අධික කොලෙස්ටරෝල් වලට ගුණ දෙන කුඹුක්

ජූලි 24, 2020

කුඹුක් ගහක් යට ඇති ළිඳ දියනෑමට ගුණය. මෙය පැරණි කාන්තාවන්ගේ මුවින් පිට වූ වචනයකි. ශ්‍රී අතීතයේ කාන්තාවන් කුඹුක් ගහක් යට ළිඳක් ඇත්නම් ඒ ළිඳ වෙත යන්නේ අමුතු සිසිලක් බලාපොරොත්තුවෙනි. 

නියං සමයකදී වුවත් ඉතාමත් සිසිල්ය. කුඹුක් හෙවත් අර්ජුන ලෙස නම් දරා සිටින මෙම ගස් දේශීය වෛද්‍යවරු ඉතා අගේ කරති. මෙම ගසේ මුල් කැපූ විට වෑස්සෙන ශ්‍රාවය , ශක්තිමත් කිරීමේ බලයක් කුඹුක් මුලේ ඇත. කුඹුක් ගසක් අසල පිහිටි ළිංවල ජලය අමුතුම සිසිලසින් යුක්ත වන බව පැරණි ගැමි ජනයා කියති. සංස්කෘත භාෂාවෙන් අර්ජුන ලෙස ව්‍යවහාර කෙරේ. දෙමළ භාෂාවෙන් ‘බෙලමි’ ලෙසින් හැඳින්වේ. 

යෝධ කුඹුක් ගස මීටර් 30 ක් පමණ උසට වැඩේ. ශක්තිමත් කඳක් ඇත. හොඳින් පැතිරුණු වියනක් සහිතයි. පහළ අතු පහළට කඩා වැටෙන ස්වභාවයකින් යුක්තව ඇත. පොත්ත සිනිඳුය. අළු පැහැතියි. අතු අග මල් පිපෙයි. මෙහි හටගන්නා ද්වි ලිංගික මල් අපේ‍්‍රල් සිට මැයි මස අග දක්වා දැකිය හැකිය. කුඩා මල් කහ පැහැයට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. මල් පරාගනය වී ඵල මත පිහාටුවලට සමාන වූ කොටස් කීපයක් දැකිය හැකිය. මෙය පොළොව මත වැටී ශාකවල බෝවීම දක්නට පුළුවන. මෙම ගසේ පොතුද ලියලයි. පහත රට වියළි ප්‍රදේශවල ඇළ, දොළ දිය ශීරාව ඇති තැන්වල, ගං ඉවුරු දෙපස සරුවට වැවේ. කුඹුක් ගස වැඩීමේදී, ඖෂධීය ගුණාංගයත් පරිසරයම හැඩවීමත් නිවැරදිව බලා ගැනීමට ඔබට හැකිවනු ඇත. 

උද්භිද නාමය –Terminalia arjuna

පොදු නාම – අර්ජුන, වීරරුක්ෂ, කුබි, ධවැල, 

කුලය – Combretaceae

 

ඖෂධ ගුණ 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.