හිස රුදාවට ඖෂධයක් ලෙස ගන්නා අබ

අගෝස්තු 7, 2020

අබ ආහාර රසවත් කර ගැනීමට ගන්නා කුළුබඩු විශේෂයක් මෙන්ම ඖෂධයකි. අබ තෙල් ආහාර පිසීමටද භාවිතා කරයි. මෙය වැඩියෙන්ම භාවිතා කරන්නේ දෙමළ ජාතිකයින් ය. මීට අමතරව හින්දු ජාතිකයින් ද බංගලදේශ ජාතිකයින් ද ප්‍රයෝජනයට ගනිති. 

අබ ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේ නිවර්තන ප්‍රදේශවල හොඳින් වැඩේ. ඉන්දියානු කාන්තාවන් රුව අලංකරණය සඳහා අබතෙල් අත්පාවල ගල්වති. මීටර් 1 ක් තරම් පොළොවට සිරස්ව වැඩේ. මෙළොක් පත්‍රවලින් පැළය සාර්ථකව වැඩේ. රාවණා රජතුමා කාලයටත් පෙර සිටම දේශීය ආයුර්වේද වෛද්‍යක්‍රමයක් මෙරට පැවති බව යුගයක සිට අබ ඖෂධ පැළය බෙහෙත් පැළ අතර විය. ගැමි ජනතාව අබ වර්ග කීපයක් එවකට වගාකර ඇති බව කියවේ. එනම් එළ අබ, කළු අබ, අතු අබ වේ. 

මේ අතුරින් එළ අබවලට ඉහළ ඉල්ලුමක් ලැබුණේ කුළුබඩු වර්ගයක් ලෙසටය. එළ අබවලට වැඩි ප්‍රමුඛතාවයක් හිමිවුණේ නිතර බෙහෙත් හේත් වලට ගත් නිසා ය. 

අබ ශාකයට ගැඹුරු මූල පද්ධතියක් නොමැත. කඳේ හැටියට පත්‍ර විශාලය. පත්‍රවල දාරය දැති සහිතය. වසරක් පමණ කාලයක් ජීවත් වේ. මාස හයක් ගත වූ පසු මල් හටගනී. මල් කහ පැහැතිය. මල් පරාගනය වී බීජ හටගනී. කුඩා කරල් තුළ බීජ හටගනී. කරල් මෝරපු විගසම බීජ නෙලා ගත යුතු වේ. නැත්නම් කරල පුපුරා බීජ විසිරේ. 

උද්භිද විද්‍යාත්මක නාමය - Brassica alba  ය. 

පොදු නාමය -    American mustard  වේ. 

කුලය -    Brassicaceae  ය.

මෙම ශාකය ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලිදේශය, පකිස්ථානය, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, චීනය, ඇතුළු ආසියාවේ නිවර්තන ප්‍රදේශවල හොඳින් වැවේ. මීට අමතරව ඕස්ට්‍රේලියාව වගාවම පෙළඹී ඇත. මෙය අප රටෙට්ට් වගා කරන්නේ වියළි කලාපයේ හේන් තුළය. අනුරාධපුරය, කැකිරාව, දඹුල්ල, ත්‍රිකුණාමලය, මැදවච්චිය, හම්බන්තොට, වව්විනාව, මන්නාරම, ප්‍රදේශවලින් වගාවන් හමුවේ. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඔසු, උයන්වලදී අබ පාත්ති දැක බලා ගත හැකි ය. 

පිත හා කළු දෝශ ඇතිවවන රෝගවලට ප්‍රතිකාර සඳහා යොදා ගනී. හෙළ වෙදකමේ අතබෙහෙත්වලට අබ යොදා ගන්නා අවස්ථා එමටය. ඉතා පැරණිම ඖෂධයකි. හිස රුදාවට, හිසේ බරගතියට, සෙම්ප්‍රතිශ්‍යාවට, අබ ඇට ඇල්දියෙන් අඹරා (අහුරක්)  පැලැස්තරය නළලේ මත යෙදීමෙන් සුව වේ. කන් කැක්කුමට, දදවලට, වාත රක්ත රෝගවලට අබ යෙදූ ප්‍රතිකාර ක්‍රම ගණනාවක් ඇත. 

දළු ලෙස කඩාගත් අඹ කොළ මැල්ලුමක් ලෙස සාදා ගන්නා ලද පොල් ටිකක් එකතුකර, අමු මිරිස්, රතුලූනු එකතුකර පිළියෙල කර ගනී. 

අබ ඇට කබලේ බැද ආහාරය රසවත් කරනු ලැබේ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.