රෝගාබාධ රැසකට ගුණදෙන අගනා ඔසුව අන්දර

පෙබරවාරි 14, 2020

අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතරින් ඉතා අධික පැළෑටි ප්‍රමාණයක් විවිධ රෝග සඳහා ප්‍රයෝග කරනු ලබන බව හොඳින් දන්නා නමුත් තවත් සමහර පැළෑටි පිළිබඳව සහ ඒවායේ ඖෂධීය වටිනාකම පිළිබඳව නිසි අවබෝධයක් බොහෝ දෙනාට නොමැත.

මෙවන් වූ පැළෑටි අතුරින් ඖෂධීය වශයෙන් ප්‍රයෝජන රාශියක් ලබාදෙන පැළෑටියන් වශයෙන් අන්දර හැඳින්විය හැකියි. අප අවට බොහෝ සෙයින් දක්නට ලැබෙන මෙම ශාකය රෝගාබාධ රාශියකට ගුණදෙන ඖෂධීය ප්‍රයෝගයන් රැසක් සඳහා දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද යොදා ගනු ලබන බව පැරණී ආයුර්වේද ග්‍රන්ථ පරිශීලනයෙන් සනාථ කර ගත හැකි ය.

මුත්‍රාබාධ, යෝනි රෝග ආදී රෝගයන් සඳහා ඖෂධ ප්‍රයෝගයක් රාශියක් අන්දර ගසේ ඖෂධාංග යොදා සංස්කරණය කරනු ලබන බව දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බොහෝ සෙයින් දක්නට ලැබෙන ‘අන්දර’ ශාකය වැඩි දෙනෙක් ඉතා හොඳින් දන්නා ශාකයක් ලෙස හැඳින්විය හැකි ය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී ගත්කළ මූලික සංහිතා ග්‍රන්ථවලද ‘අන්දර’ පිළිබඳව දක්වා තිබීමෙන් මෙම ශාකයේ ඇති වටිනාකම පිළිබඳව වටහා ගත හැකි ය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී ගත්කළ මූලික සංහිතා ග්‍රන්ථවලද ‘අන්දර’ අයත්වන අතර

අෂ්ටාංග හෘදය සංහිතාවේ සූත්‍ර ස්ථානයේ සහ චිකිත්සා ස්ථානයේ ද අන්දර පිළිබඳව දක්වා ඇත.

මෙයින් පැහැදිලි වනුයේ ඉතා ඈත අතීතයේ සිටම ‘අන්දර’ ඖෂධ සඳහා යොදාගත් බවයි.

අන්දර වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන් - උතුරු කර්කටකය දකුණු දඹදිව මධ්‍ය ප්‍රදේශය, වයඹ දිග භාරතය, ඩැකෑන්, රාජ් පූට්කා, මලයාදීප, උතුරු ඕස්ට්‍රේලියාව ආදී ප්‍රදේශවල වැවේ.

දේශීය වශයෙන් - ශ්‍රී ලංකාවේ උතුර, බටහිර, මුහුදුබඩ, නිර්ජල ප්‍රදේශවල වියළි ශුෂ්ක ප්‍රදේශවලද දක්නට ලැබේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.