තරබාරුකම හෘද රෝග හා අධිරුධිර පීඩනය පාලනය කෙරෙන කරපිංචා

ජුනි 12, 2020

වෑංජන රසවත් කිරීමට හා සුවඳවත් කිරීමට යොදාගන්නා වටිනා ඖෂධයක් බව බොහෝදෙනකු නොදන්නවා විය හැකිය. හෘදයාබාධ හට ගැනීමට අවශ්‍යවන කොලෙස්ටරෝල් අඩු කිරීමට කරපිංචාවලට හැකියාවක් ඇත. මේ නිසා කරපිංචා ඉස්ම යෙදූ කැඳ බීමට බොහෝ දෙනකු පුරුදුව සිටිති. එමෙන්ම කරපිංචා දලු සම්බෝලය වශයෙන් හා කරපිංචා කොළ මැල්ලුම් කෑමටත් වැඩි කැමැත්තක් දක්වති. විශේෂයෙන් විෂ ශරීර ගතවූ අයට කරපිංචා කැඳ හා කරපිංචා මැල්ලුම් කෑමට වෛද්‍යවරු නිර්දේශ කරති.

ලේවල පවතින විෂ නැසීමටත් සර්ප දෂ්ටනයේදී විෂ මර්ධනයටත් කරපිංචා ක්ෂණිකව යොදා ගනිති. කරපිංචාවල කොළ ,පොතු, මල්, මුල් ආදී සෑම කොටසක්ම ඖෂධ වේ. කරපිංචා රසයෙන් කටුක තිත්ත සහ කසාය රස වන අතර ගුණයෙන් ලඝු ස්නිග්ධ සහ තීක්ෂණ වෙයි.

කරපිංචා කොළ කැඳ බීමෙන් ශරීරයට ශක්තිමත්භාවයක් ඇති කෙරේ. සෙම් පිත් සමනය කොට බඩගින්න ඇති කෙරේ. අක්මාවටද යහපත් වේ. අධික තරබාරුවෙන් පීඩා විදින අයට කරපිංචා කැඳ හා කරපිංචා කොළ මැල්ලුම මෙන්ම කොළ සම්බෝලයද ගුණදායකය. රෝගාබාධ රැසකටම ගුණදෙන කරපිංචා ලෙහෙසියටත් , පහසුවටත් සකස්කරගත හැකි ඖෂධයකි. කරපිංචා දලු ටිකක්ගෙන සෝදා කපා සුදුළූනු බික් කීපයක් ගොරක කෑල්ලක්, ගම්මිරිස් ඇට කීපයක් සමඟ අඹරා දෙහි ඇඹුල් ටිකක් දමා කළවම් කර බත් සමඟ කෑමෙන් ශරීර සෞඛ්‍යයට මෙන්ම රෝගාබාධවලින්ද ආරක්ෂා විය හැකිය. සිංහලෙන් කරපිංචා යනුවෙන් හඳුන්වා ඇති කරපිංචා කරපුංචා, කරබේබිය හා කළු කොහොඹ යනුවෙන්ද සඳහන් වන අතර දෙමළෙන් කරුච පිල්ලෙයි කටුව පිල්ලෙයි කියාද ඉංගී‍්‍රසියෙන් කරලීෆ්ට්‍රි (ඛ්භපපර ඹ්ඥචටබපඥඥ) යනුවෙන්ද හඳුන්වා ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.