැළ තවානට ඉඩ නොමැති නම් පොලිතීන් මලු, මල්පෝච්චි සහල් උර ඉවත් කරන ලද භාජන ආදිය බීජ පැළ කිරීම සඳහා යොදාගත හැකිය. මේවායෙහි ජලය බැසයාමට අවශ්‍ය පරිදි සිදුරු ඇති කළ යුතුය. මෙම භාජනවලට හා උරවලට ගල් හා මුල් ඉවත් කරන ලද මතුපිට පස් සහ කාබනික පොහොර මිශ්‍ර කර බඳුන් පිරවිය යුතුය. ගොම හෝ වියළි කොම්පෝස්ට් පොහොරවලින් එය සමන්විතවීම සුදුසුය. ඒවා බීජ පැළ කිරීමට යොදාගත හැකිය. බීජ තැන්පත් කොට ඊට උඩින් සියුම් පස් දමා සෙන්ටිමීටර් එකක් හෝ දෙකක් ගැඹුරට වසා දමන්න. 

ගෙවතු වගාවේදී ඉදිරිපස ගෙවත්තට හා පසුපස ගෙවත්තට සුදුසු ශාක තෝරා ගැනීමෙන් ප්‍රශ්න නොනඟී. ඒ සඳහා ඖෂධීය ශාක (ර්ඥඤඪජඪදචතනතචදබඵ) ආහාරමය ශාක  (ව්භබපඪබඪධදචතනතචදබඵ) අලංකාරය සඳහා සිදුවන පැළඳ වේ. ඖෂධ ශාක කීපයක් රණවරා , ඉඟුරු, දෙළුම් , හාතවාරිය , අමුකහ, වදකහ, කතුරුමුරුංගා , ගොටුකොළ, නිවිති, මුකුණුවැන්න, සේර, ඉන් සමහරකි.ගෙවතු වගාවේදී සූදානම් කරගත් උර, භාජන, පෝච්චිවල හෝ සකස්කරගත් පාත්තිවල සිටුවිය හැකි බීජ වර්ග කීපයක් කරවිල, පතෝල, නිවිති, කැරට්, බණ්ඩක්කා , මෑ, බෝංචි, තම්පලා, වට්ටක්කා සිටුවිය හැකි භෝග එළවළු, කතුරුමුරුංගා, තක්කාලි, මාළු මිරිස්, සළාද, බීට්,ලීක්ස් ,වැටකොළු ඒ අතර වේ. දඬු කැබලි හෝ අතුරිකිලි මඟින් පැළවන එළවළු දඬු කැබලි මඤ්ඤොක්කා, කොහිල, බතල. තෙබු, නිවිති, සාරණ, කංකුං , මුකුණුවැන්න, ගොටුකොළ ආදිය ද වේ. ඖෂධයක් වශයෙනුත් එළවළු රසවත් කර ගැනීම සඳහාත් නිතරම නිවසක තිබිය යුතු ඖෂධයකි ඉඟුරු. 

ඉඟුරු

පසයට අල බහින බහුවාර්ගික භෝගයකි. ගෙවත්තේ ඉඩ ප්‍රමාණයක් නොමැති නම් සමහර කිලෝ දෙකේ හිස් බෑග් හෝ එවැනිම ප්‍රමාණයෙන් යුත් පෝච්චි හෝ වෙනත් භාජන හෝ ඉඟුරු වගාවට සුදුසුය. ගෙවත්තේ ඕනෑම ස්ථානයක පස බුරුල් කර කුණු රොඩු හෝ කොම්පොස්ට් පොහොර දමා සකස්කර ගත් අඩි තුනේ දෙකේ හෝ ඊට වැඩි ප්‍රමාණයේ පාත්තිවල ඉඟුරු, අල සිටුවා ගත හැකිය. උනන්දුවෙන් ඉඟුරු වගා කළහොත් ආර්ථික ලාභයක් ලබා ගත හැකි භෝගයකි. විශාල අස්වනු ප්‍රමාණයක් නෙළාගත හැකි බැවින් අමු ඉඟුරු හෝ වියළි ඉඟුරු වශයෙන් වෙළඳ පොළට යැවිය හැකිය. බීජ අල සිටුවන මොටෙයියා ඇඳෙන තුරු හොඳින් ජලය සැපයිය යුතුය. ඉන්පසුව මාස දෙකකට වරක් ගොම පොහොර හා කොම්පෝස්ට් පොහොර යෙදිය යුතුය. සාර්ථකව වගාවක් ලෙස ඉඟුරු වගාකරන්නේ නම් මාස අටක් දහයක් තුළදී අල බැසීම සිදුවේ. ඉන්පසු අස්වනු නෙළාගත හැකිය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.