රසයෙන් හා ඔසු ගුණයෙන් සපිරි මුරුංගා

ජූලි 3, 2020

මුරුංගා කරල රසවත් එළවළුවක් ලෙස කා අතරත් ජනපි‍්‍රය වූවකි. එහෙත් මුරුංගා කොළවල ඇති අගය දන්නේ සුළු පිරිසකි. විටමින් ඒ.බී. කැරොටින්, කැල්සියම් ,පොස්පරස්, විටමින් සී සහ මධ්‍යම ප්‍රමාණයෙන් යකඩ එහි බහුලව අඩංගු වී ඇත. 

නවතම පරීක්ෂණ වලට අනුව පිළිකා, හදවත් රෝග සහ බෝවන රෝගවලින් වැලකීමටත් මෙය ඉතා අගනා ප්‍රතිශක්තිකරණමය දිව ඔසුවකි. මුරුංගා කොළවල කැල්සියම් හා පොස්පරස් වැඩි ප්‍රමාණයක් සහ ඔක්සලේට් අඩුවෙන් අඩංගු වීම නිසා එහි ඇති කැල්සියම් හා පොස්පරස් පහසුවෙන් සිරුරට අවශෝෂණය වීම සිදු කෙරෙයි. එසේම මුරුංගා කොළවල අඩංගු යකඩ, එසේම එහි ඇති විටමින් සී නිසා හොඳින් උරා ගැනීමත් සිදු කෙරෙයි. 

මුරුංගා කොළවල පෝෂණ සංයුතිය ගැන අවධානය යොමු කළොත් මුරුංගා කොළ ග්‍රෑම් 01 ක බී කැරොටින් මි.ග්‍රෑම් 192 ක් ද, විටමින් සී මි.ග්‍රෑ. 6.6 ක්ද,යකඩ මි.ග්‍රෑ. 0.26 ක්ද, කැල්සියම් මි. ග්‍රෑ. 22.4 ක් ද, පොස්පරස් මි.ග්‍රෑ. 6.2 ක්ද, අඩංගු වෙයි. 

ඒ අනුව වයස අවු. 1 -2 දරුවකු සඳහා බී කැරොටින් මි.ග්‍රෑ. 2400 ක්ද, විටමින් සී මි.ග්‍රෑ. 30 ක්ද, යකඩ මි.ග්‍රෑ. 09 ක් ද, කැල්සියම් මි.ග්‍රෑ. 500 ක් ද, පොස්පරස් මි.ග්‍රෑ. 800 ක්ද අවශ්‍ය වේ. තවද මුරුංගා කොළ ග්‍රෑම් 15 කින් (වියළා කුඩුකරගත් මුරුංගා කොළ තේහැඳි 1 1/2ක්) අවු. 1-2 දරුවකුගේ දිනක අවශ්‍යතාවයෙන් ප්‍රතිශතයක් ලෙස ගනු ලැබුවහොත් කැරොටින් 120 % කි. විටමින් සී 330% ක්ද, යකඩ 8.7 ක්ද, කැල්සියම් 13.4% ක්ද වශයෙනි. පොස්පරස් 2.4% කි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.