බුද්ධිය වඩන අනගි ඔසුව ලුණුවිල

ජනවාරි 17, 2020

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේද ගනු ලබන අගනා වටිනා ඔසුවක් වශයෙන් ලුණුවිල හැඳීන්විය හැකිය. බුද්ධිය වඩන ධාරණ ශක්තිය ඇති කරන කටහඬ මිහිරි කරන ගුණවලින් පිරිපුන් ඉතා ශ්‍රේෂ්ඨ ඔසුවක් ලෙස මෙය හැඳීන්විය හැක.

විශේෂයෙන් ළමුන්ගේ මතක ශක්තිය වැඩීමට බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගනු ලබන ලුණුවිල ඖෂධ රාශියකට යොදනු ලබයි. ලුණුවිල වල ඇති මේධ්‍ය ගුණය නිසා මතක ශක්තිය වර්ධනය කිරීමේ හැකියාව ඇතැයි යන විශ්වාසය අතීතයේ සිටම ජනතාව අතර පැවතුණු අතර මෑතකදී කරන ලද පර්යේෂණ වලින් එය සනාථ කර ගෙන ඇත. එනම් ලුණුවිල ශාකයේ රසායනික සංඝටක මොළයේ ඒ ඒ කොටස් වල ක්‍රියාකාරී වන ආකාරය පිළිබඳව පැහැදිලි විවරණයක් ඉදිරිපත් කිරීමටද නවීන විද්‍යාඥයන් සමත් වී ඇත. කපන ලද බැබිල අත්තක ස්වරූපය ඇති නිසා ලුන බලා යන්න ලුණුවිල වන්නට ඇතැයි සමහර විද්වතුන්ගේ මතය වී ඇත. ලුන ශබ්දය ලෝණ හෙවත් ලුණු යන අර්ථයට නොගැනෙයි. එසේම ලුණු විල වල ලුණු රසයක් නොමැති නිසා එබඳු අරුතක් ඒ සඳහා නොගැලපෙයි. මේ අතර බ්‍රාහ්මි යන නාමය සංස්කෘත බසින් ලුනුවිල සඳහා යෙදෙන අතර එම නාමය ගොටුකොළ සහ මුකුණුවැන්න සඳහා ද යෙදෙයි. මේ නිසා ඖෂධ යෝග සඳහා බ්‍රාහ්මි යෙදෙන විට යොදනු ලබන රෝගයන් අනුව යෙදිය යුත්තේ ලුණුවිල ද ගොටුකොළ ද මුකුණුවැන්න ද යන්න තීරණය කරනු ලබයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.