පුරුෂ ශක්තිය වඩන ලිංගික දුබලතා නසන වැල්පෙනෙල

ජූලි 31, 2020

තමන්ගේ නිරෝගීභාවය ගැන සිතන බොහෝ දෙනකු උදයේ කොළකැඳ කෝප්පයක් හෝ කොළකැඳ වීදුරුවක් පානය කිරීමට බෙහෙවින් උනන්දුවක් දක්වති. මේ නිසා බොහෝ ස්ථානවල ඔසු කැඳ හා ඔසු පැන් අලෙවි ස්ථාන පිහිටුවා ඇත. අවිවේකීභාවය නිසා තම ගෙදර දොරේ කොළකැඳ සාදා ගැනීමට පවතින අපහසුතාවය නිසාම මෙසේ කොළකැඳ අලෙවිසැල්වලින් ඔසු කැඳ බීමට පුරුදුව සිටිති. ඔසුකැඳ අතර වඩාත්ම බීමට කැමැත්තක් දක්වනු ලබන්නේ පෙනෙල කැඳ, සුදුලූනු කැඳ , කරපිංචා කැඳ, කුරක්කන් කැඳ ආදී කැඳවලටයි. වැල්පෙනෙල යන නම ඇසූ පමණින් එහි ඇති ඖෂධීය ගුණය ගැන බෙහෙවින්ම මතකයට නැගේ. ශක්තිය හා ධාතු වර්ධනය කරගැනීම සඳහා එය බෙහෙවින්ම උපකාරිවේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදීද වැල්පෙනෙලවලට ලැබෙන්නේ, ප්‍රමුඛස්ථානයකි. ඉතා ගුණදායක ඔසුවක් වන වැල්පෙනෙල ඖෂධ රැසකටම යොදාගනු ලබන්නේ එහි ඇති ඖෂධීය ගුණය ඉමහත්වන බැවිනි. 

සංස්කෘතික බසින් නම් රැසකින්ම හඳුන්වාදී ඇති වැල්පෙනෙල මයුරවිදල, ඡ්‍යොතිෂ්මතී, කෝෂවල්ලී, ලතාවෙනිල ශ්‍යාමා , කාලමේසිකා , මසුරවිදල යන  නම් ද වේ. ඉංගී‍්‍රසි බසින් ඕතචධධද එඪදඥ  හා  එඪදබඥප ජඩඥපපර යනුවෙන් නම් කර ඇති වැල්පෙනෙලවලට දෙමළ බසින් මොඩ්ඩකොටාන්, සෝලියන්,සුගට්ටන් ආදී නම් ද යොදා ඇත. හින්දි බසින් වැල්පෙනෙලවලට කියා ඇත්තේ චාන්බ්‍රට් කියාය. රසායනිකයන්වලින් පිරිපුන් ඖෂධයක් වන පෙනෙලවල ප්‍රධාන වශයෙන් වාජීකරණ ගුණයක් පවතී. පුරුෂ ශක්තිය වර්ධනය කරන ලිංගික දුබලතා දුරුලන මහඟු ඖෂධයක් වන වැල්පෙනෙල ධාතු වර්ධනය කරනු ලබන අතර ස්නායු දුබලතාද මඟහරවයි. ඖෂධයක් වශයෙන් වැලපෙනෙලවලින් සාදාගනු ලබන කැඳ බීමෙන් පුරුෂ ශක්තිය ධාතු වර්ධනය හා ස්නායු දුබලතාවලට ගුණවත් වේ. 

උගුරේ වේදනාවට උගුර තුළ එන ගෙඩිවලට හා උගුරෙන් දැනෙන සියලු ලෙඩවලට දෙනු ලබන කණ්ඩමාල ගුලියට පෙනෙලගෙඩි , පල්ලමානික්කන් , පුස්කර , වැල්මී ,වසාවාසී කොත්තමල්ලි, ඉඟුරු, හරන්කහ, සීනක්කාර,තිප්පිලි, සාදික්කා, කටුකරෝසන, නවෙඩිලුණු , මිරිස්, අමුක්කරා, සුදුලූනු, සවිඳලුණු, පෙරුම්කායන්, කරාබු, වලගසාල්, ඔක්කාරං ,පස්කුළුබඩු, වැලිතිබ්බටු මුල්, මෙම ඖෂධ එකපමණට ගෙන කිරා සමවලා, හිඟුරුපට යුෂින්ද දොඩම් ඉස්මෙන්ද බටුකර යුෂින්ද දෙමට කිරෙන්ද කුකුරුමුවන් යුෂින්ද අඹරා මුං ඇට පමණට ගුලිකර සෙවෙණේ වේලාගත යුතුය. දොඩම් ඇඹුලින්ද දෙහි ඇඹුලින්ද තුහිච්ච බටු යුෂින්ද , කුකුරුමුවන්ගෙඩි  යුෂයෙන්ද තල තෙලින් හා කොසඹ තෙලින්ද අනුපාන දැන දෙනු. ඔඩුවනවලට මෙම ඖෂධ අඹරා ගෑමෙන් සුවවේ. වැල්පෙනෙල කොළ නාපිරිත්ත කොළ, සියඹලා දලු , රණවරා දලු ද ඩකිරිය වෙම්බඩංගා කොළ, රත්මල් , හීරැස්ස කරඳකොළ දෙබටමල්, කුප්පමේනියා කොළ, සියලු තුවාලවලටද සියලු ගඩුවලටද ගුණවන ගඩුතෙල දෙමටගෙඩි ඉස්මපතයි. වැල්පෙනෙල කොළ ඉස්ම පතයි කරඳපොතු ඉස්ම පතයි, තලතෙල් දෙපතයි. මේ කී ඖෂධ ඉස්ම ලිප තබා තලතෙල් එක්කොට සරක්කුවට දෙදුරු සුදුලූණු අසමොදගන්, පල්ලමානික්කම් සවිඳව ලුනු චූර්ණකර තෙලට දමා සිඳ තුවාලවලට ලනු .තුවාල ගඩු සුවවේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.